විශ්වාසභංග ජයග්‍රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි.. අගමැතිගෙන් ප‍්‍රශ්න කිරීම් බෑ.. අර්ජුන් මහේන්ද‍්‍රන්ටත් ප‍්‍රශ්නයක් නෑ..?

April 7, 2018 at 10:22 pm | lanka C news
විශ්වාසභංග ජයග්‍රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි.. අගමැතිගෙන් ප‍්‍රශ්න කිරීම් බෑ.. අර්ජුන් මහේන්ද‍්‍රන්ටත් ප‍්‍රශ්නයක් නෑ..?

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාව ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 2 සහ 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වන තත්ත්වයක් උදා වී තිබෙන්නේ යැයි නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පැවසීය.

මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත අනුව නීතිමය තත්ත්වය විග්‍රහ කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙසේ ද කීය.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනායි.

මේ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමෙන් පැහැදිළි වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන ඇති බවයි.

අගමැතිවරයාට එරෙහි මේ විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාව ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 2 සහ 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වන තත්ත්වයක් උදා වී තිබෙනවා.

මේ අනුව රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරමින් බී වාර්තාවක් පවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරියේදී නොහැකි වන්නේ පාර්ලිමේන්තුව මගින් නිදොස් කොට නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමක් සහ වගකීමක් නීතිපතිවරයාටත් ඇති නිසා බව කිව යුතුයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට යළි ගෙන්වා ගැනීමේ නීතිමය බලය ද නීතිපතිවරයාට අහිමි වන බව පැහැදිළියි.

හිටපු කතා නායක අනුර බණ්ඩාරනායක මහතා විසින් 2001 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අග්‍ර විනිශ්චයකාරවරයා ධූරයෙන් පහ කිරීම පිළිබද යෝජනාව සම්බන්ධ කතා නායක තීරණය සැළකීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාව කියවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කරමින් බැදුම්කර ගණුදෙනු වංචාවක් ගැන ශ්‍රී ලංකාවේ අධිකරණයක තව දුරටත් කිසිම නඩුවක් විභාග කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ.

මේ අනුව 2018 අප්‍රේල් 04 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සාකච්ඡා කළ බැදුම්කර විලාපය අවසන් වන බව පැහැදිළිව කිව යුතුයි’

– lankanewsweek.com

19,029 Viewers

13 Comments to “විශ්වාසභංග ජයග්‍රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි.. අගමැතිගෙන් ප‍්‍රශ්න කිරීම් බෑ.. අර්ජුන් මහේන්ද‍්‍රන්ටත් ප‍්‍රශ්නයක් නෑ..?”

  1. DISSANAYAKE says:

    පාර්ලිමේන්තුවේ විශවාසභංගය සහ යම්කිසි සාපරාධි අපරාධයකට අදාල නීති හා ගැටෙන්නේ කොහේද? මොන නිතියේද එහෙම කියලා තිබෙන්නේ. අගමැතිට මුක්තියක් කොහෙද තිබෙන්නේ. මේවා ඔක්කෝම රනිල්ගේ ප්‍රචාරණ. එකම දේ තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් අගමැති රනිල් ද ඇතුලත්ව පාර්ලිමේන්තුව ඇතුලේ යම්කිසි ප්‍රකාශයක් කරලා ඇත්නම් ඒ පිළිබඳව කුමන හෝ අධිකරණයක ප්‍රශ්ණ කල නොහැකියි. නමුත් බැඳුම් කර හොරකමට අදාලව පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව ඔහු යම්කිසි දායකත්වයක් සිදු කොට ඇත්දැයි විමසීමට අධිකරණයට බලයක් තිබෙනවා. ජනාධිපතිවරයාට පමණයි මුක්තිය තිබෙන්නේ. රනිල් හදන්නේ විශවාසභංගය පිටින් දාල අධිකරණයෙන් පැන යාමට. රනිල් දැන ගත යුත්තේ නීතියේ දැති රෝද හිමින් නමුත් ස්ථිරව කැරකෙන බවයි. රනිල්ට හැමදාම බලයේ ඉන්න බැහැනේ.

    • Disna says:

      දැන් ඇතිවී තිබෙන තත්වය යටතේ බැදුම්කර හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීමට ජනතා වරමක් මැතිවරණයකින් ගන්න වෙනවා.හරියට කියනවා නම් ශිරාණි අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු ඉවත් කළහම 2015 මෛත්‍රී ජනාධිපති වෙලා ජනවරමෙන් ආයෙ පත්කළා වගේ…ඒ නිසා 2020 ජනාධිපතිවරණයේ දී බැදුම්කර හොරුන්ට දඩුවම් කිරීමට ජනවටමක් ගනිමු..හැගීමෙන් වැඩ නොකර බුද්ධියෙන් වැඩ කර බැදුම්කර හොරු පරදවමු.

    • Narada says:

      රනිල් දැන ගත යුත්තේ නීතියේ දැති රෝද හිමින් නමුත් ස්ථිරව කැරකෙන බවයි. රනිල්ට හැමදාම බලයේ ඉන්න බැහැනේ. කියන කතාව ඇත්ත. නමුත් අප්‍රෙල් 04 රනිල්ට එරෙහි බැදුම්කර විශ්වාසභංගය පරාජය වුණත් එක්කම රනිල්ට පාර්ලිමේන්තු මුක්තිය ලැබෙන බව පැහැදිලියි.දැන් ඉතින් තියෙන්නෙ ජනතා අධිකරණයේ ප්‍රශ්නය සාකච්ඡාවට ලක්කිරීමට ලක්කර ජනතාව විසින් හොරුන්ට දඩුවම් කිරීමයි.

  2. Kamala Gass says:

    That is just bull. Parliament is separate from the Judiciary.

  3. ANYMOUSE says:

    dissanayake,

    wishwasabangaya genawe bedumakara hora kiyala, eka parade una kiyanne ranil bedumkareta sambanda Neha kiyana eka, moko wishwasagangaya wedi pura wisthara thiyenne bedumkare wisthara,ethakota parlimenthuwa nidos kota nidahas karanawa, ehema wena kota automatically adikaranayen naduwa visi wenawa,

  4. Asaranaya says:

    මෙන්න බොලේ හොරකුගේ අම්මා කෙනකු පේන කියන්න පටන් අරන්, මුන් අලුත්ම පොතක් පෙරලනවා,මේකාට අලුත් නිතියක් පෙනිලා
    පඹයෝ පොඩි චන්දේදි පුක උඩ දමමින් කැගැහුවේ මොනවද බොල? මරුවට හොරකාලා ඒ විදි නාට්ටියේ හොඳට රඟපැවා

  5. Power says:

    “අපි අගමැති රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා” – රනිල්ට එරෙහි අපි
    “මේක මාත් එක්ක කරන්න එච්චර හොඳ සෙල්ලමක් නම් නෙමෙයි” – මීට අගමැති රනිල්

    බලන්න..අගැමති රනිල්ට එරෙහි විශ්වාසභංගය නිසා රට ජාතියට සිදුවුණේ එහෙම දෙයක් නොවේද..?

  6. Wilma says:

    Pohttuwa buruwanta thanks

  7. Nim says:

    ANN DAN API HAMOTAMA
    SATHUTUDA?

  8. Kamal says:

    රනිල් සම්බන්ධවී සිදුකළ මහා බැදුම්කර හොරුන්ට දඩුවම් කරන ජනසටන ආරම්භ කරමු…

  9. senanayaka says:

    බැදුම්කර හොරුන්ට දඩුවම් කිරීමට 2020 ජනාධිපතිවරණය ජනමතවිචාරණයක් කරගනිමු…

  10. NANDA says:

    2020 ජනාධිපතිවරණය මගින් 2018 බැදුම්කර ව්ශ්වාසභංගය ජනතා චන්දයෙන් දිනවමු .
    2020 සිට බැදුම්කර අවනඩුව මුල සිට අසා සියලුම කුමන්ත්‍රණකරුවන් ට දඩුවම් කිරීමට ජනතාව සූදානම්. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලම 2020 අවසන්. එතෙක් රනිල් ඇතුලු NGO නඩයට අලුත්කඩේ නීතිගැට වලින් ජීවත් විය හැකිය.

  11. Rajasinha says:

    Booru Disanayaka thamuse Laksiri Unawatuna mahathage prakashaya hariyata kiyawanawa oi. Parliment eka uththareetharai. Ekaabaddaya wishwasa bangayen Ranil wa bandumkarayen nidahas karala. MR ge kopi beeme kalaguna salakeema.

Main News