‘විල්බරෝවේ පටවාගෙන ලී කුඩු ගෙනගිය හැටි’ රස කතාවක් කියමින් හිටපු ආරක්ෂක ලේකම් සමුගනියි..

July 17, 2017 at 10:06 pm | lanka C news
‘විල්බරෝවේ පටවාගෙන ලී කුඩු ගෙනගිය හැටි’ රස කතාවක් කියමින් හිටපු ආරක්ෂක ලේකම් සමුගනියි..

හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ගේ සමුගැනීමේ සාදයක් ඊයේ (16) රාත්‍රීයේ කොළඹ පදනම් ආයතනය දි පැවත්විය. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ඔහුගේ පැරණි හිතවතුන් 150 ක් පමණ පිරිසක් එයට සහභාගි විය.

මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයා පමණක් කතාවක් කරමින් හිටපු ලේකම් ගැන සඳහන් කල අතර ජනාධිපතිවරයා මාධ්‍ය එහි සිටින බව හගවමින් තමාගේ පාසල් ජීවිතයේ සිට එකට සිටි මිතුරා වෙනුවෙන් කතා කිරීමෙන් වැලකී සිටියේය.

පැමිණ සිටි සියලු දෙනා අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කතා කල අතර එහිදි එක්තරා රසවත් කතාවක් කියමින් ආණ්ඩුවටත් සමාජයටත් වැදගත් පණිවිඩයක් දුන්නේය, එම කාතාව මේසේය.

එක්තරා වැඩපලක වැඩකරන කම්කරුවකු වැඩ ඇරි යන විට පෙට්ටියක් පටවාගත් විල්බරෝවක් තල්ලු කරගෙන ගියේය, එහිදි එහි සිටි සිකුරිටි ගාඩ් එය පරීක්ෂා කර බලන විට එම විල්බරෝවේ තිබු කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ ලී කුඩු දමාගෙන එය ඉවත් කිරීමට ගෙනි යන බව පෙනි ගියේය. දින කිහිපයක්ම මෙසේ පරීක්ෂා කොට එම කම්කරුවාට යන්න අවසර ලබා දුනි. එහෙත් දිගින් දිගටම එම කම්කරුවා විසින් එය පුරුද්දක් ලෙස කිරීම නිසා සැක සිතු සිකුරිටි ගාඩ් ලී කුඩු පෙට්ටිය පරික්ෂා කිරිමට පෙර කම්කරුවාට ඉගියක් කලේ ඔහුගේ සැකය දුරු කරගැනීමටයි, එහිදි සිකුරිටි ගාඩ්, “අද මම තමුසේගේ හොරකම අල්ලා ගත්තා ඇත්ත කියනවා, නැත්නම් මම තමුසේ බොස්ට අල්ලා දීල තමුසේගේ රක්ෂාව නැති කරනවා, ඊට ඉස්සෙල්ල ඇත්ත කිව්වොත් මම තමුසේට පොඩි සහනයක් දෙනවා” යන්නයි, . ඉන් බියට පත් කම්කරුවා සිකුරිටි ගාඩ්ට ඇත්ත පැවසුවේ ය. ඔහු සිකුරිටිගාඩ් නොමග යවමින් ඉවතලන ලී කුඩු බව හගවමින් ආයතනය සතු විල්බරෝ ගෙන ගොස් ඇති බව තේරුම් යන විටත් වෙන්න තිබුණ හානිය සිදු වී හමාර බව සිකුරිටි ගාඩ්ට වැටහීනි.

මෙය තේරුම් ගත් සිකුරිටිගාඩ් තමා විසින් තමට පැවරු රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම නිසා තමාගේ රක්ෂාව අහිමිවන බැවින් ඔහු නිහඬ විය. ඒත් ආයතනයට වූ හානිය සිදු වී හමාරයි. යන්න පවසමින් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඔහුගේ සමුගැනිමේ හරවත් කතාව අවසන් කලේය.

එයින් අදහස් කලේ, අද මේ ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා මේ වනවිටම ජනතාවට වෙන්න ඕන සියලු හානි සිදු වී හමාර බවත් ඒ සියලු කාරණා ජනතාවට හංගාගෙන කොහොම හෝ ආණ්ඩුව කිරීමට පාලකයෝ උත්සහ ගන්නා බවත් නමුත් වැඩිකල් නොගොස් ජනතාව එයට උත්තර දෙනු ඇතයි එහි සිටි කිහිප දෙනෙකුගේ කසු කුසුවෙන් තේරුම් ගියේය.

මේ සාදය සඳහා සහභාගි වූවන් අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිලවා, මහින්ද අමරවීර, රවි කරුණානායක, දයා ගමගේ, චම්පික රණවක මෙන්ම ලසන්ත අලගියවන්න මුදල් රාජ්‍ය ඇමතිවරයාද සහභාගි වී සිටියේය. ජනාධිපතිවරයා විනාඩි කිහිපයක් රැදි සිට එම සාදය අවසන් වීමට පෙර නික්ම ගියේය.

45,732 Viewers

13 Comments to “‘විල්බරෝවේ පටවාගෙන ලී කුඩු ගෙනගිය හැටි’ රස කතාවක් කියමින් හිටපු ආරක්ෂක ලේකම් සමුගනියි..”

  1. විගණන අධිකාරී says:

    ලී කුඩු පටෝගන විල්බැරෝ හොරකම්කලේ කෝපිකාලෙ.
    ඒ වෙනුවට දැන් මහ දවල් හොරකම් කරන්නෙ මහබැංකු බැඳුම්කර.

    • Lal says:

      I think what he meant was during the former regime Rajapaksha and his gang who is now representing as JO robed the country saying they are developing the country. Finally people came to what the Rajapaksha’s have done.

      • Boo says:

        “Finally people came to what the Rajapaksha’s have done.”

        Oh! Really? when did someone including you proved that Rajapakshas have done something similar to what Ranil and the thieves done to the country by robbing the central bank?

        When did “people came to know” ? We didn’t know. No one knew. Is that another top secret investigation this thieves have done without telling anyone?

        Ha Ha what a stupid joke? Stupidity in huge display.

      • sdvdf says:

        This is why we call you dumb, idiot

      • Dharshana says:

        Lal, are you eating Koskola for the breakfast, Crotonkola for the lunch and Thanakola for the dinner?

  2. Sihala Yaka - සිහල යකා says:

    රාජ්‍ය සේවයේ නමක් තියාගෙන හිටපු ඉංජිනේරු මහත්තය සිකුරිටි වැඩේ කරන්න ගිහින් අන්තිමට නමත් කැත කරගෙන යන්න ගියා. වෙන්න ඕන හානිය වෙලා හමාරයි.

    • asaranaya says:

      මහත්තයෝ දැන් ඉන්න ඈයෝ ලී කුඩු නොවෙයි සෙකුරුටි ( කොට නම් සෙකුරිටිලාට ) කාරයන්ට ගානක් දීල මත්කුඩු තමයි අදින්නෙ, තවත් සමහරු ටික වෙලාවක් රැඳිලා හීන් සීරුවේ මාරු වෙලා යනවා , තොපි කරගනියව් කියලා, මුලු රටම විනාශයි, කම්කරුවා වීල්බැරෝව විකුණා ගනුදෙනුව සොයාගන්නවා, දැන් ආන්ඩුකරන ඇයෝ රටක් වනසලා ඌව ගනුදෙනුව සොයාගන්නවා.

  3. Nandasoma says:

    ලී කුඩු පටෝගන විල්බැරෝ හොරකම්කලේ කෝපිකාලෙ.
    ඒ වෙනුවට දැන් මහ දවල් හොරකම් කරන්නෙ මහබැංකු බැඳුම්කර.

  4. Sootin says:

    MaRa Ratata kola Hariya Neda me Kiyanne ?

    • Kamal says:

      Yako, MR kale kotingen rata bera gaththa ekane.
      Eh gena moo wachanayak wath kiyanne nahene, ungrateful bugger!

  5. Upul says:

    ලී කුඩු පටෝගන විල්බැරෝ හොරකම්කලේ කෝපිකාලෙ.
    ඒ වෙනුවට දැන් මහ දවල් හොරකම් කරන්නෙ මහබැංකු බැඳුම්කර.

Main News