වියත්මග සමුළුවේ ඉදිරිපත් කලේ එජාප ආර්ථික වැඩපිලිවෙලද.. ගෝටාභය භීතිකාවෙන් උතුර දකුණ මාරුවුන යහපාලන ඇමතිලා..

May 29, 2018 at 11:20 am | lanka C news
වියත්මග සමුළුවේ ඉදිරිපත් කලේ එජාප ආර්ථික වැඩපිලිවෙලද.. ගෝටාභය භීතිකාවෙන් උතුර දකුණ මාරුවුන යහපාලන ඇමතිලා..

දේශප්‍රේමී වෘතිකයින් විසින් කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබුන ප්‍රවෘතී සාකච්චාවකට එක්වෙමින් ආචාර්ය නාලක ගොඩහේවා පසුගිය සතියේ ආන්ඩුවේ ප්‍රබල ඇමති වරුන් දෙදෙනෙකු විසින් වියත්මග සභාපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නගා තිබුන චෝදනා ගැන අදහස් පල කලේය

“මේ දිනවල අපි ලංකා දේශපාලනයේ දකින අලුත් ප්‍රවණතාවයක් තමයි ගෝඨාභය භීතිකාව. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිවය දරන වියත්මග සංවිධානයේ දෙවන වාර්ෂික සමුලුව ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයින්, වෘතිකයින් හා අධ්‍යාපනඥයින් දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනාට පසු ආන්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙකුම ඒ පිලිබඳව පුවත්පත් නිවේදන නිකුත් කරලා තියනවා. ඔවුන් බොහොම කපටි උත්සාහයක යෙදෙනවා මේ සමුලුවේදී වියත්මග සභාපති ගෝඨාබය රාජපක්ෂ මහතා ලංකාවට සුදුසු ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඉදිරිපත් කල කරුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමයි කියලා.

මලික් සමරවික්‍රම ඇමතිවරයා නිකුත් කල පුවත් පත් නිවේදනයක කිඅයනවා ගෝටාබය රාජ පක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ 2015 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියන සමාජ වෙළඳපොල ආර්ථිකය යන යෙදුමම භාවිත කලා කියලා. මෙය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ගෝටාබය රාජ පක්ෂ මහතා කතා කලේ අද ලෝකයේ පිලිගත් ආර්ථික සංකපයක් වන 1980 ගනන් සිට චීනයේ ක්‍රියාත්මක වන ‘ සමාජවාදී වෙළඳ ආර්ථිකය ‘ ගැනයි. ‘සමාජ’ කියන වචනයයි ‘ සමාජවාදී’ කියන වචනයයි දෙක පටලවාගෙනයි.

මේ අය හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කලේ එක්සත් ජාතික පක්ෂයේ ‘ සමාජ වෙළඳ පොල ආර්ථිකය ” ගැන කියා. අපිට අහන්න තියන සරල ප්‍රශ්ණය එතකොට ඔබතුමාල අනුගමනය කරන්නේ චීන ආර්ථික ප්‍රතිපත්තියද කියලයි.

ඇත්තම කියනවානම් මෙතුමන්ලට මොනම ආර්ථික ප්‍රතිපත්තියක්වත් නැහැ. අවුරුදු 3ට ප්‍රතිපත්ති ප්‍රකාශණ 9 ක් ලිව්වේ ඒකනේ. ලියපු පොත්වල තියෙන්නේ මොනවද කියලා එයාලවත් දන්නේ නැහැ. එහි ප්‍රතිපලය තමයි අද මේ ජීවන වියදම ඉහල ගිහිල්ලා, රුපියල කඩා වැටිල, රැකියා වියුක්තිය වැඩිවෙලා, ණය වැඩිවෙලා, බදු වැඩිවෙලා, හොර මැරකම් වැඩිවෙලා, පාතාලය පාරට බැහැල ජනතාව අතරමංවෙලා ඉන්නේ.

වියත්මග ඊට වඩා බොහෝම විද්‍යාත්මකව රටේ ප්‍රශ්ණ වලට විසදුම් සොයමින් සිටිනවා. බුද්ධියෙන් බලගැන්වුන ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ අපි සාකච්ඡා කලේ ආසියාවේ අනෙකුත් සාර්ථ්ක ආර්ථික ක්‍රමවේදයන්ගෙනුත් අත්දැකීම උකහාගෙන අපේ රටේ ස්වෛරීත්වය , දේශිකත්වය, සංස්කෘතිය ආරක්ෂා කරගෙන රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම යහපත් ජීවන මට්ටමක් උදාකරදිය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් ගැනයි.

අපි විශ්වාස කරන විදියට මේ රටේ ආර්ථිකය තියෙන්නේ ජනතාව අතරයි. කම්හලේ ගොවිපොලේ කාර්‍යාලයේ පාසැලේ රෝහලේ වැඩකරන ජනතාව අමතක කරලා අපි දල ජාතික නිශ්පාදනයයි ඒක පුද්ගල ආදායමයි ගැන ගැන කතා කරල පලක් නැහැ.අපිට අවශ්‍ය මහපොලවේ පයගසා කරණ ආර්ථික මිස ලෝක බැංකුව එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, අයි එම් එෆ් එක අපිට උගන්නන ආර්ථික කලමණාකරනය නොවෙයි. අපට කිසිවක් තනියම කරන්න බැහැ කියන පරාදීන මානසිකත්වයෙන් රටේ සියලුම ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට හා දේශපාලන හිතවතුන්ට විකුණල, විදේශිකයින්ට රටේ සියලුම ආර්ථික අවස්ථා විවෘත කරල දීල, ධනපතියන් කිහිපදෙනෙකු හැරුන විට බහුතර ස්වදේශිකයින් කාගේ හෝ මුදලට වැඩකරන වහලුන් බවට පත්කරන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය පිලිගන්න අපි සූදානම් නැහැ. වර්ථමාන රජය වගේ අතීතයට බැන බැන කාලය නාස්ති කරන්න අපි ලැහැස්ති නැහැ. අපි දැන් ඉදන්ම අනාගතයට මුහුන දෙන්න සූදානම් වෙනවා”

– චාමින්ද කරුණාරත්න

15,569 Viewers

11 Comments to “වියත්මග සමුළුවේ ඉදිරිපත් කලේ එජාප ආර්ථික වැඩපිලිවෙලද.. ගෝටාභය භීතිකාවෙන් උතුර දකුණ මාරුවුන යහපාලන ඇමතිලා..”

  1. saman says:

    sir
    පුලුවන්නම් හැමදාම අපේ මේ සිංහල මෝඩ මිනිස්සුන්ට
    වියවස්තාව විධායකය ,රටක ආර්ථිකය කියන්නේ මොකක්ද කියන එක
    පොඩි video clip publish කරන්න වියත්මග you Tube channel එකේ

  2. සීගිරි says:

    මේ කවුරැ ආවත් ඔහුගේ අත පය හෙවත් පදනම වෙන්නේ ගමේ නගරයේ ඉන්න මැරයන් ,දූෂිතයන් …….
    ඔහුගේ මොළයේ soft wears (මෘදුකාංග ) වෙන්නේ IMF, World bank මේ රට සහ මේ රටේ ජනතාව කොල්ලකන්න සූරාකන්න හදපු programs …..
    මේ හැමෝගේම ආර්තික වැඩපිලිවල ණය ගැනීම, සල්ලි අචචු ගැසීම ඉන් පසුව බදු,දඩ ගසා ණය වාරක හා පොලී ගෙවීම …..
    මේ වැඩේ කරන්න මොළයක් හදවතක් අනුකම්පාවක් කොන්දක් නැති ඕනෙම නරැමයෙක්ට පුළුවන්…
    ජනතාව එක් වී සංවිධානය වී මේ ක්‍රමය මුලිනුපුටා දමා නව ක්‍රමයක් ගොඩනාගත යුතුය..

  3. cim says:

    Meka UNP ekama thamai, mokada gota hadanneth open -market economy eka idiriyata genayanna,UNP eke prathipaththityath ekamai, wenask naeha,

    • සිංහල කොන්ග්‍රස් says:

      යූේන්පියෙ ප්‍රතිපත්තිය මොකක් උනත් අවුරුදු තුනටම කලේ මහ බැංකු මගඩි ටිකය් රටේ දදේපොල විකුනන ඒකය් පමනය්.

      • cim says:

        Ithin methumanlath karanne ekama thamai
        udaharana 1. Hegin givisuma
        2. Mig deal, Aven guard case,
        3. Gold face land eka
        wage deval neda? ethakota JR ge wirurtha arthikaya genayanna gotek mokadata, sampath vikunanna gotek one wenawada? ekata susussa JR gema Baena , Ranil

  4. karu 1 says:

    නියමයි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

  5. ABN says:

    CIM
    In open economy also there are various types.
    He is going to propose is Socialist Open economy.
    Where as UNP is Capitalist open economy

    • cim says:

      Ane bambuwane ban me dekama karanne ekane, mathakane gold face land eka dunna sinnakkarama, unp karayo dunne 99 ta.

      • ABN says:

        CIM
        I feel very sorry for knowledge.
        You haven’t understood what dr.nalaka had said.

  6. thilan says:

    Namata danawadaya gena kathakala Jr premadasa chandrika wage misra arthikaya karana unp slfp wage pakshana lankawe hitiye.Mahinda kiyanne noothana liberal supiri danawadi arthika kramaya piyawaru.mahindalage slfp kiyanne lankawe samastha viyaparika yanthranaya thiyanagena inna minusu.ugra danawadiyo.mey Jr premadasa wijeweera wage minusu inna dupath paksha wena unp JVP wage minusunge Mona arthika prathi pathida.

Main News