විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..

November 6, 2018 at 3:50 pm | lanka C news
විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..

නව ඇමති මණ්ඩාලය ඇමති ධුරයක් බාර නොගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා තීරණය කර ඇත.

ඒ වෙනුවට එම පක්‍ෂය විසින් කැබිනට් ඇමති ධුරයක් සදහා නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතායි.

කෙසේ වෙතත් ජයන්ත සමරවීර මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා දීම මේ වන විට ගැටළු කාරී තත්වයක පවතින අතර ඔහුට යෝජනා වී ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.

වීරවංශ මහතා ඇමති ධුරයක් බාර ගන්නේ නම් ඔහුට කැබිනට් ඇමති ධුරයක්ද වෙනත් අයෙකු එම පක්‍ෂයෙන් නම් කරන්නේ නම් කැබිනට් නොවන ඇමති ධුරයක්ද ලබා දීමට දැනට යෝජනා වී ඇත.

මේ සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණ එකගතාවක් මෙතෙක් පල කර නැති අතර තව දුරටත් සාකච්චා පැවැත්වෙමින් තිබේ.

40,621 Viewers

18 Comments to “විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..”

  1. roshan says:

    inside kachal

  2. ශාන්ත බණ්ඩාර says:

    විමල් විරවංශ සහෝදරයා වැඩේ තේරුම් අරන් ගානට අල්ලගෙන යන්න – දෙපැත්තම ශේප් කරගන්න – මේ උගුලේ හිර වෙලා අමාරුවේ වැටෙන්න එපා! – මරා-සිරා ජුන්ටාව ගොඩ යන්නේ නැ! (අපි ඔබට එකතු උනේ මුන්ට ඉස්සරවෙලා)

    • ගන්ජ බන්ඩා says:

      උඹ ලොල්ලෙක් නේද?

    • ranil says:

      හරියට හරි. විමල්ල ගම්මන්පිලලා දන්නව එයාල කරනදේ. මේ බාරකාර ආන්ඩුවට මෙයාල යන එක දක්‍ෂ මිනිසුන් දෙදෙනෙක් අපතේ හැරීමක්. එනිසා එයාල පිටින් හිටපුවාවෙ.

  3. Donald Isuru Wilegoda says:

    Wimal always puts the country before self

  4. ජනක says:

    විමල් කැබිනට්ටුවේ සිටීම ඉතාම වැදගත් බව අපේ එනම් පොහොට්ටුවට චන්දය දෙන ජනතාවගේ හැඟීමයි .එදා මහින්ද තනිවූ විට සිටියේ විමල් හා ගම්මන්පිලයි ඔවුන් දෙදෙනාම හෝ කෙනෙක් කැබිනට්ටුවේ සිටීම ඉතාම වැදගත් .

  5. Nalaka says:

    ආන්න ඒක වැරදියි නේද?

  6. Silkroad says:

    oya labbawal ekkawata ganna epa .
    Chanden passe ona magulak

  7. Samuvel says:

    විමල්, මේ වෙලාවේ ඔබේ තීරනය හරි. කලුතර “තිස්සේ” උන් අපි සාදාරනය වෙනුවෙන් මොනතරම් කැපවීම් කර ඇතිද.

  8. “දේශයේ පංචායුධය ” විමල් සහ උදය විරුවන්ට උචිත නිළයකින් අභිසෙස් කරනු දැකීම ලාංකීය පොදු ජන පැතුමයි.

  9. aniwa says:

    ayyo salli sir ! just get the money and get it done, we are with you.

  10. මහා කළු සිංහලයා says:

    විමල් මේ වෙලේ ඇමැතිධුරයක් නොගෙන සිදුකරන කැපකිරීම පිළිබද ඔහුට ජන්දය ලබාදුන් ජනතාව වශයෙන් අපි බෙහෙවිත් සතුටු වන්නෙමු, මේ කෙටි කාලින ආණ්ඩුව විසුරුවා මහා මැතිවරණයකට යාමෙන් පසු විමල් කොළඹින් අංක එක කරන්නට අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.

  11. Saman Pathberiya says:

    Taken a ministry or portfolio by Nation Freedom Front is important.
    Why is that people expectation are high ,ongoing development seek more projects created also important national economy development. NFF must join that task.

  12. Gayantha says:

    දැම්ම ගන්න එපා. සිරා කියන්නේ එක එක වෙලාවට එක එක කතා කියන ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්. ටික කාලයක් ඉදලා බලලා ගන්න.

  13. මේ අර මට නෙවෙයි මේ උන්නාන්සෙට බෙදන්න තියරියනෙ. අනික දැනට පිලිගැනීමක් නැති ඔය අමාත්‍යමණ්ඩලයෙ අගමැති උනත් වැඩක් තියෙද?

  14. gona says:

    API DANNAWA BASIL WIMALTA DENNA KEMATHI NEE KIYALA, NAMUTH SIRAGE UWAMANAWATA DUNNA

Main News