විශ්වාස භංගයෙන් අගමැති එලවා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..

March 23, 2018 at 2:10 pm | lanka C news
විශ්වාස භංගයෙන් අගමැති එලවා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..

අපේ‍්‍රල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡුන්ද විමනීමට ලක් කරනු ලබන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වංස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රීලනිප මැති ඇමැතිවරු බහුතරයක් දැනටමත් තීරණය කර ඇති බව නියෝජ්‍ය අැමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්චා කිරීම සදහා ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පිරිස ඉක්මනින්ම රැුස්වන බවත් එහිදී සෙසු පිරිසද සහයෝගය ලබා දෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.

විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රීලනිපයේ කිහිප දෙනෙකු පමණක් අත්සන් තැබුවද ඡන්දය විමද්දී සිදුවන දේ බලා ගත හැකි යයිද ඔහු කියා සිටී.

විශ්වාස බංගයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් අලුත් අගමැතිවරයෙක් යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

18,304 Viewers

7 Comments to “විශ්වාස භංගයෙන් අගමැති එලවා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Asaranaya says:

    නිශාන්තයෝ ඔහේ කොහොමටත් ඩබල් ටන් සුසිලා වගේ මනුශ්සයෙක්,
    කෙසේවුනත් ඔබේ පැතුමට ජයවේවා

  2. Gon Jo says:

    මුන්ගේ බොරු …. මුන් කට ඇරියොත් බොරු කියන්නේ. මුන් තවත් වතාවක් ඒකාබද්ධ විපක්ෂය රවට්ටන්න හදන්නේ. අන්තිම වෙලේ මුන් රනිල්ට පක්ෂව චන්දෙ දෙන හැටි බලන්න

    • ඈම්බ්ලම්ස් පිනා says:

      එකනං ඉතිං එහෙම තමයි . ඉහි හි හික් ……. විස්වාස කොරන්ට බැරි නොසන්ඩාල හැත්ත නෙව …

  3. Gon Jo says:

    මුන්ගේ බොරු …. මුන් කට ඇරියොත් බොරු කියන්නේ. මුන් තවත් වතාවක් ඒකාබද්ධ විපක්ෂය රවට්ටන්න හදන්නේ. අන්තිම වෙලේ මුන් රනිල්ට පක්ෂව චන්දෙ දෙන හැටි බලන්න.

  4. Raawanaa says:

    Don’t play ugly game. SLFP must get the people’s mandate to form a Government. If the premier will loose the no confidence motion, The UNP has the right to nominate a suitable person for the premier post.

  5. බබා උක්කුන් says:

    බොහොම හොදයි, බොහොම හොදයි. ඒත් පොහොට්ටුවට ජැක් ගහන්න එන්න එපා. උඹල ආවොත් පොහොට්ටුවත් ඉවරයි. උඹල ගත්තොත් අපිට පොහොට්ටුවත් එපා.
    කොහොමත් ලබන චන්දෙන් පස්සේ කරන්න රස්සාවක් හොයා ගනින්.

  6. SUNIMAL says:

    මුලින්ම ශ‍්‍රීලනිප දැන් ඉන්න හොරු පන්නා දැමිය යුතුය

Main News