විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ..

November 21, 2017 at 9:42 pm | lanka C news
විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බවද වාර්තා වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවයි. ස්ථිර ලේකම්වරයෙකු පත් කර ගන්නා තෙක් වැඩ බලන ලේකම්වරයා ලෙස නීතීඥ කපිල ගමගේ මහතා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

මේ අතර ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් සටහනක් තබා ඇත්තේ අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත්ය.

28,919 Viewers

7 Comments to “විමල් වීරවංශගේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඉල්ලා අස්වේ..”

  1. madusanka says:

    pani waraketath hena gahuwa neda

  2. Open mind says:

    අස්වීමට හේතුව ම්ම්ම්………ම්ම්ම්…..පංකාදුයි…

  3. sandra says:

    Before everything Wimal who is the henchman of MR & Co should be chased out from the party to keep the recognition in par with UNP? SLFP? JVP.

  4. ලේඛම් අස්විම,පියසිරි ගේ තර්ජනය සහ ඉදිරියට එන සියලු දේ.. අරමුනු කිපයක් සදහා පෙර සුදානමකි.
    1.විමල් තනිකිරිම මගින් රජයට විරුද්ද ප්‍රධාන කථිකයා නිහඩ කිරිම්
    2.ආන්ඩුක්‍රම ව්‍යව්ස්ථාව ට විරුද්ද බලවේග නිහඩ කිරිම.
    3.එලැබෙන පලාත් පාල්න චන්ද යෙන් ශ්‍රි.ල.නි.ප.ය ශක්තිමත් කිරිම, පොහොට්ටුව දුර්වල් කිරිම ම්ගින් යු.ඇන්.පි. යට ජයග්‍රහනය ලබාගැනිම.

  5. Sisiraanu says:

    Whoever comes and goes it is unshakable, party is nothing, it is WW

    • Supun says:

      You’re absolutely correct.
      We haven’t even heard of Piyasiri and Priyanjith before they got out from Wimal’s party for monetary benefits.

  6. ශ්‍රියාලතා says:

    මේකෙන් විමල්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා, අවස්ථාවාදීන්
    ඉවත්කර නියම දේශප්‍රේමීන් එකතුකර ගන්න.

Main News