විල්පත්තුවේ කිසිම වන විනාශයක් සිදුව නෑ.. – ඇමති බදියුදීන් ජනාධිති කොමිසමේ සාක්‍ෂි දෙයි..

September 12, 2017 at 8:02 am | lanka C news
විල්පත්තුවේ කිසිම වන විනාශයක් සිදුව නෑ.. – ඇමති බදියුදීන් ජනාධිති කොමිසමේ සාක්‍ෂි දෙයි..

මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දන වල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරය අවට පදිංචිව සිටින වැසියන්ගේ ජනතා අදහස් විමසීම අරඹා ඇත.

මෙහිදී වි්පත්තුව අවට පදිංචිව සිටින වැසියන් රැසක් ජනාධිපති කොමිෂමේ නිලධාරීන් හමුවේ ඔවුන්ගේ මුල් ගම් බිම් වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිෂමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පිර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.

එහිදී කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුධීනන් මහතාද ජනාධිපති කොමිෂම් නිලධාරීන් විසින් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ජන හමුව වෙත ගොස් කියා සිටියේ,

‘පරම්පරාගතව සිටින් වැසියන්ගේ මුල් ඉඩම් නැවත ඔවුන් වෙත ලැබිය යුතු බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් එකවරම විල්පත්තු අවට වැසියන් පන්නා දැමීමෙන් පසුව වසර ගණනාව් අවතැන්ව සිට නැවත පදිංචි වූ මේ වැසියන්ට ඔවුන්ගේ අයිතිය ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවටය.

එමෙන්ම විල්පත්තු අවට නැවත් පදිංචි වූ ජනතාව කිසිලෙසකින් විල්පත්තු වනාන්තරයට හානියක් නොකොට ඇති අතරම ඇත්ම් සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් බොරු ප්‍රචාරයන් පතුරා නැවත පදිංචි වූ ජනතාවගේ අයිතිය අවධානමකට ලක් කොට ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,138 Viewers

6 Comments to “විල්පත්තුවේ කිසිම වන විනාශයක් සිදුව නෑ.. – ඇමති බදියුදීන් ජනාධිති කොමිසමේ සාක්‍ෂි දෙයි..”

  1. raksaya says:

    JADA PALANAYA HORAGE AMMAGEN PEANAAHANAVA

    • ප්‍රසාද් says:

      ජඩ පාලනය හින්දා තමයි විල්පත්තුව කපන එක නැවතුනේ නැත්තන් මුළු කැලයම කපනකම් දන්නේ නෑ එතකොට කවුද දන්නෑ කටාර් ගිහින් ෂේක් ජාසීම් බින් හමාඩ් එක්ක හොර ගිවිසුම් ගහලා ජාසීම් සිටි හදන්න විල්පත්තුව දුන්නේ 2014 කටාර් එවුන් සෙට් එකක් එක්ක බදුයුදීන් විල්පත්තුවේ උත්සවයකුත් තිබ්බා එව්වා මිනිස්සු දන්නේ නෑ ඔක්කොම යටකරගෙන හංගගෙන හිටියා ජනවාරි 8 පස්සේ තමයි ඔක්කොම එලි උනේ.

      • Saradiel says:

        සාක්ෂි වලට කැදවන්නේ බදියුදීන්ගේ බත්බලයන්ද ?

  2. yaldewi says:

    Meya kiyaida ehema kala kiyala. Apita nam satellite images walin hondata penenawa kaleta kisima haniyak na kiyala. aneda kiyanne

  3. sura says:

    විල්පත්තුවෙ පැරණි-මුල් කාලෙක Google Map එකයි, අද Google Map එකයි සංසන්දනය කළාම සක්සුදක් සේ මේ කතාව ඇත්ත කියල පැහැදිලි වෙනවා.

    • OLU says:

      අන්තවාදී ඇමතියා බොරු කීම පුදුමයක්ද ?ජඩ පාලන ලොක්කා රුකයක් නිසාත්, අන්තවාදී මරක්කලයන්ගේ ජාතිවාදී දෙමලුන්ගේ ජන්දය ලබාගැනීමට සුලුජාතින් කරන ජාතික අපරාධවලට දඩුවම් නොදෙයි ..ඔවුන් අරක්ශාකරනවා ..හිටන්ගේ පාලනය ඉවර නොකලොත් අපේ රටේ සිංහලයා බෞද්ධයා ගේ අවසානය අත ලගය
      සිංහල බෞද්ධයෙනි අවදිවෙව්

Main News