විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති කෝටි හතේ විහිළුකාරී චෝදනා මෙන්න..

December 3, 2017 at 12:00 pm | lanka C news
විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති කෝටි හතේ විහිළුකාරී චෝදනා මෙන්න..

රටටත්, ජනතාවටත් එරෙහි මේ ආණ්ඩුව දිගටම තබා ගන්නවා ද, නැද්ද?’ යන පැනයට පිළිතුරු ලබා ගන්නා ජනමත විචාරණයක් ලෙස සලකා අසීරුවෙන් දිනාගත් පළාත් පාලන මැතිවරණයට මුහුණදිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

එහි ප‍්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පසුගිය 02 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ස`දහන් කලේය.

‘මේ පළාත් පාලන ඡන්දය ඉතා අසීරුවෙන් ලබා ගත්තු ඡුන්දයක්. මේ පළාත් පාලන ඡුන්දය තවත් එක් පළාත් පාලන ඡුන්දයක් ලෙස පමණක් අපි සලකන්නේ නැහැ. එය අප සලකන්නේ අද රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව සිය මතය පළ කරනු ලබන ජනමත විචාරනයක් ලෙසයි. මේක ජනමත විචාරණයක් නම් එහිදී ජනතාව ඉදිරියේ තබනා ප‍්‍රශ්න මාලාවක් තිබිය යුතුයි. පළමු ප‍්‍රශ්නය තමයි, ‘රට කැබලි කරන ව්‍යවථාවක් ගෙන ඒමේ මෙහෙයුමට ඔබ එක`ගද? නැද්ද?’ යන්න. දෙවනි ප‍්‍රශ්නය තමයි ‘එට්කා ගිවිසුමට හරහා මේ රට ඉන්දියානු කොලනියක් බවට පත් කිරීමේ මෙහෙයුමට එක`ගද නැද්ද?’ යන්න. තුන්වන ප‍්‍රශ්නය තමයි ‘රටේ සම්පත් කුණු කොල්ලයට විකුණලා හදන තුප්පහි ආර්ථිකයකට එක`ගද, නැද්ද?’ යන්න. ඊළ`ග ප‍්‍රශ්නේ තමයි ‘බැ`දුම්කර හොරකමට අහුවෙලා ඉන්න රට හොරු ටිකට ද`ඩුවම් කළ යුතුද, නැද්ද?’ කියන එක. එවැනි ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබාගන්නා ජනමත විචාරණයක් බවට මෙම පළාත් පාලන මැතිවරණය පත් කර ගත යුතුයි. ‘කොටින්ම රටට එරෙහි මේ තත්වය දිගටම පවත්වාගෙන යාමට ඉඩ දෙනවාද, නැද්ද?’ යන මූලික ප‍්‍රශ්නයට පිළිතුරු විමසා බලන ජනමත විචාරණයක් බවට මෙම පළාත් පාලන මැතිවරණය පෙරළා ගත යුතුයි.

‘ආණ්ඩුවට ඉන්න ලොකුම කරදරකාරයා’

රටටත් ජනතාවටත් එරෙහි ආණ්ඩුවේ ඉහත කි‍්‍රයාමාර්ග හෙළිදරව් කරන, ඒවාට විරුද්ධව සටන් වදින ගාමක බලවේගයක් වන ජාතික නිදහස් පෙරමුණටත්, විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ එහි නායකයන්ටත් එරෙහිව දැන් දැවැන්ත අවලාද ව්‍යාපාරයක් ආරම්භකර තිබෙනවා. පහර දෙන ආකාරයෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවට ඉන්න ‘ලොකුම කරදරකාරයා’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බවයි. පක්ෂයක් ලෙස ආණ්ඩුව අප කෙරෙහි තබා ඇති තක්සේරුව පිළිබ`දව අපි ආඩම්බර වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපි අවධාරණය කරනවා, කවර අවලාද නැගුවත් අපි රට වෙනුවෙන් කළ යුතු අපේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බව.

මේ අවලාද මෙහෙයුමේ එක් පියවරක් ලෙස තමයි තවම අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන පවා අවසන් කර නැති කරුණු රැසකට අදාළව විමල් වීරවංශ මහතාට මහාධිකරණයේ අධි චෝදනා පත‍්‍රයක් ගොනුකර ඇත්තේ. එහෙම කරලා පළාත් පාලන ඡුන්ද කාලසීමාවේ දී මේ ආණ්ඩුව ඕනෙ කර තිබෙනවා, ‘ඔන්න විමල්ට කෝටි 07ක් ගැන නඩුවක් තියෙනවා’ කියන්න. ඒ මාතෘකාව හදන්න තමයි ඡුන්දය කටේ තියා ගෙන මෙවැනි නඩු පැවරීමක් සිදු කරන්නේ.

‘විහිළුකාරී චෝදනා’

මේ කෝටි හතෙන් කෝටි 1.22කට අදාළ සිදු වීම මේ තත්වය තේරුම් ගැනීම ස`දහා මම ඔබට පැහැදිලි කර දෙන්නම්. ‘එක්කෝටි විසිදෙලක්‍ෂ හත්සිය ගණනක්’ උපයා ගත්තේ කොහොමද, කියා අහලා තිබෙනවා. මේ උපයා ගත්තු එක්කෝටි විසිදෙලක්‍ෂය ‘2010 අපේ‍්‍රල් 26 සිට 2014 දෙසැම්බර් 3 දක්වා වන අවුරුදු 05කට ආසන්න කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ රාජකාරි කටයුතුවලට යොදා ගන්නා ලද නිල වාහන ස`දහා වැය කරන ලද ඉන්ධනවල වටිනාකම’ ලෙසයි අල්ලස් කොමිසම දන්වා ඇත්තේ. හත් දෙයියනේ, මේ අහන්නේ රජයෙන් නිල රාජකාරි ස`දහා ඇමතිවරයකුට දෙන ඉන්ධන දීමනාව උපයා ගත්තේ කොහොමද, කියලයි. මේ මුදල අමාත්‍යවරයාගේ නිල රථය සහ වාහන සංවිතයෙන් ඔහුට අවශ්‍ය වූ විට ලබා දුන් වාහනවලට අමාත්‍යංශයෙන් ගිණුම් ලිපිකරුගේ දැනුම්දීම අනුව වසර 05 පුරා නිකුත් කල ඉන්ධනවලට වැය වූ මුදල දළ වශයෙන් ගණන් හදා බැලූවොත් මේ මුදල මාස 56කට ලබා දී ඇත්තේ. එහෙමනම් මාසයකට වැය වූ මුදල දෙලක්‍ෂ දහනමදාහක් පමණ වෙනවා. දිනකට ගත්තොත් රුපියල් 7.000ක් පමණ. ඇමතිවරයා එක සතියකදී යාපනයට ගියානම්, මේ ඉන්ධන වියදම මේ ආකාරයෙන් පවත්වා ගෙන යාමට නම් අනෙක් දින 06 පාර්ලිමේන්තු, කැබිනට් මණ්ඩලයට පවා නොගිහින් ඉන්න ඕනෙ. එවැනි ඉතා විහිළුකාරී චෝදනා සහිත හදිස්සියේ ගොනු කළ නඩුවක් තමයි දැන් අප ඉදිරියේ තිබෙන්නේ. අධිකරණය කෙරෙහි මාගේ වන ගෞරවය ඒ විදිහටම තබා ගෙන තමයි මේ කරුණු පැහැදිලි කිරීම කරන්නේ.

අපි ඉදිරියේදී මේ කරුණු සම්බන්ධයෙන් අපගේ නිර්දෝෂීභාවය අධිකරණය හමුවේ ඔප්පුකර පෙන්වීමට සූදානම්. නමුත් මේ කරුණු මාධ්‍ය මගින් තහවුරු කිරීමට ආණ්්ඩුව ගන්නා උත්සාහයට මාධ්‍ය මගින්ම පිළිතුරු ලබා දිය යුතු නිසයි මා ඉහත පැහැදිලිි කිරීම සිදු කළේ්. දැන් මේ අය අහලා තියෙන තවත් එක් ප‍්‍රශ්නයක් තමයි 2012 අගෝස්තුවේ සිට 2014 දෙසැම්බර් 31 වන තෙක් පවුලේ ජීවන වියදම වෙනුවෙන් වැය කළ රුපියල් හත්ලක්‍ෂ පනස්දහස උපයා ගත්තේ කොහොමද කියලා.

අපි ගණන් හදලා බැලූවා ‘විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් කීයක් යොදවලා තිබෙනවාද? කියා. ගණන රුපියල් විසිහයදහසයි. මාසිකව රුපියල් 65,000ක දීමනාවක් හිමි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් මෙතැනදී අහනවා, මාසිකව රුපියල් 26.000ක් උපයා ගත්තේ කොහොමද, කියා. මෙවැනි විහිළු චෝදනා සහිත නඩු ගොනු වෙන්නේ විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.’

– අනුරුද්ද බණ්ඩාර

12,267 Viewers

4 Comments to “විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති කෝටි හතේ විහිළුකාරී චෝදනා මෙන්න..”

  1. Lanka says:

    කලු සුද්දන් සරණ ගියා නම් ඔය අල්ලස් නඩුව එන්නෙ නෑ.ජයමන්න උන්නැහැ වැඩේ හරි ගස්සල හීන් සැරේ රට පැන්න කියන්නේ. ශිරාණි නෝනගේ දෝෂාභියෝගයේ දෙවන ඉනිම දැන් ආරම්භ වී ඇත..විමල් හිට් විකට් වෙයිද ?

  2. SAKKILI YAMAPAALANA SAKKILI WORK OF gramasevakaya&rani/cbk-mrs prabakaran DIRTY eelam gang DIRTY work.

  3. padma says:

    Palayan ballo hireta. Go and ened up ur life in Jail, bloody rouge.

  4. Champ says:

    Deshapremaya Berenawa. Janathawa duk vindiddi Kaduwela maliga gahala

Leave a Comment

Main News