විමල්-සජිත් විවාදයට රූපවාහිනී නාලිකා දෙකක් සූදානම්..

August 30, 2018 at 3:00 pm | lanka C news
විමල්-සජිත් විවාදයට රූපවාහිනී නාලිකා දෙකක් සූදානම්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ප්‍රසිද්ධ විවාදයක් සඳහා කළ අභියෝගය භාරගැනීම පිළිබඳව ය

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මා විසින් ඔබ වෙත කරන ලද අභියෝගයට ප්‍රමාද වී හෝ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමි.

එනමුත් පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් ඔබ ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා බවත් ඒ සඳහා ඔබ විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙස ය. එය පිළිගත හැක්කක් නොවේ. නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන කාටත් වැටහෙන්නකි.

එබැවින් මා ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවට යළිත් යෝජනා කරමි. ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් මා සමඟ එකඟතාව පළකර ඇත.

එහිදී ඔබගේත්, ඔබගේ පියාණන්ගේත් මාගෙත් දේශපාලන භාවිතය පිළිබඳව රට හමුවේ ගැඹුරින් සිහිපත් කිරීමේ අවස්ථාව උදා වනු ඇත. ඒ සඳහා කඩිනමින් අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

22,118 Viewers

15 Comments to “විමල්-සජිත් විවාදයට රූපවාහිනී නාලිකා දෙකක් සූදානම්..”

  1. ජනක says:

    මිනිහා එන්නේ නෑ ඔට්ටුයි .අනිවාර්යෙන්ම මොකක් හරි බොරුවක් කියලා ඔය විවාදයෙන් මිනිහා පනිනවා එක්කෝ පාර්ලිමේන්තුවේ වෙන අය ලවා මේක ගැලපෙන්නේ නැති විවාදයක් කොහොමද ඇමති කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක වාද කරන්නේ වගේ දෙයක් කියලා පනිනවා .සජිත් ප්රෙමදාස උප්පත්තියෙන්ම බය ගුල්ලෙක් මිනිහා දන්නවා විමල්ගේ වියක්ත බව එක්ක මිනිහට හැරෙන්නවත් බැරි බව එනිසා මිනිහා ඔය විවාදයට එන්නේ නෑ මම රුපියල් මිලියනයක ඔට්ටුවක් අල්ලනවා සජිත් විවාදයට නොඑන බවට

  2. Aurora says:

    විමල් වීරවංශ මහත්මයෝ මේ මන්දබුධික වාචාලයා සමඟ “හරවත්, කාලීන දේශපාලන සංවාදයක්” සිදුකිරීම ගොනෙකුගෙන් කිරි ලබාගැනීමට කරන උත්සාහයක් හා සම වේ.

  3. Kadiya says:

    මොහුට දැන් තරඟය තියෙන්නේ විමල් වීරවංශ වැනි ජාතික තලයේ නායකයන් සමඟ නොවේ. මීළඟ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම UNP ලැයිස්තුවෙන් තරඟ කරන මහින්ද අමරවීර පරයා පළමු තැනට එන්නේ කෙසේද කියාය. මොකද රනිල්ගේ ආශීර්වාදය නියතවම ලැබෙන්නේ මහින්ද අමරවීර හටය. ඒ නිසා කොළඹට මාරුවීමට උත්සහ කලයුතුය. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් චන්දෙට ඇවිත් විමල්ට අභියෝගකරනවා කියන්න තමා මේ සැරසෙන්නේ. ගෙදර ගියත් තෝ නසී, මඟ හිටියත් තෝ නසී.

    • චමිත් says:

      මොකක් ..ජාතික තලයේ නායකයෙක් ..අහල බලපල්ල මේක ජාතියට මොනවද කලෙ කියල..මු කරන්නෙ මහින්දගෙ ගූ කන එකනෙ

  4. සීගිරි says:

    මොනවද මේ ජරාව ? රටකට හරි යයිද මේ වගේ දේවල් වලින්?

  5. ALAPALU RANAWAKA says:

    Hurrah. we can see washing dirty linen in public.

  6. පැනමා චම්පක says:

    ජරාව, ජරාව කියන්ඩ එපා බං කෙසෙල් වත්තෙ ලැවරිය වලට!

  7. Nim says:

    WEMAL SAHODARAYA
    OYA NIDAN HORU SAMA GA
    WADAYATA YANAWA TA WADAA
    WADAGATH WADA
    RASIYAK THIYENA WA KARANNA
    OBE WATINA KALAYA
    MEDANGU KARANNA APA.

  8. vishnu says:

    ලැවරිය ටිකකුත් හදාගෙන ලෑස්ති වෙන්න ඕන
    ඕක බලන්න

  9. Mal says:

    Wadak karana aytama thamai m ada.pawlea un okkoma goda dagena mu hari pora kiyala hethagena innea. Tuk wetharak.

  10. මේ කියන්නෙ ඇත්තමයි. says:

    ඒ විවාදෙ තියන දාට මං කොහොම හරි ඉස්සරහින්ම වාඩි වෙනව​.මං මිටි නිසයි එහෙම කරන්නෙ.උස උන් ඕන තැනක වාඩි උනාදෙන්.

Main News