විවේචනයෙන් පසු ජනපති-පොලිස්පති හමුවේ.. පැත්තවත් නොබලයි.. වචනයක්වත් කතා නෑ..

October 7, 2018 at 9:20 am | lanka C news
විවේචනයෙන් පසු ජනපති-පොලිස්පති හමුවේ.. පැත්තවත් නොබලයි.. වචනයක්වත් කතා නෑ..

උතුරු නැගෙනහි සංවර්ධනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය එහි සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් කරන ලදී.

ඇමතිවරුන් 28 දෙනෙකු නියෝජනය කරම මෙම කමිටුව සදහා එමිද පැමිණ ඇත්තේ 10 දෙනෙකුටද අඩු පිරිසකි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඊට සහභාගී වී ඇත්තේ ඇමතිවරුන් වන ගයන්ත කරුණාතාලක හා ඩී.එම්. ස්වාමිනාදන් පමණි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද ඒ සදහා සහභාගී ඇති අතර ජනාධිපතිවරයා එම හමුව පුරාම පොලිස්පතිවරයා සමග අදහස් හුවමාරුවකින් තොරව කටයුතු කල බවද වාර්තා වෙයි.

පොලිස්පතිවරයා අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සමග කතාබව කිරීමට උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැති බවද සදහන්ය.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී පොලිස්පතිවරයාට දැඩි දෝෂාරෝපනය කිරීමෙන් පසු ඔවුන් හමුවූ මුල් අවස්ථාවක් මෙය විය.

15,811 Viewers

4 Comments to “විවේචනයෙන් පසු ජනපති-පොලිස්පති හමුවේ.. පැත්තවත් නොබලයි.. වචනයක්වත් කතා නෑ..”

  1. ගන්ජ බන්ඩා says:

    බය නැති අගමැති වග‌ේම බය නැති ප‌ොලිස්පති. කවුරැවත් කාටවත් බය නැහැ. ‘යහපාලනය’ කියන්න‌ෙ ඔිකට තමය්.

  2. john the baptice says:

    උතුරට කිරි දකුනට කැකිරි වරෙල්ලා චන්දේ ඉල්ලගන මෙදා පොටේ දෙනවා බැටේ ගෙදර යන්න

  3. Deesa says:

    ඔය පතිල දෙන්නම ඉල්ලා අස්වෙන්නකෝ.අපිට ඔයාලව එපාවෙලා ඉන්නෙ.ජෝකර්ලා දෙන්නෙක් එකට හමුවු අවස්ථාවක්.

  4. මේකත් හරියට සැමියයි බිරිදයි වගේ රංගනයක් නේ? දෙකම පන නැහැ.... says:

    මේකත් හරියට සැමියයි බිරිදයි වගේ රංගනයක් නේ? දෙකම පන නැහැ..වල්ලත් නෑ….බලලත් නෑ..කඩුවත් නෑ…පොල්ලත් නෑ වගේ නේද පුතේ බාප්පට?

Main News