විශ්මිත මිනිස් ප්‍රඥාවේ උදාව අදයි..

May 10, 2017 at 1:20 pm | lanka C news
විශ්මිත මිනිස් ප්‍රඥාවේ උදාව අදයි..

පටිච්චසමුත්පාදය නැමැති විශ්මිත විද්‍යාව සොයාගත් දිනය අදයි. එය සොයාගත් මිනිසාගේ උපත ද විපත ද සිදු වු දිනය අදයි. පටිච්චසමුත්පාදය යනු අදිසි දෙවියෙකු හෝ අන් කිසි නොපෙනෙන බලවේගයක මවාපෑමක් නොව, ශුද්ධ මිනිස් නිර්මාණයකි. ඒ මිනිස් ප්‍රඥාවේ උපරිමයයි. බුදුන් වහන්සේ යනු මිනිසෙකි. මිනිස් ප්‍රඥාවේ ඉහළ ම අත්තේ සුපුෂ්පිත කුසුමයි. බුදුන් වහන්සේ තරම් අන් කිසිවෙකු විසින් මා පුදුමයට පත්කර නැත. අනාගතයේ ද එසේ කරනු නැත.

බුදුන් වහන්සේගේ පටිච්චසමුත්පාදය පරයා යන දර්ශනයක්, චින්තනයක් හෝ විද්‍යාවක් එදා මෙදාතුර ලෝකයේ කිසිදු තැනක කිසිවෙකු විසින් සොයාගෙන නොමැත. පටිච්චසමුත්පාදය යනු හුදු ආගමික ඇදහිල්ලක් නොවේ. එය විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවසාන විවරණයයි. ස්ථිර සාරයක්, වෙනස් නොවන පදාර්ථයක් හෝ සර්වබලැති වෙනස් නොවන දෙවියෙකු නොමැති ව, ලෝකය තෙමේ ම නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයක නිමග්න වන බව ඉගැන්වෙන දහම පටිච්චසමුත්පාදයයි. සුප්‍රකට ජර්මන් වියතෙකු වන Hermann Oldenburg විසින් becoming without substance කීවේ මෙයටයි. සාරයක් (substance) තිබේ නම් ලෝකයට පැවැත්මක ද තිබිය නොහැකි ය. මන්ද සාරයක් යනු ස්ථිර තත්වයකි. එය සක්‍රීය නැත. වෙනස් වන්නේ ද නැත. එය මරණය සමාන ය. වෙනස් නොවන දෙයකින් කිසිවක් නිර්මාණය ද කළ නොහැකි බැවිනි. යකඩ රත්කොට මෘදු කිරීමෙන් පමණක් පෑස්සිය හැකි ය. ලෝකයේ ජීවය යනු සාර රහිත බවම ය.

පටිච්චසමුත්පාදය විසින් අපට කියා දෙන්නේ, මුළු ලෝකය ම එකම සක්‍රිය යමහළක් බව ය. පජ්ජලිතෝ ලෝකෝ කීවේ එහෙයිනි. ඇතැම් තන්හි ඇවිලීමේ තීව්‍රතාව අඩු ය. ඇතැම් තන්හි මධ්‍යස්ථ ය. ඇතැම් තන්හි උපරිමයයි. එහෙත් ලෝකයේ මූලික ම ව්‍යාකාරණය නිරන්තර අන්තර්ක්‍රියාව නිසා, ඉහත අඩු වැඩි මැදි සක්‍රීයත්වය තුළ, අපට පෙනුන ද නොපෙනුන ද ඇත්තේ අප ද ඇතුළු ලෝකය ම එකම විශ්ව යමහල් නදියක ගලා යෑම ය. මේ විශ්ව ගලනයෙන් (Universal flux) මිදුනු කිසිවක් නැත. අමතර කරුණකි. ස්ථිර පදාර්ථ නැති නම් එම විශ්වයට කේන්ද්‍ර ද නැත. ලෝකයට කතුවරු අහිමි වන්නේ මේ පදනමිනි.

ලෝකය අපට නිරන්තරව බල කරන්නේ සාරයක් පිළිගන්නා ලෙසට ය. ඇත්ත වශයෙන් ම, අවිද්‍යාවේ කාර්යභාරය වන්නේ ම, අප මතට සාරයක් පිළිබඳ විස්වාසයක් පතිත කිරීමට ය. ඒ මන්ද යත් එවැනි විස්වාසයක් නොමැති ව ලෝකයේ පැවැත්ම නඩත්තු කරගත නොහැකි බැවිනි. ලෝකයේ අරමුණ නිර්මාණය හා ප්‍රතිනිර්මාණයයි. පින්තූරයක් දෙසට ඕනෑවට වඩා කිට්ටු වී බැලූ විට ඔබට පින්තූර පෙනේ ද? නැත. සියල්ලට සීමාවක් තිබේ. ඒ ඊනියා පැවැත්මේ සීමාවයි. බුදුන් වහන්සේ අපට පැවැත්මේ සීමාව ඉක්මවා යෑමේ කවුළුව විවෘත කොට ‍ලෝකය ඇති සැටියෙන් පෙන්වාලූවේ ය. ඒ මන්ද ගමන දැන ගෙන යාම අතරමං නොකරන බැවිනි. බුදුදහම අපෙන් ඉල්ලන්නේ එයයි. ඇවැසි නම්, ගමන නවතාලිය හැකි ය. ඒ අප නිරන්තරව ලෝකය තුළ භවයෙන් භවයට ගමන් කරවන විනාශ කළ නොහැකි ලෙස සිතන ශක්තිය විනාශ කර දැමීමෙනි. නිවන යනු ඒ ය.

– මහින්ද පතිරණ FB

12,222 Viewers

49 Comments to “විශ්මිත මිනිස් ප්‍රඥාවේ උදාව අදයි..”

  1. Sanath Peiris says:

    හැම එකටම ලෝගෝ ⁣එක වෙනස් කරන google වෙසක් එකට ලෝගෝ වෙනස් කලේ නැහැ

    • senaka says:

      apita google ekata balapam karanna eka deyay thinne.. Sri lankawa widiyata wala search karanna wena ekak use karamu…! google kiyana widiyata sri lankawa thama wdiyen ma wala search karanne…

  2. OLU says:

    HAPPY VESAK DAY
    May Lord Buddha’s preachings for
    right conduct,
    right motive,
    right speech,
    right effort,
    right resolve,
    right livelihood,
    right attention and
    right meditation…
    help us to eradicate evil and suffering from this world.
    Let us pray for peace & harmony
    for all the humankind
    on this auspicious day…
    Happy Vesak Day

  3. Sanath Peiris says:

    Google doodle must be change for wesak

  4. sky says:

    සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් දිනයක් වේවා !!!!
    https://www.youtube.com/watch?v=2ocZCvUXmEI.

  5. CAT says:

    සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!1
    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ
    විශේෂයෙන් C news කාර්ය මණ්ඩලයට සහ අපේ සිංහල බෞද්ධ ජනතාවට ..එකාබද්ධ විපක්ෂයට .සුභ වෙසක් දිනක් වේවා !!!

  6. Joy says:

    Wishing that the teachings of the Buddha guide you and blesses you with peace!
    Happy Vesak day

  7. love nature says:

    සිංහලයන් නැතිදාට බුදු දහම.

    “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි. යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොර ව සිංහලයාට කතා කරන්නට වචන වත් සොයා ගැනීම දුෂ්කර ය. ඒ බව උදේ ගුවන්විදුලියේ “දවසේ සිතුවිලි” වලට ඇහුම්කන් දුන් විට වැටැහෙනවා ඇත. මේ කාරණය නිසා අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් ලංකාවේ පැවැතුණේ බෞද්ධ පරිස‍රයෙකි. ලංකාවේ බෞද්ධ පරිසරය කොපමණ හොඳින් පැවැතුණාද යනු ලෝකයෙහි පැතිරී ගිය ගුණ ඝෝෂයෙන් ම පැහැදිලි වෙයි. චීන ජාතිකයන් “රත්නදීප” යයි ද, සියම් ජාතිකයන් “දේව ලංකා” යයි ද, බුරුම වැසියන් “සිංහ විහාර” යයි ද, හින්දූන් “ස්වර්ණ ලංකා” යයි ද ව්‍යවහාර කළේ තම ගෞරවය මේ දිවයිනට දැක්වීමට ය.

    “තම්බපර්ණී” ද්වීපය චෛත්‍ය මාලායෙන් ද, අර්හත් ධ්වජයෙන් ද බබළයි. එහි රිසියෙන තැනෙක හිඳිනට ද හෝනට ද හැකිය. ඍතුසප්පාය, සේනාසනසප්පාය, පුද්ගලසප්පාය, ධම්මසවණසප්පාය යන හැම පහසුකමක් ම සුලබ යයි දඹදිව පුරා පැතිරී තිබුණු කීර්ති රා‍වයෙන් ද ලංකාවේ පැවැති පරිසරය කෙබඳු දැ යි සිතා ගත හැකි ය. පෙර ලක්දිව මහාමාර්ග, පදික මාර්ග, පැන් හල්, ගේ දොර, තොටුපළවන්, කඳු කැලෑ, ගල්ලෙන්, ගුහාකුටි, විහාරශාලාදී ස්ථානයන් අතුරින් යම් යම් අය මාර්ග ඵල නො ලත් තැනක් නම් නොවූ බව ද, පිඬු සිඟා වැඩ මඳක් බලාපොරොත්තු වන ප්‍රස්තායෙහි පවා ඇතැම් පැවිද්දන් මග පල ලැබූ බව ද, එක් කලෙක ලක්දිව එක ම පුහුදුන් භික්‍ෂුවක්වත් ‍නො සිටි බව ද විභංග අටුවා‍හි සඳහන් වේ. මෙයිනුදු ලංකාවේ තිබුණු පරිසරය කෙබඳු දැයි සිතා ගත හැකි ය. මෙසේ ලංකාවේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් පැවැති බෞද්ධ පරිසරය විදේශීන්ගේ පැමිණීම නිසා ඉබේ ම නැති වුණා නො‍ වේ. එය ඔවුන් විසින් බලයෙන් ම විනාශ කරනු ලැබිණි. එසේ විනාශ වුණු බෞද්ධ පරිසරය නැවතත් ඇතිකැර ගැනීමට ත‍ිබෙන බාධා නැතිකැර දැමීමට බලවත් උද්ඝෝෂණයක් ඇති කළ යුතු ය.

    • SARA says:

      In general, Buddhism is a way of finding peace within oneself. It is a religion that helps us to find the happiness and contentment we seek. Buddhists develop inner peace, kindness and wisdom through their daily practice; and then share their experience with others bringing real benefit to this world.
      Buddhism goes beyond religion and is more of a philosophy or ‘way of life’. It is a philosophy because philosophy ‘means love of wisdom’ and the Buddhist path can be summed up as:
      (1) to lead a moral life,
      (2) to be mindful and aware of thoughts and actions, and
      (3) to develop wisdom and understanding.
      The Buddha taught many things, but the basic concepts in Buddhism can be summed up by the Four Noble Truths and the Noble Eightfold Path.
      A key belief in all Buddhist groups is the importance of meditation. Without calming our mind, and examining our mind’s nature and its beliefs, we can never reach enlightenment. Doing this sitting down is called meditation, and doing this while we undertake everyday activities is called mindfulness.
      Everything is based on mind, is led by mind, is fashioned by mind. If you speak and act with a polluted mind, suffering will follow you, as the wheels of the oxcart follow the footsteps of the ox.
      RULE YOUR MIND OR IT WILL RULE YOU –( Buddha )
      Wishing you peace and happiness On Vesak Day and always!

  8. Saradiel says:

    ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී.

  9. love nature says:

    ඇයි මේ ගැන නොසිතන්නේ?

    අචිරං වතයං කායො
    පඨවිං අධිසෙස්සති
    ඡුද්ධො අපෙත විඤ්ඤාණො
    නිරත්ථං’ ව කලිංගරං

    “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය”

  10. love nature says:

    බුදු දහම යනු හුදෙක් උපතින් බෞද්ධයන් උදෙසා පමණක් තිබෙන ආගමක් නොව ප්‍රඥාවන්තව විමර්ශණය කරන්නාවූ බුද්ධිමත් සැමටම, ආගම් ජාති කුලමල තත්ව තානාන්තර වයස් භේදයකින් තොරවම ඇසුරු කරන්නට හැකි දහමක් බව නිතරම පාහේ පෙන්වා දෙන්නේ ඒ නිසාම තමයි.

  11. Saradiel says:

    කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ.

    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ.

    මෙ දෙකෙනි මෙ සසර දුක් දුරැ ලන්නේ.

    සුදනනි කිම විරිය නොකරන්නේ.

    • ගිරවා says:

      If there is any religion that could respond to the needs of modern science, it would be Buddhism.”
      ― Albert Einstein
      Best Wishes for a Peaceful Vesak

  12. Saradiel says:

    කොතන වුවත් නැත මාරු හට බදා.

    විදින මෙ සැප පින් ඇත්තෙක් වේදා.

    ගෙවන සසර දුක් බුදු බණ නාදා.

    කුමන නැටුම් කෙළි කවට සිනාදා.

  13. Saradiel says:

    කුමටද කා බී නීති සැරසෙන්නේ.

    කොතනද මේ කය ඇරගෙන යන්නේ.

    ඇම සඳ නොමැළිව පින් කැර ගන්නේ.

    එමවද බව සයුරෙන් ගොඩ ලන්නේ.

  14. E.A. Gamini Fonseka says:

    Dear Dr Mahinda, I totally agree with you. The doctrine of dependent arising is the core of the Buddha’s teaching. That nullifies all other interpretations about life.
    Thank you for sharing your profound perception of the Buddha’s teaching with the fellow humans.
    Best,
    Gamini

  15. rohan says:

    දැන් ඔය උඹලගේ පටිච්ච සමුපදයට “සාක්කි” තියෙනවද??

    නැහැනේ.

    නිකන් ආගමික “විස්වාස” ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා.

    • යකා says:

      උඹ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියල දන්නවද? 😀
      නොදන්නා මගුල් කතා නොකර පල්ලියට ගිහින්, බයිබලේ කියවල, “ආමෙන් ” කියපන් ..

  16. ඉතා දීර්ඝ කාලයකින් පසු මේ උතුම් වෙසක් පොහොය දිනයේ ලංකා සී නොව්ස් අඩවිය නැවත වතාවක් පොහොය දිනය උදෙසා වටිනා ලිපියක් ඉදිරිපත් කර ඇත. සී නිව්ස් හි පැරණි පාඨකයෙකු වශයෙන් මා මේ ගැන මගේ කෘතඥතාවය පල කරමි.

    එසේම අද දින පල කර ඇති ලිපිය ඉතාම වැදගත් වූ මාතෘකාවක් ඔස්සේ සිදුකල සාකච්චාවකි. බුදු දහම ලොවට උගන්වන ලෝකයෙහි හට ගැනීමත් පැවැත්මත් විනාශයත් පවතින්නේ පටිච්ච සමුප්පාදය ඇසුරෙහිය. ඉන් පරිභාහිරව කිව හැකි සැකැස්මක් පැවැත්මක් හෝ නැසීමක් ගැන කතා කල නොහැකිය.

    සියලු සී නිව්ස් කාර්‍ය මණ්ඩලයට හා පාඨායන් හට මේ උතුම් තෙමගුල් දිනේ තෙරුවනෙහි පිහිට ආරක්ශාව පතමි.

  17. sing says:

    විශ්වයේ ක්‍රියා කාරිත්වය​…ගැන ඕනම කෙනෙක් කියති…නමුත් ආර්ම්ඹය ඇසුවොත් එවා නොසොයන්න කියන සර්වඥ්තා ඥාණය කුමට ද​….මිනිසාගේ හිත සුව පිනිස කියා වනයේ තපස් රැක යමක් කීවාට ….එය සාර්ථක දෙයක් මහා ඉහලින් පිලි ගන්නේ අමුම අමු මෝඩයෝය​…..තමා නොපෙනී ගියා කීවත් සියල්ල දැක්කා කීවත්…අඩුම ගානේ දෙව්දත්ත ගල් පෙරලන එක නොදැක්ක සියලුම දේ දැක්කා කියන එක ..අද මිනිසා පිලිගන්නේ ඔවුන් ගේ මන් ද මානසිකත්වය නිසාය​…අඩු තරමින් සාමන්‍ය යෙන් මිනිසා එදිනෙදා ලෙඩ වෙන එකට බෙහෙතක්වත් ඔය සර්වඥතා ඥාණයෙන් ..සොයා දුන්නා නම් කෙතරම් අගේද​???….ඒ උනාට ලෙඩ වෙනවා…වයසට යනවා වේදනා දෙනවා කියමින්…බුදුන් වහන්සේ පැවසීමෙන් පලක් තිබේද​???..

    • ආරම්භය නොසොයන්න කියා බුදු දහමේ කොතැනකදීවත් කියා නැහැ.
      ආරම්බය පිළිබඳවවූ ලෞකික සම්මුති සංකල්පය වූ ලෝකෝත්පත්තිචර්‍යාවංශය බුද්ධ දේශනාවෙහි ඇත.
      ආරම්බය පිළිබඳවවූ පරමාර්ථ සංකල්පය පටිච්ච සමුප්පාදයෙහි ඇත.

      ඔබ ඒ ගැන උනන්දු නම් කියවා තේරුම් ගන්න. බුදු දහමෙහි වූ මේ පැහැදිලි කිරීම ඔබ හා මා වැනි මිනිසුන් උදෙසායි.

  18. love nature says:

    ලෝකය මත ජීවය ඇතිවූ ආකාරය බුදු දහම තුල විස්තර කර ඇත්තේද මැවීමකින් තොරව හටගත්තක් ලෙසයි.
    මේ පිළිබද පාඨික සුත්‍රය හා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදු හිමියන් දේශනා කර ඇත .

  19. sing says:

    ලව් නචුරල්….
    හොඳයි එහෙනම් බුදු දහමට අනුව ..ලෝකය බිහි උනේ කොතනින් ද​??එහි ආර්ම්ඹය කිසිවෙක් තුලින් නොවුනානම්….එය බිහි උනේ ඉබේම ද​??..මිනිසා ගැන කතා කරන විට …..මුලිනම් බිහි උනේ මිනිසාද​??නැතිනම් ..මිනිස් ශුක්‍රානුවද​….ඒ කොහේදීද​???මක් නිසාදයත් බයිබලයේ පැහැදිලිවම තියෙනවා මුලින්ම මිනිසා නිර්මාණය කල බවත්..ඔහුව පොලොවෙන් ගත් බවත්….ඔබ බුදු දහමෙන් මෙය බොරු කිරීමට කල යුත්තේ…ඉහත මගේ ප්‍රශ්ණෙට පැහැදිලි ..ඔප්පු කිරීමක් තුලින් පමණයි…විය හැකියි…එහෙම වෙයි…එහෙම වෙන්නත් පුලුවන් කියන කතා නොකියන්න​..කෙලින් ඔප්පු කර පෙන්වන්න​…

    • abarose says:

      මගේ අම්මෝ …..සිං මලේ කොහොමද සැප සනීප? අපේ අනිත් කට්ටිය එහෙම කොහොමද? පස්සේ හෙමිහිට කතා කරමු හොඳේ …..

  20. sing says:

    ආසයි අප්පා ඔයාලා සමග එ සොඳුරු අතීතයට යන්න​……එන්න අපි කතා කරමු….හාද​??

    • ඔව් නේ සිං සහෝදරයා,
      ඒ කාලෙත් අපි මොන තරම් දේවල් කතා කලාද
      සී නිව්ස් පොහොය ලිපි පෙල නවත්වපු නිසා ඒක එහෙමම බිඳ වැටුනානේ.
      ඇබරෝස් සිං වගේ අය ආයෙත් මුන ගැහුනම් හරිම සන්තෝසයි.
      අපේ අර පරණ කෙනෙක් හිටියේ “=/?” කියලා අන්න එයත් ආයේ එනවනම් හොඳයි.

  21. sing says:

    ඇත්තටම ඔව් සිතිවිලි සහෝදරයා…මොනව උනත් මොන අදහස් මත දැරුවත් අපෙ කිසිම අමනාපයක් නැහැ..අන්න එකයි වැදගත්ම දේ..නැද්ද​?

    • ඒකනේ මොන තරම් වාද විවාද කලත් ආයේ දැක්කහම සතුටු හිතෙන්නේ.
      කිතුනු ආගම වෙනුවෙන් පෙනී හිටපු ඔබ තුමන්ලට වඩා මම ගහ ගත්තේ උග්‍ර බෞද්ධයෙක් වෙච්චි අපේ =/? එහෙම නැතිනම් පස්සේ යසක කියන නමෙන් හිටපු කෙනත් එක්කයි. ඒ කා එක්කවත් අපේ කිසිම තරහක් නැති වීම කොයිතරම් හොඳද? එතකොට මාතර ආතර, ජෝසප් තව කොයිතරම් කට්ටිය හිටියද?

  22. sing says:

    බලමු සහෝදරයා ඉදිරියට එයාලත් එයි….කෝ අපේ ආර් ඩයස්..?එයා නම් ඉන්නම ඕන කෙනෙක්…නැද්ද සහෝ….

    • මොනවද කියන්නේ ” Rev. Dias” තුමා ඉන්නම ඕනේ මොකද එතුම අහන ප්‍රශ්නත් එක්ක අපිට හුඟක් දේවල් සාකච්චා කල හැකියි.

      • abarose says:

        ඔව්,ඔව් සිතුවිලි, සයක වත් මුණගැහෙන්න තියනවනම් තවත් රසවත්වේවි අපේ කතාව…

  23. sing says:

    හික් හික් යසක සකය!!!!​…මරු එයානම්…ඔයාලා… මම කැමතියි ඔයලා බෞද්ධ මත කිතුණු අදහස් සමග ගැටෙන්න ඔන්න අමණාප නම් බැහැ හොදේ…..හාද​?

    • සිංග් මල්ලි අමනාප වෙනවානම් අද අපිට එකිනෙකා දැක්කහම මෙහෙම සතුටක් දැනෙයිද ඒ කාලේ මරාගත්තු හැටියට.
      ඒත් ඉතින් දැන් මෙතැන ඉන්නේ සිංග්, අබරෝස් හා සිතුවිළි කියන පරණ භූතාත්ම තුන විතරයිනේ. අනික් උන් දෙතුන් දෙනෙක්වත් ආයේ ආවානම් මොනවා හරි කථා කරන්න තිබුනා.
      ජෝසප් නම් එයි කියලා මම බලා පොරොත්තු වෙන්නේ නැහැ එයා දැන් රාජකාරි කටයුතුත් එක්ක හරිම කාර්‍යභහුලයිලු

      • abarose says:

        සිතුවිලිගේ කතාව හරියට හරි සිං මලේ……ඒත් ඉතින් සයක මලයා කොයි ලෝකේ ගිහින්ද මංදා …ඉස්සර නම් තත්පරෙන් තත්පරේට කොමෙන්ට් පල කරා..ඒ නිවාඩු කාලේ හින්දා ..දැන් දවස් කිහිපයකට වරක්වත් එන්නට ලැබුනොතින් ඒකත් වාසනාවක්…

  24. sing says:

    ඔයා මොනවද මේ කියන්නේ….ජොසප් කොලු..අයෙත් එවී..මොකෝ කියන්නේ බොදුනු..කිතුනු..සන්වාදයකට කැමතිද​?…අර ජෝසප් ….මට මතකයි උන් ද මාත් එක්ක වාද කරපු දේවල්…ඕන් මම පටන් ගත්තා….
    මිනිසෙක් පින් රැස් කරන්නේ ඇයි…?

    • බුදුදහම තේරුම් ගත් අයෙකුටනම් රැස් කිරීමේ අරමුනින් පින් කිරීමත් නුසුදුසුයි.

  25. abarose says:

    සිං මලයාගේ රැස් කිරීමේ චේතනාව එතැනම කඩාපි !!

  26. sing says:

    එහෙනම් ඇයි බුදුන් පින් රැස් කරන්න කිව්වේ…සතුන් ..යකුන් ප්‍රේතයන් මිනිසුන් වෙලා ඉපදෙන්නේ පින් කුසල් අකුසල් බලෙන් නිසා බොහෝ පින් රැකරන්න කීවේ නැද්ද​…නැති නම් ඔබ බුදුන්ටත් එහා ගිය අයෙක්ද​?

    • king says:

      koheda ehema kiyala tiyenne? pissuda?

    • නෑනේ සිංග්මල්ලි,
      බුදු හාමුදුරුවෝ පින් රැස් කරන්න කියලා කොහේදිවත් කියලා නැහැ. ඒක ඔබතුමා හිතාගත්තු කාරනයක්. ඉතින් ඒකට අපි මක් කරන්නද?

      • sing says:

        ඔබ තුමාට මා පහතින් අසා ඇති ප්‍රශ්ණට පිලිතුරු දිය හැකිද​?

  27. sing says:

    තම අඹුවන් දරුවන් දන් දී පින් කර ලැබෙන බුදු බවෙන් පලේ කිම​?

    • අඹුදරුවන් දන්දීමෙන් පින් ලැබෙනවා කියා බුදු දහමේ කියා නැහැ.
      පින් රැස් කිරීමෙන් බුදු බව ලද හැකියි කියාත් බුදු දහමේ කියා නැහැ.
      ඔබ අසන ප්‍රශ්නයට මීට වඩා දිය හැකි පිළිතුරකුත් නැහැ

      • sing says:

        එහෙනම් ඔබ තුමා බුදු දහම දන්නෙත නැහැ…

      • sri says:

        බුදුදහම පිළිබදව හරියට කිසිම දෙයක් නොදැන කථා කර මෙම ලෝකයේ පවතින ශේෂ්ඨම දහමට අවමන් නොකරන ලෙසට ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. බුදුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ගණනක් පෙරුම් පුරමින් අඹු දරුවන් දන් දෙමින් පැමිණ බුදු බව ලැබූවේ තමන් වහන්සේගේ පුද්ගලික අරමුණක් සදහා නොව ලෝක සත්වයා පිළිබදව මහා කරුණාවෙන් පරම උත්තරීතර වූ , භව ගමනේ සදා සැනසුම වූ , අමා නිවන ලබා ගන්නා අාකාරය දේශනා කිරීමටය. අප වැනි පෘතග්ජන මිනිසුන් මම මගේ කියා අඹුදරුවන් පමණක් නොව තමන්ගේ කියාගන්නා සියල්ලන් අාශාවෙන් බදාගන්නේ ඔවුනට අැති අසීමිත අාශාව (තන්හාව) හේතුවෙනි. දුකට පධාන හේතුව මෙම තන්හාවයි. බුදු කෙනෙකුගේ කරුණාව ඔබට මට සිතා ගැනීමටත් නොහැකිය. උන් වහන්සේගේ කරුණා ගුණය සැමට ඒක හා සමාණය. ඒම මහා කරුණා ගුණය උන් වහන්සේට පිහිටන්නේ ලෝක සත්වයාගේ පූර්ව අාත්ම දකිනා නුවණ නිසාවෙනි. ඒ් නුවනින් මේ ලෝකයේ සෑම කෙනෙක්ම තමනට නෑදෑයෙක් වී අැති බව අවබෝධවී සැමට ඒක හා සමාන කරුණා ගුණයෙන් පිහිට වූහ. ඒ මැරැමින් ඉපදෙමින් අටලෝ දහමට අනුව යන මේ භව ගමන නිමා කරන නිවන නම් වූ අමා වතුර පානය කරන්නට දී සදා සැනසුම ලබා දීමෙනි. ඒ පරම
        නිවනින් සැනසූන ජීවිත ඒදා මෙන්ම අදත් සිටිති. ඒය අවබෝධ කරගත්තෝ මේ කටුක භව ගමන ඒතනින්ම සදා නිමා කරති. ශේෂ්ඨ වූ ධර්මයක් අධ්‍යනයය නොකර කිසිදා වාදයකට නොයන්න. බුදුන් වහන්සේ ගැන උන් වහන්සේගේ ධර්මය ගැන නිවන ගැන කිසිම තර්කයක් නැත. ඒය විතර්කය. ඔනෑම කෙනෙකුට ගමන් මාර්ගයට බැස තම නැණ නුවණින් ගමනාන්තයට ළගාවිය හැක්කේමය. ළගා කර ගත හැක්කේ පඤ්ඤාවන්තයින්ට පමණක්මය. ඒය පරම සදා සත්‍යයි. මාගේ පැතුම මේ භව ගමනේ අතරමං නොවී ඔබද මේ සත්‍ය මාර්ගයට බැස ගමනාන්තය වන උතුම් නිර්වාණයට(චතුරාර්ය සත්‍යට) පැමිනෙත්වා යන්නයි. සැමට තෙරුවන් සරණයි!

      • නැහැ සිංග් සහෝදරයා, මම දන්න බුදු දහම ගැන තමයි කථා කලේ. ඔබ මීට වඩා වෙනස් බුදු දහමක් දන්නවානම් මටත් ඒක කියා දෙන්න. එතකොට අපිට තව සාකච්චා කල හැකියි.

    • sri says:

      වහන්සේගේ ධර්මය ගැන නිවන ගැන කිසිම තර්කයක් නැත. ඒය විතර්කය. ඔනෑම කෙනෙකුට ගමන් මාර්ගයට බැස තම නැණ නුවණින් ගමනාන්තයට ළගාවිය හැක්කේමය. ළගා කර ගත හැක්කේ පඤ්ඤාවන්තයින්ට පමණක්මය. ඒය පරම සදා සත්‍යයි. මාගේ පැතුම මේ භව ගමනේ අතරමං නොවී ඔබද මේ සත්‍ය මාර්ගයට බැස ගමනාන්තය වන උතුම් නිර්වාණයට(චතුරාර්ය සත්‍යට) පැමිනෙත්වා යන්නයි. සැමට තෙරුවන් සරණයි!

      • ශ්‍රී, ඔබේ උත්සහය හොඳයි. ඒත් දහමෙහි අගක් මුලක් නොදන්නා අප මිතුරන්ට එක් වරම මෙතරම් වූ දෙයක් කියන්නට යාමෙන් ඔවුන් බුදු දහම තවත් එක ආගමක ස්වරූපයෙන් එහාට දකින්නේ නැහැ. එමගින් ඔවුන්ට ගැටෙන්නට තැන් රැසක් ලබා දීමෙන් වෙන්නේ අවැඩක්මයි නේද?
        ඔහු තවත් ප්‍රශ්න අසනවානම් අපි ඔහුට පිළිතුරු දෙමු. ඒ තුලින් ඔහු කෙසේ වෙතත් අපි අපේ අවබෝධය වඩවා ගනීවි.
        ඔහුත් හැකිනම් යමක් උකහා ගනීවි.

        එසේම බුදු දහමට අවමන් කිරීමක් කියන කාරනය ගැන ඔබ එතරම් ගැටෙන්නට එපා. බුදු දහම ගැන අප දන්නේ “සිඳිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ” කිලයිනේ. ඉතින් සිඳින්න මඩින්න ඉඩ දෙන්න.

Main News