විල්පත්තුව රැකගන්න කලාකරුවෝ එක්වෙති…

December 13, 2017 at 2:02 am | lanka C news
විල්පත්තුව රැකගන්න කලාකරුවෝ එක්වෙති…

ජාතික උරුමයක් වූ විල්පත්තු වනය මේ වන විට දැඩි තර්ජනයකට ලක්ව ඇති බව නොරහසකි.

විවිධ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටන අතර එහි ගැබ්ව ඇත්තේ හුදු දේශපාලන පරමාර්ථයන්ය.

කුමන දේශපාන පක්ෂයක හෝ කණ්ඩායමක රැකවරණයක් යටතේ වුවද කවුරුන් හෝ පරිසරය විනාශ කරයි නම් එහි භයානක විපාකයන්ට මුහුණු දීමට සිදුවන්නේ එම වර්ණගත දේශපාලන පක්ෂයට, ජන වර්ගයකට, කණ්ඩයමකට හෝ තනි පුද්ගලයෙකුට පමණක් නොව අප සමස්ථයට ම එහි භායනක ප‍්‍රතිඵලයන් විදීමට සිදුවේ.

එබැවින් රටට ආදරය කරන කලා කරුවන් මෙන්ම පුරවැසියන් ලෙස කිසි`දු බල දේශපාලන, ජනවර්ග, ආගම් වශයෙන් බෙදීමකින් තොරව පරිසරය රැකගැනීමට පෙරමුණ ගැනීමට පැමිණිය යුතුයි යන්න අපගේ විශ්වාසය යි.

උක්ත කාරණා අරමුණු කරගැනීමේ අභිලාෂයෙන් යුතුව 2017 දෙසැම්බර් 14 වැනිදා ‘‘විල්පත්තුව වෙනුවෙන් අපි’’ මැයෙන් සංවිධානය කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර ඇත.

3,774 Viewers

7 Comments to “විල්පත්තුව රැකගන්න කලාකරුවෝ එක්වෙති…”

  1. Trumph says:

    මෙන්න ආයෙත් අවස්ථා වාසි හොර රැල. මෙච්චර කල් බුදියාගෙන ඉදලා චන්දය ලංවෙද්දි බොරුවට එනවා.

    • ජනක says:

      හබ්බ උඹලාට ඕනා විදියට මේ රට විනාස කරන්න දෙන්නේ නෑ .තොපේ අන්තවාදයට වැඩි ආයුෂ නෑ තොපි මුළු ලෝකෙටම එපාවෙච්චි සත්තු ජාතියක් .මේ රට තොපිට ඕනා විදියට කෑලි කඩන්න දෙන්න බෑ තොපිට විතරක් සුවිශේෂී වූ ප්‍රදේශ තියෙන්න බෑ .කිසිම බටහිර රටක එක ජනවර්ගයකට සුවිශේෂී වූ ජනාවාස නෑ එම රටවල ජනතාව පදිංචි කරවන්නේ පොදුවේ හැම ජනවර්ගයක්ම නියෝජනය වන විදියට යුද්දෙන් අවතැන් වුනේ තොපි විතරක් නෙවෙයි සිංහල දෙමල හැමදෙනාම අවතැන් වුනා .තොපේ අන්තවාදී ඇමතියා කටාර් අන්තවාදීන්ගේ සල්ලි අරගෙන මේ රට වහාබි රටක් කරන්න හැදුවට අපි එකට ඉඩ තියන්නේ නෑ

  2. 8 පාස් says:

    මේකේ ඉන්නේ නලාකරුවෝ

  3. අමිල says:

    නලා කාරයෝ ටිකට නලා පිබින්න පටන් ගන්න ඉතින් ජන්දයක් එන්නම ඕනේ

  4. Hewage says:

    In your country some place called Universities are exist. Where so called educated people?

Main News