විමල් සිර කිරීම සහමුලින්ම වැරදියි.. එසේ නීති නෑ.. නීතිය පරතෙරක් දත් හිටපු අගවිනිසුරු මුල සිට අගට සියල්ල හෙලි කරයි.. [Video]

February 15, 2017 at 11:26 pm | lanka C news
විමල් සිර කිරීම සහමුලින්ම වැරදියි.. එසේ නීති නෑ.. නීතිය පරතෙරක් දත් හිටපු අගවිනිසුරු මුල සිට අගට සියල්ල හෙලි කරයි.. [Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අයුක්තිසහගත ලෙස සිරගත කිරීම වෙනුවෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) දියත් කළ මෙහෙයුම හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විසින් පසුගියදා ජනතාව ඉදිරියේ අනාවරණයකර සිටියේය.

ඒ හිටපු ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ ‘මගේ කට උත්තරය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

පහත සඳහන් වන්නේ ඒ සුවිශේෂ හෙළිදරව්වේ ලිඛිත සටහනයි.

“මම මෙහිදී තව එක් වැදගත් තත්කාලීන කරුණක් පෙන්වා දෙන්න කැමතියි. මට කලින් දේශනයක් පවත්වපු උදය ගම්මන්පිල මහත්මයා පැවසුවා, ‘මම එක් නියෝගයක් විවේචනය කරලා උසාවියට අපහාස කළා කියලා චෝදනා නඟා තිබෙනවා’ කියලා. මේකයි උසාවිය. මම මේ නඩුව ගැන කතා කරන්නේ ජනතා උසාවිය ඉදිරියේ. ජනතාවගේ පරමාධිපත්‍යයට අධිකරණ බලය ඇතුළත් වෙනවා. ඒ නිසා මට මේ සිදුවන දේ ගැන ජනතාවට කියන්න සම්පූර්ණ අයිතියක් තියනවා. මේ කියන කාරණයට මුහුණ දී ඇති තැනැත්තාට ලොකු අසාධාරණයක් සිදු වෙනවා කියලා මම කියන්නේ පනත්වල වගන්ති ආදිය උපුටා දක්වමිනුයි.

රිමාන්ඞ් බන්ධනාගාරගතකර තිබෙන විමල් වීරවංශ මහතාට අදාළ ‘බී වාර්තා’ මා සතුව තිබෙනවා. මේ ගැන මම කතා කරන්නේ ඉතාමත් සීරුවෙන්. ඒ මේක ඇසෙමින් පවතින නඩුවක් නිසයි. විමල් වීරවංශ මහතාට විරුද්ධව පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබෙන්නේ ජොයකිම් නැමැත්තෙක්. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් වාහන කුලියට ගෙන ඉන්ධන හා රියදුරන් යොදවා පරිභාහිර කාර්යයන්වල යෙදවීමෙන් එම ආයතනයට පාඩුවක්කර ඇති බවටයි, මේ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ. මෙතැන පැමිණිල්ල තිබෙන්නේ, අපරාධයක් නොවෙයි පාඩුවක් සිදු කළා කියලයි. මෙතැන පාඩුවක් නම් වෙලා තිබෙන්නේ සිවිල් නඩුවක් තමයි දමන්න ඕනෙ. රජයට පාඩුවක් කළා නම් ඒක ගණනය කරන්න ඕනෙ විගණකාධිපතිතුමා. මේ පාඩුව ගිහිල්ලා, ගිහිල්ලා රාජ්‍ය දේපළ බවට පත්වෙලා අන්තිමේදී මුදල් විශුද්ධිකරණයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරන ආකාරය මම සොයා ගත්තා. ඔවුන් වගන්ති නැති, ජේද නැති එක දිගට ලියාගෙන ගියපු මෙලොව මිනිහෙකුට කියවා තේරුම් ගන්න බැරි වාර්තා සකස් කරලා උසාවියට ඉදිරිපත් කරනවා. කොහොම නමුත් මම මේ කාරණය ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා අකුරක් නෑර මේ බී වාර්තා කියැවූවා. පළමු බී වාර්තාවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා විසින් අත්සන් කොට ඇත්තේ 2016 සැප්තැම්බර් මස 13 වැනිදායි. එම බී වාර්තාවේ අවසානයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මෙසේ සඳහන් කරනවා.

‘මේ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ලබන බව ගරු අධිකරණයට කරුණු වාර්තා කර සිටින අතර පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 386, 102 වන වගන්ති සමග කියවිය යුතු සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා කරනු ලබන වැරදි පනතේ 5(1) වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113(ආ), 386, 389, 400, 402, 454 හා මුදල් විශූද්ධිකරණ පනතේ 01 වන වගන්තිය යටතේ හෝ ගැනෙන වරදක් සිදුකර ඇත්ද යන්න තවදුරටත් විමර්ශනය සිදුකරමින් පවතී.’

ඕ.අයි.සී පවසන්නේ වරදක් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවයි. නමුත් එම වාර්තාවෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ‘1999 අංක 28 දරන සංශෝධන පනතින් සංශෝධනය වූ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 8(1) වගන්තිය යටතේ කරනු ලබන සහතිකයයි’ යනුවෙන් වදරක් කළ බවට සහතිකයක් දෙනවා. මේවා මහේස්ත්‍රාත් දුටුවේ නැද්ද?

මේ වාර්තාවේ සහතික කළ පිටපතක් අතේ තබාගෙනයි මම මේ කරුණු පැහැදිලි කරන්නේ. ඒ අනුව 2016.09.13 දින බී වාර්තාවෙන් FCID OIC විමල් වීරවංශ මහත්මා වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරමින් ඉන්න බව කියන විට, විමල් වීරවංශ මහතා පොදු දේපළ පනත යටතේ වරදක් කළ බවට FCID ASPවරයා සහතිකයක් දී තිබෙනවා. මම නම් මේ ASP හිරේ දමනවා.

ඒ සහතිකයේ මෙහෙම සඳහන් වෙනවා.

‘ඉංජිනේරු සංස්වථාව මගින් වැඩබිම් හා ප්‍රධාන කාර්යාලයේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගත් වාහන, නිවාස හා ඉංජිනේරු සේවා පොදු පහසුකම් පිළිබඳ හිටපු අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ තම ඇමති කාර්ය මණ්ඩලයේ කාර්යයන් හා පෞද්ගලික හිතවතුන්ගේ කාර්යයන් සඳහා යොදාගෙන රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමෙන් රු. මිලියන 41ක පමණ මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පාඩු සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මෙම වැරදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් වන බැවින් මෙය 1999 අංක 28 දරන සංශෝධිත පනතින් සංශෝධනය වූ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා පනතේ අදාළ විෂය වස්තුවේ වටිනාකම රු. 25000 ඉක්මවන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී කමල් පලිහක්කාර වන මා විසින් ගරු අධිකරණය වෙත ගෞරවයෙන් වාර්තා කරමි.’

විමල් වීරවංශ වරදක් සිදු කරලාද කියා තවමත් හොයනවා කියා FCID OIC කියන විට මේ ආකාරයේ සහතිකයක් සහකාර පොලිස් අධිකාරිවරයා ලබා දෙන්නේ කොහොමද? ‘අවභාවිතයක් සිදුව තිබෙනවා. වරදක් කරලා තිබෙනවා. විෂය වස්තුවේ වටිනාකම රුපියල් 25,000 ඉක්මවනවා’ කියා සහතිකයක් ලබාදී ඇත්තේ පොදු දේපළ පනතේ 8(1) වගන්තිය යටතේ විමල් වීරවංශ මහත්මයාට ඇප ලබා නොදී සිටීමට බව ඉතාමත් පැහැදිලියි.

අද විමල් වීරවංශ මහතා සිරගතකොට ඇත්තේ මේ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් සම්පූර්ණයෙන්ම වංචනික මේ සහතිකය මතයි. මේක සම්පූර්ණයෙන්ම බොරුවක් බව ඉතා වගකීමෙන් පවසනවා. මේ සහතිකය මත පදනම්වයි මහෙස්ත්‍රාත්වරිය තම නියෝගය සම්පූර්ණයෙන්ම ලබාදී ඇත්තේ. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමල් වීරවංශ මහතාට අදාළව සිදු කළ විමර්ශනවලට අදාළ බී වාර්තා සියල්ල මම අධ්‍යයනය කළා. ඒ කිසිවකටත් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහතිකයක් අමුණා නැහැ. ඒ අනුව සියල්ල කරලා තිබෙන්නේ මේ වංචනික සහතිකය මතයි.

ඒ විතරක් නොවෙයි මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය කියවනු ලැබුවොත් පෙනේවි, වරදක් සිදුකර ඇති බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙලා කියලා විමල් වීරවංශ ‘වැරදිකාරයා’ කරලාත් තිබෙන බව. තවමත් චෝදනාවක් නඟලා නැහැ. සාක්‍ෂි විමසලාත් නැහැ. නමුත් වැරදිකාරයා කරලා මේ විදිහට විමල් වීරවංශ මහත්මයා රිමාන්ඞ් කරලා තිබෙනවා. මෙතැන සිදුවී ඇත්තේ අයුක්තියක්.

දිගින් දිගටම මේ විදියට කිසිවකු හිරේ තියාගන්න බැහැ. විමල් වීරවංශත් තව දින කිහිපයකින් නිදහස් වේවි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නාමල් රාජපක්‍ෂ යන මන්ත්‍රීවරු, මේ පොත ලියපු රොහාන් වැලිවිට වැනි අය හිරේ දැම්මේ මේ ක්‍රමය යොදාගෙනයි. FCID ය යොදාගෙනයි. FCID ය පිහිටුවනු ලැබුවේ කවුද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. ‘HONERABLE PRIME MINISTER’ කියලා FCIDය පිහිටුවීමට අදාළ නියෝගයේම සඳහන් වෙනවා. ඒ නිසා මේ සියල්ලටම වගකිව යුත්තේ ඔහුයි. අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී විය යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

21,259 Viewers

14 Comments to “විමල් සිර කිරීම සහමුලින්ම වැරදියි.. එසේ නීති නෑ.. නීතිය පරතෙරක් දත් හිටපු අගවිනිසුරු මුල සිට අගට සියල්ල හෙලි කරයි.. [Video]”

  1. Audit Superintendent says:

    This is a very good revelation! I think the honourable MP must claim millions of rupees as damages from the relevant ASP and the government for this illegal arrest and imprisonment.

    • dayasiri says:

      නියමයි බොහොම සරලව පැහැදිලි කරල තියෙනවා. මිලියන 41ක් රජයට පාඩු කරපු හොරෙක් අතඩඉගුවට ගැනීම නීති විරොදියි. එවගේම ඉස්සරහට කියයි මහ බැන්කු හොරු අතඩන්ගුවට ගන්න එකත් නීති විරොදියි කියලා. හැබයි අල්ලපු වත්තට පැනල පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් හොරකම් කරපු එකෙක් අහුවුනා නම් බලාගන්න නීතියේ තරම. ජනතාවගේ සල්ලි වලින් කාලා ජනතාවටම කෙලවන එවුන්. මුන්ට හෙන ගහලත් මදි.

  2. kamal says:

    මේ මහත්තය අගවිනිසුරැ කාලෙත් මේ වගේ ජනතා පරමාධිපත්‍ය ගැන හිතුවනන් කොච්චර හොදද?
    මෙයා නඩු අහන කාලේ පිටු ගණන් කියවන්නෙ නැතිව තමයි තීන්දු ලියල තියෙන්නෙ…
    මෙයා කියන විදිහට මහබැංකු බැදුම්කර වංචාවටත් දිසා අධිකරණයට තමයි යන්න වෙන්නෙ..ඇයි පාඩුවක්නේ…
    අනේද කියන්නේ….මෙයයිට විරැද්ධව දෝෂාභියෝග අත්සන් කරපු අයගෙන් පලි ගන්නේ එකට ඉන්න ගමන්…

    • wijebahu says:

      This guy (Sarath Silva) is suffering from mental disorder suddenly woke up tell something. don’t give a damn about it.

      • Champa says:

        Your comment shows the difference between an idiot and a scholar, a halfwit and a gentleman, Wijebahu and Sarath Nada de Silva.

  3. gajaba says:

    ඕවා ගණන් ගන්න එපා සර්, ඔය කුඩුවේම අනාගතේ ඉන්න අයගේ මුණු අපිට මැවී පෙනෙන්නවා

    • Saradiel says:

      අද ලංකාවේ රජ කරන්නේ හිටන්ගේ කැකිරිල්ලේ රජතුමාහේ නීතිය , කනගාටුව තවමත් සිංහල ජාතිය බලා සිටීමයි
      අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ අවනීතියට විරුද්ධව කටයුතුකල යුතුයි
      …අයුක්තියට එරෙහිව කටයුතු කිරීම පිලිබදව අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතාට අපේ ප්‍රණාමය ස්තුතිය

      • Champa says:

        Saradiel

        Quote: “..අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ අවනීතියට විරුද්ධව කටයුතුකල යුතුයි. …අයුක්තියට එරෙහිව කටයුතු කිරීම පිලිබදව අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතාට අපේ ප්‍රණාමය ස්තුතිය!!!: Unquote:

        ඔබේ කතාවට සම්පූර්ණන්ම එකඟයි

  4. Champa says:

    හිටපු අග්‍රවිනිශ්චයකාරතුමාට ජාතියේම ප්‍රණාමය හිමි වෙන්න ඕනේ විමල් වෙනුවෙන් මේ කරුණු ටික පැහැදිලිව ජනතාවට කියලා දුන්නට.

    ඒ කතාවේ තියෙන දේවල් ආයේ ලියන්න අදහස් නැහැ. බොරු චෝදනාවක් නිර්මාණය කරලා ඉතාම අයුක්තිසහගත අධර්මිෂ්ඨ අසාධාරණ විදියට සිරගත කරලා තියෙන විමල් මේ රට වෙනුවෙන් කල දේවල් නැවත මතක් කරලා දෙන්න කැමතියි.

    හුස්ම වැටෙන හැම සිංහලයෙක්ටම, අද හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ, 2009 LTTE ත්‍රස්තවාදය පරාජය කරලා රට බේරාගන්න පුළුවන් වුනේ විමල් ඊට කලින් රට වෙනුවෙන් කල මහා මෙහෙවර නිසා. 2009 යුද්ධ කරන්න ආණ්ඩුවක් ඉතුරු වුනේ 2007 අයවැයේදී පරද්දන්න ගිය ආණ්ඩුව විමල් ජාතික විමුක්ති පෙරමුණේ ඉඳන් බේරා ගත්ත නිසා. අදටත් ෆෙඩරල් ව්‍යවස්ථාවකට උඩගෙඩි දෙනවුන්ට ලෙහෙසියෙන් තමන්ගේ උවමනාවන් මුදුන්පත් කරගන්න බැරි වෙලා තියෙන්නේ විමල් උතුරු නැගෙනහිර වෙන් කරන්න දිගින් දිගටම මතවාදී සටනක් කරන ගමන්, උසාවි නියෝගයක් ගත්ත නිසා.

    විමල් වෙනුවෙන් පාරට බැහැලා, විමල්ව සිරගත කරලා තියෙන දේශපාලන දඩයමට එරෙහිව පෙළ ගැහෙන්න, සටන් කරන්න ඕනේ ඇයි කියල ආයේ මතක් කරලා දෙන්න මේ ටික ලියනවා.

    * ඒකීය රටක් වෙනුවෙන් අද වගේම එදත් පෙනී සිටිමින්, නීති විරෝධීව එකතු කර තිබුණු “උතුරු නැගෙනහිර වෙන් කරන්න” රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු කියපු විමල් වෙනුවෙන්,

    * වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරන්න හදපු “රනිල්-ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුමට” විරුද්ධව රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කියපු විමල් වෙනුවෙන්,

    * LTTE එකට NGO වලින් සහ වෙනත් රටවල් වලින් කෙලින්ම මුදල් ලබා ගන්න ඉඩ ප්‍රස්ථා සලසපු “සුනාමි සහන මණ්ඩලයට” විරුද්ධව රට වෙනුවෙන් නඩු කියපු විමල් වෙනුවෙන්,

    * 2007 වර්ෂයේ යුද්ධයේ උච්චම වෙලාවක අයවැය පරාජය කරලා වට්ටන්න ගිය පහුගිය ආණ්ඩුව ආරක්ෂා කරලා දීපු විමල් වෙනුවෙන්,

    * බිමටම වැටිලා තිබිලා නැවත ගොඩ නගන්න තමන්ගේ මුළු කාලයම 24/7 කැප කරපු ජනතා විමුක්ති පෙරමුණට වඩා, රටේ අභිවෘද්ධිය ගැන හිතලා පහුගිය ආණ්ඩුවට සහයෝගය දීපු විමල් වෙනුවෙන්,

    * යුද්ධය කාලයේ LTTE ඉලක්ක සහ බුද්ධි අංශ අඩපණ කල “මානෙල් මල් ව්‍යාපාරය” ඉදිරිපත් කරලා රටත් මිනිස් ජීවිතත් රැක ගත්ත විමල් වෙනුවෙන්,

    * යුද්ධය කාලේ හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩෙන්න හමුදා කඳවුරක් කඳවුරක් ගානේ ගිහින් දේශණ පවත්තමින්, පහුගිය ආණ්ඩුවට යුද්ධය දිනන්න අභීත සටන්කාමී සෙබළුන් යුධ පෙරමුණට යවන්න රට වෙනුවෙන් විශාල සේවයක් කරපු විමල් වෙනුවෙන්,

    * හමුදාවට සෙබළුන් බැඳෙන්නේ නැති වෙලාවක, රට පුරා ගිහින් දේශප්‍රේමී තරුණයන් රට වෙනුවෙන් යුද්ධ කරන්න හමුදාට බඳවා ගන්න උදව් කරපු විමල් වෙනුවෙන්,

    * 2014 ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරපු කොන්දේසි 12, UPFA ආණ්ඩුව පිළිගත්තේ නැති වුනත්, සන්ධානයෙන් ඉවත් නොවී සිටිමින්, 2015 අගෝස්තු මහා මැතිවරණයේදී අගමැති ප්‍රමුඛ UNPයට තනි බලයක් ගොඩනඟා ගන්න බැරි විදියට සන්ධානය ශක්තිමත් කරන්න රට පුරා යමින්, අද පවතින ඒකාබද්ධ විපක්ෂය ගොඩ නැගීමට උර දුන් විමල් වෙනුවෙන්,

    * 2015 යහපාලන ආණ්ඩුව බලවත්ම වෙලා තිබුන වෙලාවක, 2015 පෙබරවාරි 18, රට වෙනුවෙන් මහ පවුරක් මෙන්, අභීතව නැගී සිටිමින්, මුළු රටටම නායකත්වය දෙමින්, රටේ අනාගතය ගැන මහා බියකින්, ශෝකයකින් පෙළුණු ජනතාවක්, අධෛර්යමත්ව සිටි ජාතියක්, බලාපොරොත්තු සිඳීගිය, පරාජිත මානසිකත්වයකින් වැටී හිටපු ජාතියක්, නැවත පණ ගන්වලා, ධෛර්යය ශක්තිය දීලා, රටත් ජාතියත් ගොඩ ගන්න, රට වෙනුවෙන් පෙරට එන්න අද දක්වාත් ශක්තිමත්ව නැගී හිටින මහ ජනපවුරක් ගොඩනගපු විමල් වෙනුවෙන්,

    * පහුගිය අවුරුදු දෙක පුරාම යමපාලන ආණ්ඩුවේ රට පාවා දීමට එරෙහිව,
    දෙමුහුන් යුධ අධිකරණයට එරෙහිව,
    රණවිරු දඩයමට එරෙහිව,
    හමුදා කඳවුරු ඉවත් කිරීමට එරෙහිව,
    යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහරදීමට එරෙහිව,
    උතුරේ නැගිටින LTTE සහ Aava Group මර්දනය නොකිරීමට එරෙහිව,
    උතුරේ ත්‍රස්තවාදීන් සැමරීමට එරෙහිව,
    රණවිරු සමරුම නොපැවැත්වීමට එරෙහිව,
    ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය සහ විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව,
    යුධ ජයග්‍රහණයට උරදුන් හමුදා නිලධාරීන්ට සේවා දිගුවක් නොදීමට එරෙහිව,
    හමුදා නිලධාරීන් බොරු චෝදනා මත සිරගත කිරීමට එරෙහිව,
    සංඝයා වහන්සේලා සිරගත කිරීමට එරෙහිව,
    අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය පිහිටුවීම හරහා රණවිරුවන්ට එරෙහිව චෝදනා ෆැක්ටරියක් ගොඩ නැගීමට එරෙහිව,
    ගොවින්ගේ පොහොර සහනාධාරය කැපීමට එරෙහිව, වී වලට සහතික මිලක් නොදීමට එරෙහිව, දුප්පතුන්ගේ සුභසාධන කැපීමට එරෙහිව,
    පාසල් නිල ඇඳුම වෙනුවට වටිනාකමින් අඩු මුදල් වව්චර නිකුක් කිරීමට එරෙහිව,
    ගංවතුරෙන් උන්හිටිතැන් අහිමි වූවන් සහ ආයුධ ගබඩාව පිපිරීමෙන් වාසස්ථාන අහිමි වූවන් නොසලකා හැරීමට එරෙහිව,
    අසාධාරණව VAT බද්ද වැඩි කිරීමට එරෙහිව (ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවත් ජයග්‍රහණය කරමින්),
    ETCA ගිවිසුමට එරෙහිව,
    හනුමාන් පාලම ඉඳි කිරීමට එරෙහිව,
    රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව,
    හම්බන්තොට වරාය, කොළොඹ වරාය, ත්‍රිකුණාමල වරාය ඇතුළු රටේ වටීනා සම්පත් සහ වටිනා ඉඩම් විදේශිකයන්ට විකිණීමට එරෙහිව,
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට සහ විකිණීමට එරෙහිව,
    මහබැංකු බැඳුම්කර මංකොල්ලයට එරෙහිව,
    දේශපාලන දඩයමට එරෙහිව,
    ජාතිවාදයට, අන්තවාදයට, බෙදුම්වාදයට එරෙහිව –
    ජනතාව දැනුවත් කරමින්, අත් පත්‍රිකා බෙදමින්, රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින්, මාධ්‍ය වලට කතා කරමින්, රූපවාහිනී ජාලවල දේශපාලන වැඩ සටහන් වලින් රටම අවධි කරමින්, මාධ්‍ය හමු පවත්වමින්, වේදිකාවල කෑගසමින්, පාර්ලිමේන්තුව තුල රට බෙදීමට එරෙහිව ප්‍රබල හඬක් නගමින්, පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ජනතා අයිතීන් කප්පාදුවට එරෙහිව ප්‍රබල විරෝධයක් පාමින්, වීදි සටන් කරමින්, ඉතිහාසගත පාගමනක් තුලින් මුළු රටම යමපාලන ආණ්ඩුවට එරෙහිව එකතු කරගනිමින්, FCID දඩයම් ගුහා, ජනාධිපති කෝලම් සහ උසාවි වලටත් යමින් තමන්ගේ අභීත රණහඬින් මුළු රටම දෙවනත් කරමින්, තමන්ට එරෙහි මර්දන, පීඩන, මඩ ගැසීම්, චරිත ඝාතන, අවලාද, අපහාස, නඩු හබ වලින් නොසැලී, නොතැවී, රට වෙනුවෙන් අභීත සටනක් කල, තමන්ගේ හඬ නිහඬ කරන්න සිරගත කරලා තිබුනත් චිත්ත ධෛර්යය, ශක්තිය, වීර්යය අඩු නොවී අදටත් රනිල්ගේ ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව අසමසම සටනක් කරන, ආත්මාර්ථකාමී දේශපාලන බලලෝභයෙන් තොරව, ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන, තමන්ට පෙර රට ගැන හිතන, රටෙත් ජාතියේත්, ජාතියේ අභිවෘද්ධියත් ගැන පළමුකොට හිතන කතාවෙන් නොව ක්‍රියාවෙන් ඒ බව පෙන්නුම් කරන –

    ලක්මෑණිට පණ හා සම
    ජාතියටම පණක් දුන්න
    හුස්ම වැටෙන සිංහලයෙනි
    ඔහු වෙනුවෙන් පෙරට එන්න!

  5. anura says:

    parliment pare kellekuta lolipop dunna eka neda me.

  6. Ranjith Subasinghe says:

    We do not need this lengthy information. He can defend the case in front of the judge or provide those facts to Wimal’s lawyers. This is just another drama to deceive the public. He acts like a joker. During 2010 election, he was against Mahinda and clan now supports them? People who listen to these kind of people are idiots.

  7. dayasiri , kamal , Audit Superintendent , wijebahu !
    තූ …නොදකින් … නොදෝමකින් !
    රනිල් ගේ බඩ යන යහපාලන ආණ්ඩුවේ ගූ හෝදන UNP සට්ටබියෝ !
    මුන්ගේ comment දකින කොට බඩ දගලනවා !

  8. S.Saiman says:

    Simple Tharka …Wimal Horakam Kireemath Sahamulinnma Weradei….

Main News