විමල්ගේ නීතීඥයා පාපෝච්චාරණය කරයි… විමල් කළ වැරදි ලැයිස්තුවක් හෙළිකරයි…

January 29, 2017 at 10:13 pm | lanka C news
විමල්ගේ නීතීඥයා පාපෝච්චාරණය කරයි… විමල් කළ වැරදි ලැයිස්තුවක් හෙළිකරයි…

බොහෝ කලක සිට මාගේ සේවාදායකයකු වශයෙන් නීතිමය කටයුතුවලදී සහය ලබාගන්නා විමල් වීරවංශ නමැති පුද්ගලයා පිලිබදව කරනු ලබන මෙම හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම මගේ ස්වාධීන අදහස් නියෝජනය කරනු ලබන බවත් ඒ සදහා මා වෙත කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් ඇති නොවූ බවත් පළමුව සටහන් කරමි. ඉහත කී විමල් වීරවංශ නමැති පුද්ගලයා විසින් සිදුකරන ලද බවට මා විසින් නිරීක්ෂණය කරන ලද ක්‍රියාවන්ගෙන් කිහිපයක් පමණක් පළමු අවස්ථාවේදී මෙසේ අනාවරණය කරමි.

එක්තරා කාලයකදී සතියට එක බැගින් බෝම්බ පිපිරුණු රටේ කලින් සොයා ගැනීම නිසා නොපිපිරුණු බෝම්බ ගණන – පිපිරුනු බෝම්බ ගණනට වඩා වැඩිවුනේ රටේම ජනතාව ආරක්ෂ අංශ සමග එක්ව අවදියෙන් සෝදිසියෙන් කටයුතු කළ හෙයිනි. රටම බුද්ධි අංශයක් ලෙස කටයුතු කළ යුතුය යන මේ සංකල්පය මානෙල්මල් ව්‍යාපාරය හරහා ඉදිරිපත් කළේ විමල් වීරවංශ වන අතර මේ නිසා සුරැකුණු මිනිස් ජීවිත සහ පොදු දේපලවල වටිනාකම තක්සේරු කළ නොහැක. එල්ටීටීඊ ඉලක්ක සහ බුද්ධි අංශ අසාර්ථක වීමට ඉවහල් වූ මේ සංකල්පය ඉදිරිපත් කිරීමෙන් විමල් වීරවංශ පොදු දේපලට එරෙහිව කර ඇති බරපතල වරදක් අනාවරණය වේ.

විමල් වීරවංශ තමාගේ කලින් පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිකරගත් මත ගැටුමේ එක් තීරණාත්මක කරුණක් වූයේ කොළඹ ලොජ්වල සිටි දෙමළ ජනතාව ආරක්ෂක හේතූන් මත කොළඹින් පිටකිරීමට ගත් තීරණයට සහයෝගය දැක්වීමයි. එල්ටීටීඊ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය අඩපන කිරීමට හේතු වූ මේ සහයෝගය දැක්වීම හරහා විමල් වීරවංශ කර ඇති වරද ද සුළුකොට තැකිය නොහැක.

පළාත් සභා ඇතිකර දහතුන්වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය හරහා නීති විරෝධීව එක්කර තිබූ උතුරු නැගෙනහිර යළි වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා විමල් වීරවංශ ය. ඒ මගින් ව්‍යවස්ථාව හරහා වෙනම රාජ්‍යයක් ලබාගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් එල්ටීටීඊයට අහිමිව ගිය අතර ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් දිගටම පෙනී සිටිමින් සිදු කරන ලද මේ වරද නැවත සකස්කළ නොහැකි තත්වයට පත්ව ඇත.

අන්තර්ජාතික ප්‍ර‍ජාවගෙන් සහ රාජ්‍යයන්ගෙන් මුදල් සෘජුව ලබාගෙන වෙනම රාජ්‍යයක මූලික ලක්ෂණ ස්ථාපිත කරගැනීමට එල්ටීටීඊයට තිබූ අවස්ථාව අහිමි කරමින් සුනාමි සහන මණ්ඩලය(P-TOMS)ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා ද අන් කිසිවෙකුත් නොව විමල් වීරවංශ ය. ජනතා විමුක්ති පෙරමුණට තමන් දරමින් සිටි ඇමතිකම් පවා අතහැරීමට මේ වරද නිසා සිදුවිය.

2002.02.22 දින රටේ 2වන පුරවැසියා වන අගමැති රනිල් වික්‍ර‍මසිංහ සහ ප්‍ර‍භාකරන් විසින් දෙපලක සිට අත්සන් කළ සටන් විරාම ගිවිසුමට එරෙහිව තවත් සගයන් පිරිවරාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා ද විමල් වීරවංශ ය. පසුව ඒ ගිවිසුම රජය විසින් ම අහෝසි කරන තුරු අදාල අධිකරණ ක්‍රියාමාර්ග නොකඩවා කරගෙනයාමට තරම් දඩබ්බර වූ විමල් වීරවංශගේ මෙම නඩුව නිසා – බදු එකතුකිරීමේ ක්‍ර‍මවේදයක් සහිත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවක්, මුද්දර නිකුත් කරන තැපැල් සේවාවක්, පොලිස් දෙපාර්තමේන්තුවක්, බැංකු පද්ධතියක්, අභ්‍යන්තර පරිපාලන ව්‍යුහයක්, නඩු අසා දඩුවම් දෙන අධිකරණ පද්ධතියක්, බන්ධනාගාර ව්‍යුහයක් ආදිය සහිතව සකස් කරගෙන තිබූ වෙනම රාජ්‍යයක ව්‍යූහය නීත්‍යානුකූලව ස්ථාපිත කරගැනීමට එල්ටීටීඊයට තිබූ අවස්ථාව අහිමි විය. එපමණක් නොව උතුරේ දෙමළ ජනතාවට “ප්‍ර‍භාකරන් යටතේ තරු පහේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය බුක්ති විදීමට තිබූ අවස්ථාව“ අහිමි කිරීමට ද විමල් වීරවංශ විසින් සිදු කළ මේ වරද හේතු විය.

හමුදා කදවුරක් කදවුරක් ගානේ ගොස් දේශන පවත්වමින් සෙබළුන්ගේ චිත්ත ධෙර්යය වඩාලන්නට ද විමල් වීරවංශ කටයුතු කළේය. මේ ගමන්වලදී ඒ ඒ කදවුරුවලින් ජල බෝතලයේ සිට දිවා රාත්‍රී ආහාර වේල් දක්වා වූ රජයේ දේපල තම භාවිතයට ගත් ඔහු සටන් විරාම ගිවිසුමෙන් අඩපණව සිටි හමුදාව යළි පිබිදවීමට දායක විය. එල්ටීටීඊය පරාජය කිරීමේදී තීරණාත්මක වූ මේ වරද පිළිබදව අදටත් හමුදා සෙබලුන් සිහි කරන අතර හමුදා සෙබලුන්ගේ මේ දේශමාමක මානසිකත්වය “ සංහිදියාව“ ඇති කිරීමේදී සහ හමුදා කදවුරු ඉවත් කිරීමේදී අදටත් රජය අපහසුතාවය පත් කරන්නක් වී තිබේ.

එල්ටීටීඊ විරෝධී සටනට සෙබලුන් අවශ්‍ය වුවත් හමුදාවට බැදෙන ප්‍ර‍මාණය සීග්‍රයෙන් පහත බැස තිබූ යුගයක රටපුරා ගොස් කරුණු පැහැදිලි කරදී ජාතිමාමක තරුණයන්ගෙන් හමුදාව පුරවන්නට විමල් වීරවංශ දායක විය. අවුරුද්දකට දෙතුන් සියයක් වූ හමුදාවට බැදෙන ප්‍ර‍මාණය අවුරුද්දකට පහලොස් දහස දක්වා වැඩිවීමට විමල් වීරවංශගේ මේ දායකත්වය උදව් වූ අතර ඔහු විසින් කරන ලද මේ වරද හේතුවෙන් ඇතිවූ හමුදා සෙබල සංඛ්‍යාවේ වර්ධනය එල්ටීටීඊය පරාජය කිරීමේදී ප්‍ර‍බල සාධකයක් විය.

එල්ටීටීඊ විරෝධී සටනේ උච්චතම අවස්ථාවකදී එනම් 2007දී අයවැය පරාජය කර රජය අස්ථාවර කිරීමටත් එමගින් එල්ටීටීඊයට එරෙහි සටන ආපසු හැරවීමටත් පාර්ලිමේන්තුව තුළ තිබූ උත්සාහය පරාජය කිරීමට ද විමල් වීරවංශ පියවර ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39කගේ නායකයා ලෙස කටයුතු කළ ඔහු අවසන් මොහොතේ දී ඒ උත්සාහය පරාජය කිරීම හේතුවෙන් යුද්ධය අතරමග නතර කර අද දක්වාත් පවත්වාගෙනයාමට තිබූ ස්වර්ණමය අවස්ථාව රටට අහිමි කළේය.

විමල් වීරවංශ යනු තනි පුද්ගලයෙකු නොවේ. ඔහු නිතරතුරුවම කණ්ඩායමක්, බලවේගයක් සහ ව්‍යාපාරයක් නියෝජනය කරන අතර ඒ කණ්ඩායමට, බලවේගයට හා ව්‍යාපාරයට නායකත්වය දීමට කටයුතු කරන්නෙකි. එනිසාම ඉහත කී වැරදි සදහා විමල් වීරවංශට තනිව දඩුවම් කිරීමෙන් පලක් නොවන අතර ඔහුගේ කණ්ඩායමේ, බලවේගයේ සහ ව්‍යාපාරයේ සියළුදෙනාටම එරෙහිව දඩුවම් කිරීමෙන් පමණක් ඔහු නිහඩ කළ හැකි වනු ඇත.

තවද විමල් වීරවංශ විසින් සිදුකරන ලද ඉහත දක්වන ලද ආකාරයේ තවත් වැරදි පිළිබදව ඔබ දන්නා තොරතුරු ද ප්‍ර‍සිද්ධ කිරීමට පියවර ගන්නා මෙන් මෙයින් ඉල්ලා සිටින අතර ඉදිරියේදී විමල් වීරවංශට එරෙහිව වඩාත් පරිපූර්ණ චෝදනා පත්‍ර‍යක් සකස් කිරීමට ඒ තොරතුරු උපකාරී කරගත් හැකි බවද සදහන් කරනු කැමැත්තෙමි.

– නීතීඥ කපිල ගමගේ

96,394 Viewers

31 Comments to “විමල්ගේ නීතීඥයා පාපෝච්චාරණය කරයි… විමල් කළ වැරදි ලැයිස්තුවක් හෙළිකරයි…”

  1. ඇත්ත says:

    ඇයි 2012 දී අගවිනිසුරැ ශිරානි බණ්ඩාරනායක දූෂණවලට සමිබන්ධ වී සිටීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ එහි පාර්ලිමේන්තු තේරැම් කාරක සභාවෙත් විමල් හිටියනේ….සුමන්තිරන් නීලනක්දන් ඇතුළු NGO නඩයක් ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටිද්දී නීතීඥ සංගමය අධිකරණය වැජ වර්ජනය කරවද්දී විමල් එඩිතරව ශිරාණිව අයින්කරන තීන්දුව ගත්තා. පාර්ලිමේන්තුවේ ශිරාණි අයින්කිරීමට අදාල දෝෂාභීයෝග පරීක්ෂණය යන අස්සේ අගවිනිසුරැ බලතල යොදාගෙන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න හරහා සියලු විනිසුරන් කොළඹ ගෙනහල්ලා විමල් ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණය ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන වැඩමුළු පවත්වලත් තියෙනවා..දැන් ඉතින් විමල් ඔබගේ ප්‍රජා අයිතිය පවා මේ දූශිතයින් අහිමිකරනවාට සැක නැත..සත්‍ය කවදා කොහොම එළි වේද කිව නොහැක..අපි උපේක්ෂාවෙන් ධෛර්්‍යෙයන් බලා සිටිමු…

    • නුවන් says:

      එක්සත් ජාතීන්ගේ වද හිංසනයන් සම්බන්ධ අලුත්ම වාර්තාවේ සඳහන් යන ආකාරයට ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් අපරාධ නඩු සම්බන්ධ නිවැරැදි මනසිකින් ක්‍රියාත්මක වනවා වෙනුවට හෝ එවැනි චෝදනා පිලිබඳව නිසි ඇගයීමට ලක් නොකර පොලිසිය විසින් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම් කරගෙන තම තීන්දුව ලබාදීමට කටයුතු කරන බව වාර්තා කර ඇත. එනම් ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් පොලීසියේ රබර් මුද්‍රාවක් වී ඇති අකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයද මේ වන විට පිළිගෙන ඇත.
      ශිරාණි බණ්ඩාරනායකගේ දේශනා ඇසූ විනිසුරැවරැන්ගේ ක්‍රියාවන් නිසා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත්වී ඇත. එදා සරත් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් උද්ඝෝෂණ කළ සුමන්තිරන්…වැලිඅමුණ…සාලිය පීරිස් ඇතුළු NGO නඩය අධීකරණය මළාගෙයක් කළේය. අධිකරණයේ කළු කොඩි එසෙව්වේ ය. නමුත් අද….සැබැවින්ම නීතිය මළගෙයක් කරන විට අධිකරණයේ කලු කොඩියක් උස්සන්න එකෙක් නැත…අනේ කාලේ වනේ වාසේ…..

      • ගමයා says:

        බයියන් සහ ටොයියන් අතර වෙනස නිසා තමයි ඒ…ටොයියන්ට පුළුවන් අධිකරණ ගිනි තියන්න වුණත්.ජනාති විමුක්ති පෙරමුණ යොදාගෙන අධිකරණවලට ගිනිතිබ්බෙත් ටොයියො තමයි..බයියන් යනු දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ගොඩයොනෙ…ටොයියො එහෙම නෙමෙයි…තමුන්ට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගන්න විනිසුරැවරැ මාරැකරන්නතු පුළුවන් කටිට්යනේ…බයියනේ උඹලත් ටොයියන් වෙයන්ලා…නැත්නම් බයියෙක් හොයා ගන්න බැරිවෙයි.

    • මයුර says:

      එදා රෝහණ විජේවීර හිරේ දැම්මෙත් පොදු දේපළ විනාශ කළා කියල නේද?….ජනතා විමුක්ති පෙරමුණට හිරිකිත නැද්ද මේ යහපාලන නඩයත් එක්ක ලගින්න….

  2. Champa says:

    C’mon LCN Editor and Kapila, the near-heart-attack this Title gave me converted to a heart-bursting-pride of Wimal.

    I actually wanted to say I am so proud of “My Wimal”. “My” is not a legal term. It is a powerful term for a Patriot. He is mine. He is ours. He is yours. Wimal belongs with us. He belongs to me. He belongs to you. He belongs to the country. Wimal is a National Treasure. He is an iconic leader.

    We should give a fight to get our “Fighter” released from Prison. Let’s get to the streets and demand Wimal’s release, folks. NFF? What are we waiting for? Rain?

    • somapala says:

      Has your hero (maithreepalaya) sacked Raviya as you expected Champa

      • Ajith says:

        Somapala, Sira will never do that. He only makes media circuses!

        • dura says:

          මේ යහපාලනයේ පළිගැනීමට හසුවන කණ්ඩායමේ ප්‍රධාන කුලක දෙකක සාමාජිකයින් සිටි….
          2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී අවසන් කළ යුද්ධයට නායකත්වය දීම
          2012 පැවති හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට නායකත්මය දීම
          http://www.sinhala.lnwtoday.com/archives/15052

          • kjarsha says:

            For the sake of not deviding the country ROBBING FROM THE COUNTRY IS GOO MR. Lawyer.
            What A gons talk. Good for Mahinda Hora Booruwa.

      • Champa says:

        Somapala

        He, your-hero-also-to-be will do it eventually. Give him time. You didn’t ask this question for two years. Why can’t you wait a little longer?

    • Champa says:

      “නිල් මැණිකට” මිලක් දෙන්න
      තිරුවානා අතර ඉන්න
      ලක් මෑණිට සම කරන්න
      “ඔබ” හා සම නමක් දෙන්න

      ඉතිහාසය පුරා ඇසුණ
      “රණහඬ” අදටත් ඇහෙන්න
      රටේ පිනට ඔබ උපන්න
      හේතුව මගෙ රට රකින්න

      රට වෙනුවෙන් දිවිය දෙන්න
      සිර ගතවී දුක් විඳින්න
      මහ මෙර මෙන් නොසැලි ඉන්න
      වීර හදට පෙම් කරන්න

      ජාතියටම පණක් දුන්න
      ඔබ නැති රට කුමක් වැන්න
      කෑලි කැඩී බිඳුණු රටක්
      නොවුනෙ ඔබට පින් ලැබෙන්න

      තර්ජනයක් රටට එන්න
      ගිය හැම විට පෙරට එන්න
      ඔබ රටටම නායකයෙක්
      ඔටුනු නැතත් රට හදන්න

      හඬ තැලුවත් හිවල් ගොන්න
      පණ තිබුනේ නෑ කරන්න
      ඔබ පසුකර රණවිරුවන්
      දංගෙඩියට අරන් යන්න

      යුධ සමයේ ඔබ කළ දෑ
      දැන ගත්තා මා නොදන්න
      ඔබ ගැන ඔබ කිසි දවසක
      කතා නොකලෙ ඇයි කියන්න

      උතුර නැගෙනහිර වෙන්කර
      රට වෙනුවෙන් නඩු කිව්වලු
      කී දහසක් දැන සිටියද
      ඉතිහාසය මම නොදන්න

      යුතුකම් ගැන නොහිතන හැටි
      සිංහලයන් බලා ඉන්න
      සිරගතවී දුක් විඳිනා
      ඔහු නොපෙනෙද මට කියන්න

      සිංහ කොඩිය රැක ගන්නට
      ඔහු කල මෙහෙවර හිතන්න
      මොහොතක් නිහඬව සිට ඔබෙ
      හද ගැස්මට සවන් දෙන්න

      නිවට රැලට ඔහු පෙලන්න
      නැති වරදට සිර කරන්න
      මුළු රටක්ම කොඳු පණ නැති
      ඉඩ දුන්නට ලැජ්ජ වෙන්න!

      ලක් මෑණිට පණ හා සම
      ජාතියටම පණක් දුන්න
      හුස්ම වැටෙන සිංහලයෙනි
      ඔහු වෙනුවෙන් පෙරට එන්න!!!

  3. podi hamuduruwo says:

    මේක පත්තරේ පල කරන්න බැරිද

  4. Nandikadaal anna says:

    ඕවත් වැඩද? මටත් තරු 6 ගන්න ඕනේ.ප්‍රභාකරන් ගෙන් තරු ගත්ත යහපාලන නාම්බන් රජ කරන ලංකාවේ මේවා වැලිකඩ නවත්වන බරපතල වැරදි. මුළු පාර්ලිමේන්තුවම අවභාවිතා කරල සුද්දොය් පද්දෝයි පර්නහාකරන්ට පස්ස අල්ලන් හිටිය වෙලාවේ රට බේරා ගත්තට ය දේහ ද්‍රෝහියෝ වෙන එක අරුමයක් නොවෙයි. හේ අනිද්දට විග්නේස්වාරන් මහේන්ද්‍රන්ගේ මාමා සිංහලයෝ කාපියව් කිව්වම චදෙන් පත් උන මන්තිරි පක්කුන්ටයි උන්ගේ ඇමබට්ටයන්ටයි ආප්ප කන්න වෙලාවක් නැති වේවි. සම ලින්ගිකයෝ ආප්ප ගහලා කෙසෙල් කොටවද්දී “හිංගල මෝඩයා ආප්ප කන්න සුරය කියල අපිත්” පෙළපාලි එන්නම්. නොදකින් මුන්ගේ අසුචි පිරුණු ඔලු ගෙඩි හේන් ගහල පිපිරේවා කියලා පලි ගහනවා අපි. මේ වෙලාවට තමා නරකත් හොඳයි කියලා කියන්න වෙන්නේ.

  5. jayamal says:

    විමල් වීරවංශ වීරයාට ජනතා හද පත්ලෙන් නැඟෙන ආදරය සහ ප්‍රණාමය සදහටම හිමි වේ. මව්බිම සුරකිමින් අප වෙනුවෙන් නැඟෙන රණහඬ කවර කලෙකවත් කිසිම කෙනෙකුට නිහඬ කල නොහැක. යමපල්ලන්ගේ බාධක පරදා ඔබ වඩ වඩාත් සවිමත්ව දිරිමත්ව නැගිටින බව හොඳටම විශ්වාසයි. ඔබට ජයෙන් ජයපතමි.

  6. WELL SAID CHAMPA 1000% AS ALWAYS…… agree with your above comment 1000%….Wimal Weerwansa our deshapremi patriotic LEADER always with you 24×7….jaya wewaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. openmind says:

    what about the 12 demands he offered to the prez and challenging to quit the govt. if he could not implement them. after all he took back his steps for the sake of the country…(or for his personal benefits ) ????????

  8. Gamhewa says:

    He is a top leader and even better than Pidel Krashtho.He will be writtened as the greatest rebel leader we ever had.Rohana Wijeweera is nothing compared to Wimal.He stood for people and one policy from the start of his political career.
    These allegations are all false, they want to stop our leader going forward that will never ever happen.

  9. Aba says:

    After SWRD,Sirimavo. Mahinda R., we reckon yo, you, WIMAL WEERAWANSA as the greatest political leader that we are lucky to have. Heart awakening and logically facts submitting best speaker we have at the moment in Srilanka!

  10. Notthischange says:

    Patta. eka ekata mada gagaha inne nathiwa yahapaalana kukkoth me wage deshapalanayak igenagaththoth ratata hodak wei…

  11. ss says:

    බලං ගියහම රටේ වෙන එකෙක්වත් මොනවත්ම කරලා නෑනේ. මේකා තමයි සියලු දේ කරලා තියෙන්නේ.

    • Champa says:

      නෑ තමයි. අනිත් හැමෝටම අද වීරයෝ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ හැම තීරණාත්මක අවස්ථාවකම , හැම අභියෝගාත්මක අවස්ථාවකම වීමල් ඉදිරියට ඇවිල්ල රට බේරාගත්ත නිසා. කවුරුවත් කරනකම් බලා නොසිට විමල් තමන්ගේ යුතුකම් ඉෂ්ඨ කල නිසා.

  12. Christopher says:

    Issalemma kiyanna “Nadayanta wahana deela awababvithakalada nedda kiyala”?

  13. charitha says:

    A simple question to this lawyer. If a solider who fought against LTTE robbed your house, will you let him to take your valuables because he saved this country?

    • Champa says:

      Charitha

      I will answer on behalf of him.

      A ‘brave’ soldier who fought against LTTE, will never stoop to the level of a robber to rob a house!!!

      Therefore, your question doesn’t arise.

      You owe an apology to our soldiers who fought against LTTE with life, you …..ing idiot.

  14. Janaka says:

    You are absolutely correct my dear. Hero will never turn into a thief. And a thief will never ever become a hero

  15. kuweni says:

    I am extremely proud that i voted him…

  16. Sampath says:

    Vimal viravansha mathiduni oba sinhayeki. Sinha hama poravagena ena deshadrohi amanaynta obage edithara shakthiyata kisidaka balapam kala nohaka. Janathavage bahuthara aashirvadaya obata homovanu atha . obat jaya saha mage aachaaraya . we proud about u

  17. Sumane says:

    Monawa Kiwwat Wimala Oya Eliye Hitiya Athi……

    • Valli Amma says:

      You sound like you repent for your own comment!

      Wimal has done many great things to this country. Although people don’t come forward and appreciate what he did all the time, he is someone who lives in everybody’s hearts. He is someone who lives among them. He is a rare political icon, a patriot who belongs with people.

Main News