විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..

March 31, 2018 at 12:02 am | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..

04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බේරා ගැනීම සදහා ඒකාබද්ද විපක්‍ෂය තුල වෙනම මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සමාජ ජාල මාධ්‍යයන්හි තොරතුරු පලවෙයි.

විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දීමට යද්දී විවිධ හේතු කියමින් එය වලකාලීමට උත්සාහ දැරු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මෙහෙයුම පිටුපස සිටින බවද සදහන්ය.

විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තත්වය අවුල් කිරීම සදහා මෙම පිරිස උත්සාහ ගනිමින් සිටී.

විශ්වාස භංග යෝජනාවෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාබියෝගයක් ගෙන එන්නේ යයි එම මන්ත‍්‍රී පිරිසෙන් කිහිප දෙනෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටින්නේ එම සැලසුම අනුව බවද වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගැන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තුල හෝ පක්‍ෂ නායක හමුව තුල කිසිදු සාකච්චාවක් මෙතෙක් සිදුව නැති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එසේ වුවද ජනාදිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන්නේ යයි ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් ලවා කියවා ගත් විට ජනාධිපතිවරයා සමග සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ආරක්‍ෂණවාදී පිලිවෙතකට ගොස් ඡුන්දය දීමෙන් වැලක්වීමේ ස්ථාවරයකට තල්ලූ කිරීමට එහි සැලසුම්කරුවන් අදහස් කර සිටින බවද සදහන්ය.

මේ අතර ලබන දෙවැනිදා රැුස්වන ශ‍්‍රිලනිප මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී විශ්වාස භංග යෝජනාවට පක්‍ෂ වීමට තීරණය වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

38,621 Viewers

17 Comments to “විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..”

  1. Asaranaya says:

    හූඇන්පියේ අලුත්ම කුමණ්ත්‍රනය තවදුරටත් රට වැසියා රැවටීමයි, පින් අගමැට්ට ට ගෙදරටවි විවේක සුවය ගතකරන කාලය ලඟාවී ඇත

    • Aurora says:

      නිල් වික්‍රමසිංහ ගෙදර යනවනම් හිරගෙවල් වල සිටින සියලු හොරුද ගෙදර යැවිය යුතුය. එසේ නොවේනම් මහබැංකු හොරකම සැලසුම් කිරීම, ඒ සඳහා අර්ජුන් මහේන්ද්‍රන් ස්ථානගතකිරීම, හොරකම සඳහා ආයතන මෙහෙයවීම, හොරුන් රැකගැනීම ආදී චෝදනා වලට නඩු දමා උසාවි ගෙනගොස් දඬුවම් කලයුතුය.

  2. Saman lanka says:

    UNP Nayaka kame Ranila inna eka nam Ekabaddeta hondayi

  3. Suba Anagathayak says:

    රනිල් විතරද කලු? ඇයි සිරිසේන සුදුම සුදුයිද? බලු බෙට්ටක සහ බළල් බෙට්ටක වෙනසක් සොයමින් නොසිට, දෙකම වලලා දැමීය යුතුය!!

  4. Suba Anagathayak says:

    රනිල් විතරද ගඳ? ඇයි සිරිසේන සුවඳද? බලු බෙට්ටක සහ බළල් බෙට්ටක වෙනසක් සොයමින් නොසිට, දෙකම වලලා දැමීය යුතුය!!

    • අනා ගන්න එපා says:

      ඔයාට පුළුවන් නම් බෙටි දෙකම එකපාර අල්ලලා විසි කරන්න, ඒක කරන්න. බෑ නේද ? ඒ නිසා ගඳම බෙට්ට දැන් ඉවත් කරමු.

  5. Nandasoma Suriyaarachchi says:

    විශ්වාස භංගයට පක්ෂ වන අයට කිව හැක්කේ කුමක්ද?

    මහබැංකුව හොරා කෑම සාධාරණයි කියලාද??

    එහෙමත් නැත්නම්, රවී කියනව වගේ (උප නායක පට්ටම නැවත දීමෙන් පසු) මහ බැංකුව මංකොල්ල කෑවෙ මාධ්‍ය වේදීන් කියල යූ ඇන් පී එක සුද්ද කරන එකද???

  6. හමුදා කුමන්ත‍්‍රණයකින් බලය ලබා ගැනීම says:

    හමුදා කුමන්ත‍්‍රණයකින් බලය ලබා ගැනීම රනිල්ගේ ඊ ළඟ පිම්මදැයි සැකයක් ඇති වේ.

  7. Nim says:

    RATE ANAGATHAYATA WENA KATINA
    VUN SITEENAM JANATHAWA
    OWUNWA NISI THANA THIYAWE
    MAGE RATA RAKADEEWA
    MAGE RATA METHARAM
    AWASANA WANTHADA?

  8. wimal says:

    MR & Family will never like to oust RW as he their savior.

  9. ඇත්ත says:

    අනේ නිකන් බබා උක්කුන්….ඕනැ ගොනෙක් දන්නව…රනිල් සහ මෛත්‍රී කියන්නේ ජාඩියට මූඩිය කියල….දෙන්නට දෙන්න නැතිව බෑ…කලු සුද්දන් මෙහෙයවන ඒකාබඩ්ඩයේ ඉන්න කීප දෙනෙක්ට තදියම තිබ්බට ජාතික ආණ්ඩුව, NGO ගැට, කලු සුද්දන් සහ සිංහල බිල්ලන් ඉන්නා තෙක් රනිල් වත් හංස පූට්ටුවත් හොල්ලනවා බොරැ…..

  10. neela says:

    මොන කුමන්ත්‍රණද ලොක්කා….ඒකාබඩ්ඩයේ වුන්ට කොන්දක් තිබුණෙ නෑ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ජාතික ආණ්ඩුව කඩාගෙන ඇමති සංඛ්‍යාව 30ට බස්ස ගන්න…කොහෙද මේ රනිලගෙ පස්සෙ ගියා මිසක්…දැන් වැරදි දේශපාලන උපක්‍රම කලු සුද්දන්ගෙන් සහ අලුත්කඩේ නාම්බන්ගෙන අහගෙන රෙද්දෙ ගිහිල්ල තියෙන්නේ…දැන්වත් ඇත්ත වටහගෙන 2020ට සෙට් වෙන්න බලහන් හංස බුලත් කෙල පූට්ටව රටට එළි කරල…..නැත්නම් 2වැනි මනාපයෙන් පරදින්නයි වෙන්නේ.

  11. kolitha says:

    2020 දි තුන් කොන් සටනක් අවුලවා හංසයා පොදු අපේක්ෂකයා දිනවීමට නම් බුලත් කොළයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් දැමිය යුතුය. අතුරලියේ රතන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී සෙට් එක මේ කරන්නේ ඒ කාර්යයි.

  12. Podimahaththaya says:

    Me anduwa Ranilge anduwaki. Sirisena mahatha nikan rookadayak pamani. Nool sooththaraya thiyenne Ranil atheya. Siyaluma theendu ganne ingirisiyeni. Sirisena mahathata mewa kisaiwak therenne netha. Americawa kiyana hetiyata Ranil siyalla sidu karai. Ranil pannanawa yanu Sirisena mahatha nikamma panna demeemaki. Rnil merenathuru nila nolath janadhipathiya.

  13. David Milli-banda says:

    There is end to lies and damn lies spread by the UNP.
    This prime Minister is a curse to the Country.

Main News