විමල් තුන්සිය හැටේ.. තම දෙදරුවන් ගැන දිවුරයි.. යහපාලන දෙවසර පණ පිටින් හම ගහයි..

December 27, 2016 at 9:34 pm | lanka C news
විමල් තුන්සිය හැටේ.. තම දෙදරුවන් ගැන දිවුරයි.. යහපාලන දෙවසර පණ පිටින් හම ගහයි..

දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේ මෙවර ප‍්‍රශ්න කෙරුණේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශයන්ගෙනි.

දිගු කලකට පසු රූපවාහිනී සාකච්චාවකදි පැමිනි ඔහු දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්චාවේදී යහපාලන දෙවසරක කාලය තුල රට ගමන් කල ඇති අන්තය ගැන මනා විග‍්‍රහයක් සරල සුගම බසින් සිදු කලේය.

තම නිවසේ තරුණයෙකු මිය යාම, තමනට එල්ල වී ඇති චෝදනා ගැන දීර්ඝ ලෙස ඔහු එහිදී පැහැදිලි කලේය.

ආණ්ඩුව සමග හෝ ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් සමග සම්බන්ධයක් නැතැයි තම දරු දෙදෙනා ගැන දිවරුමින් ඔහු කියා සිටියේ දෙමවුපියන් ගැන දිවුරුමෙන් පලක් නැත්තේ ඔවුන් දැන් මිය ගොස් ඇති නිසා බවයි.

සම්පුර්ණ විඩියෝව මෙතනින්

54,720 Viewers

11 Comments to “විමල් තුන්සිය හැටේ.. තම දෙදරුවන් ගැන දිවුරයි.. යහපාලන දෙවසර පණ පිටින් හම ගහයි..”

  1. JON Bass says:

    Me pethi danvima danna waththala Man ayya ne?

  2. SALMAL says:

    You are a great Patriotic Sinhalese leader ……Hon. Wimal We Slaute you Sir….
    Thank you for protecting our .Sinhalese Motherland .
    A patriot must always be ready to defend his country against his government.

  3. Gotaimbara says:

    Mr. Weerawansa, you are a great patriot. That is why Batalanda is chasing you. Theruwan Saranai. Jayawewa!

  4. එඩ්මන් දනතිස්ස says:

    බොහොම තර්කානුකූල කරුනු ඉදිරිපත් කිරීමක්.
    මවුබිමට අදරැති සියල්ලන් විසින් නරඹා තේරුම්
    ගතයුතු කාලෝචිත සාකච්චාවක්!

  5. යුක්තිය says:

    මේ මනුස්සය කවද හරි රනිල වෙනුවට හරි සිරා වෙනුවට හරි ඉන්න ඕන ඒ පට්ටම් වල… සුපිරි චරිතෙ….මොකක් උනත් හැම දේටම වඩා රට ජාතියට ගොඩක් ලැදි බව පේනවා…

  6. Champa says:

    Wimal was seen in a programme like this after a long time. A great patriot he is, listening to his meaningful logical points is pleasurable.

    One cannot disagree with many of his points about the Yahapalanaya Government. The wastage and corruption are at their hightest. Starting from the PM, each and every Minister is involved in shady deals.

    I think Wimal should thank Sankha for taking up the matter involving the death of a youth at his house.

    That gave Wimal an opportunity to talk about it at length. I am sure although Wimal is tough enough to take any slandering against him, the smear campaign carried out by his political opponents against his wife and children would have been very painful to him. Therefore his courage to talk about it in an open manner to defend his wife and children is commendable.

    I highly appreciate of him talking about Magampura Port.

    His “comparison” of President Sirisena’s role to that of Monerawila Keppitipola brought a smile to me. I feel like cracking a joke about it, but, as Wimal is a serious character, I am not sure how he would take it.

    I wish I could send my comment in Sinhala. But as my comment is already late, I have to send this first. May be I will write more later.

    • Vigrawansha says:

      He can swear on kids hik hik because he knows he’s not the father of kids too

    • Champa says:

      විමල්, ගිය අවුරුද්දේ පෙබරවාරි 18 ඔබ පටන් ගත්ත සටන ඒ විදියටම කරගෙන යන්න ඉඩ ලැබුනා නම්, අද මේ රටේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක්.

      එහෙනම් රටේ සම්පත් සියල්ල රැකෙනවා, ජනතාව දුක් විඳින්නෙත් නැහැ, ඔබ ආණ්ඩුවේ මර්දනයට අහුවෙලා දුක් විඳින්නෙත් නැහැ, මමත් එහෙනම් මම හිටපු මගේ ගොළුබෙලි කටුව ඇතුලට ආයේ ගිහින් මගේ වැඩක් බලාගෙන.

      ඔබ ෆිඩෙල් කස්ත්‍රෝ ගැන කියපු දෙයක් මගේ මතකයේ තිබුනා. මම ඒක ඊයේ හෙව්වා cut and paste කරලා දාන්න, මට හරියටම මතක නැහැ කොහෙද කියලා. සමහරවිට මම දැක්කේ infolanka වලද කියලා මට මතක නැහැ.

      ඔබ කිව්වේ මේ වගේ අදහසක්. “සටනකින් තොර ජයග්‍රහණයක් ගැන, එහෙම නැත්නම් ඔබට යමක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය සටනකින් විතරයි” කියල වගේ අදහසක්. ඔබ සංඛගේ ප්‍රශ්නෙකට දීපු උත්තරේ නියම අර්ථය ඔබේ මේ අදහස කියල මට ලියන්න ඕනේ වුනා. හැබැයි ඔබේ වචන මට ඒ විදියටම හරියට මතක නැති නිසා ලිව්වේ නැහැ.

      ඔබ කිව්වා ෆෙඩරල් ව්‍යවස්ථාවට සහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව මහජන උද්ඝෝෂණයක් ජනවාරි මාසේ සූදානම් කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂයත් එක්ක. හැමදාම වගේ ඔබට මගේ උපරිම සහයෝගය දෙනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

      විමල්, ආයේ කවදාවත් දරුවෝ ගැන කියලා දිවුරන්න එපා හොඳද. මම දන්නවා ඔබට ඕනේ වුනේ ඔබ කියපු දේ convince කරන්න කියලා. ඒ වැරදි අවබෝධයෙන් ඔබේ දේශපාලන ජීවිතයට කැලලක් ඇති වෙනවට ඔබ කැමති නැති නිසා කියලා. ඒත් ආයේ කවදාවත් එහෙම කරන්න එපා හොඳද. ඔබ කියන දේ විශ්වාස කරනවා නම් කරන්න කියන්න, නැත්නම් නිකම් ඉන්න කියන්න. පැහැදිලි කරගන්න කියලා සංඛ අහපු සමහර ප්‍රශ්න ගැන මට එක තැනකදී දෙකකදී පුදුමත් හිතුනා. ඒත් ඔබ කවුද කියලා මුළු ලංකාවම දන්නවා.

  7. sarath says:

    Some people at very young age get “Price Metal Angina) very rear heart condition. This child could have got this and died. It gets one in Millions.

  8. our LION VOICE Hon Wimal Weereawansa always with you to save our motherland in the New Year with JO ………jaya wewaaaaaaa!!!!!!!!!!!!!!!!!

Main News