‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’.. ජාතික විරෝධතා ව්‍යාපාරය ඇරඹෙයි..

February 15, 2017 at 2:31 pm | lanka C news | ලංකා සී නිවුස්
‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’.. ජාතික විරෝධතා ව්‍යාපාරය ඇරඹෙයි..

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට සූදානම්කර ඇති ජාතික විරෝධතා ව්‍යාපාරයේ පළමුවැන්න හෙට(16) ප.ව 3.30ට අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ජාතික විරෝධතා ව්‍යාපාරයට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ශ්‍රී ලනිප නායකයන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ හා ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහභාගි වෙති.

– අනුරුද්ද බණ්ඩාර

1,389 Viewers

4 Comments to “‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’.. ජාතික විරෝධතා ව්‍යාපාරය ඇරඹෙයි..”

  1. Champa says:

    පළමුවැන්න? Guys, the National Freedom Front has already started a national protest campaign to get Wimal released from Prison, soon after his imprisonment, as from mid January.

    විමල් අත්අඩංගුවට ගත් දින සිට විමල් නිදහස් කර ගැනීමට මේ දක්වා සිදුකල මහජන දැනුවත් කිරීම් සහ විරෝධතාවයන්:-

    1. පලවෙනි එක: ජාතික නිදහස් පෙරමුණ රටපුරා විමල් වෙනුවෙන් ඇලවූ poster ව්‍යාපාරය. (ඉටුකොට කල යුතු යුතුකම්, ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසා ඉන්නට හැකිනම්, නුඹයි මගේ පුතා උතුම්)
    2. කොටුව දුම්රිය ඉදිරිපිට විමල් අත් අඩංගුවට ගැනීම ගැන මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීම
    3. ජාතික නිදහස් පෙරමුණේ වාර්ෂික මහා සම්මේලනය
    4. මහරගම සිදු කල විරෝධතාවය
    5. කළුතර සිදු කල විරෝධතාවය
    6. සීදුව සිදු කල විරෝධතාවය
    7. නුවරඑලිය සිදු කල විරෝධතාවය
    8. අනුරාධපුර (හෙට 16 වෙනිදා) සිදුකරන්නට නියමිත විරෝධතාවය

    List එකේ ඉතුරු ටික දාන්න. තව ඉස්සරහට විරෝධතාවයන් කරන්නට නියමිත ස්ථාන ගැන මහජනතාව දැනුවත් කරන්න.

    තව හැම පන්සලකම වගේ බෝධි පූජා තියෙනවනේ දිනපතාම වාගේ, නැත්නම් ඉරිදා දිනවල. විශේෂ ඉල්ලීමක් කරන්න ඒ අවස්ථාවලදී විමල්ට සෙත් පතලා ආශීර්වාද කරන්න කියලා. විමල් හුඟක් දුක් විඳිනවා හිර ගෙදර. විමල්ගේ case එකේ පරීක්ෂණ ඉවරත් නැහැ කියල වාර්තාවේ තියෙද්දී, නීති විරෝධී හොර සහතිකයකින් තමයි විමල්ව හිරේ දාල තියෙන්නේ. පාඩුවක් කළා කියන සිවිල් නඩුවක්, අපරාධයක් කළා කියලා වෙනස් කරලා අපරාධ නඩුවක් කරලයි හිරේ දමලා තියෙන්නේ. (හිටපු අග්‍ර විනිශ්චකාර සරත් නන්ද සිල්වා මැතිතුමාට ස්තූති වන්ත වෙන්න ඕනේ මේ කරුණු ජනතාවට ඉදිරිපත් කලාට).

    උසාවියෙන් “තවම ඔප්පු කරලාවත් නැති” වාහන අවභාවිතාවකට “අනුබල දුන්න” කියලා තමයි විමල්ව හිරේ දමලා තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම එකාවන්ව නැගී හිටින්න ඕනේ, විරුද්ධ වෙන්න ඕනේ මේ අයුක්ති සහගත, අසාධාරණ දේශපාලන දඩයමට එරෙහිව. විමල්ට පස්සේ මේ දේශපාලන දඩයමට කිසි කෙනෙක්ව බිල්ලට ගන්න ඉඩ තියන්න හොඳ නැහැ. දේශපාලන පලි ගැනීම් වලටම ක්‍රියාත්මක වෙන FCID දඩයම් ගුහාවයි, අර ජනාධිපති කෝලමයි දෙකම අවලංගු කරන්න කියල අපි ආණ්ඩුවට බල කරන්න ඕනේ. FCID හරහා දේශපාලන බලය යොදන්නේ නැතුව, පොලීසියටයි නඩුකාරයන්ටයි බලපෑම් කරන්නේ නැතුව සාමන්‍ය විදියට මේ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න ආණ්ඩුවට බැහැ. දේශපාලන දඩයම නවත්තලා ශිෂ්ඨ සම්පන්න විදියට රට පාලන කරන්න කියලා ආණ්ඩුවට බල කරන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට වෙනවා සම්බුව දෙන්න.

    රට වෙනුවෙන්, සිංහල ජාතිය වෙනුවෙන්, සිංහ කොඩිය වෙනුවෙන්මේ තරම් සේවයක් කරපු විමල් වෙනුවෙන් තමන්ට හැකි විදියට, එක්කෝ විරෝධතා වලට සහභාගී වෙලා හරි, එහෙම නැත්නම් පන්සලකට ගිහින් සෙත් පතලා හරි විමල් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න බැරි සිංහලයා සිංහලයෙක් නෙමෙයි.

    මේ පාදඩ ආණ්ඩුවට, විමල්ව හිරේ දමන්න දීලා උඩ බලන් හිටියට ලංකාවම ලැජ්ජා වෙන්න ඕනේ. සිංහලයෝ ලජ්ජා වෙන්න ඕනේ.

    • Champa says:

      මගේ ලිස්ට් එකේ හරිගස්සන්න තැනක් තියෙනවා.

      8. කඩුවෙල (අද – 15 වෙනිදා – අති සාර්ථකයි. 🙂 මැස්සෝ වහලා වගේ පොලිස්කාරයෝ හිටියා. පොලිස්කාරයෝ වැඩි වෙනවා කියන්නේ, බාධා කරනවා කියන්නේ උද්ඝෝෂණය සාර්ථකයි කියන එක. විමල් වෙනුවෙන් කරන එක උද්ඝෝෂණයකට හරි වතුර හරි කඳුළු ගෑස් හරි එහෙම ගහලා තිබුනොත් බලා ගෙනයි.)
      9. අනුරාධපුර (හෙට – 16 වෙනිදා)
      10. රත්නපුරය (17 වෙනිදා)
      11. නාත්තන්ඩිය සහ සීනිගම දේවාලය (18 වෙනිදා)

      කතරගම පොල් ගහන්නේ කවදද?

      • ෂර්ලොක් says:

        ඇයි ඔයා කඳුලු ගෑස් හැහුවොත් මොනවා කරන්නද?
        ඔයාට මතකද චම්පෝ උද්ඝෝෂනයක් වෙලාවේ විමල් ගෝඨාභයට කෝල් අරගෙන පොලිස් අධිකාරි කෙනෙක් බලු කරලා දැම්මා.
        ඔයාට ඒක දැකල චූන්වුනා නේද?
        ඇත්තද ඔයා සශීගේ හොර වැඩවල බිලීලේඩි කෙනෙක් කියන්නේ. විස්තර දෙන්නම් ඉක්මනට.බලාන ඉන්න.

        • Champa says:

          Who is සශී? “බිලීලේඩි” කියන්නේ මොකක්ද? බලාගෙන, මං බය වෙයි. 😀 අනේ මටත් දැන ගන්න ආසයි මොනවාද “මං” කරලා තියෙන්නේ මං දන්නේ නැති අයත් එක්ක. අනේ ඉක්මනට විස්තර කියන්න

Main News