විශ්වාස භංගයේදී ශ්‍රී ලනිපය පාවා දුන් අටදෙනා හෙළිවෙයි…

April 14, 2018 at 10:40 am | lanka C news
විශ්වාස භංගයේදී ශ්‍රී ලනිපය පාවා දුන් අටදෙනා හෙළිවෙයි…

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කොට ඒ මහතාට ජය ගන්නට අවස්ථාව දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අටදෙනකු එජාපය සමඟ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා බව යෝජනාවට පක්ෂව ඡන්දය දී පසුගියදා තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලනිප කණ්ඩායමේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

එම ජේ‍යෂ්ඨයා පැවැසුවේ යූ.ඇන්.පී.ය සමඟ කුමන්ත්‍රණයේ යෙදුණු මේ අට දෙනාගෙන් ප්‍රබලයකුට ඉලක්කම් නවයක විශාල මුදලක් ලැබී තිබෙන බවයි.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුට ලබන මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමටත්, සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් එම ජේ‍යෂ්ඨයා සඳහන් කෙළේය.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා වන දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හා ඒකාබද්ධ විපක්ෂය සමඟ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පත්කර සිටියේ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා බවත් පසුව එම කටයුත්ත එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් අතට ගත්, එජාපයේ මන්ත්‍රිවරුන් 15 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළකර තිබූ අතර, ඡන්දය පැවැති දින ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ස්ථානයක රඳවාගෙන තිබූ බවත් එසේම තවත් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක රඳවාගෙන සිටි බවත් කොළඹ නගර සීමාවේ පදිංචි ඇමැතිවරයකුගේ නිවෙසකත් කීප දෙනකු රඳවාගෙන සිටි බවත් පැවැසූ එම ජේ‍යෂ්ඨයා වැඩිදුරටත් අනාවරණය කෙළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 6 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්ද දෙන පිරිස අතර සිටි බවත්ය. ඔවුන්ද ඡන්දය විමසන දින කොළඹ ස්ථානයක රඳවා සිටි බවද ඔහු කීය.

මේ අන්දමට කටයුතු සංවිධානය කර තිබියදී ශ්‍රී ලනිපයේ කොටසක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ගත් තීරණය හේතුවෙන් යෝජනාවට පක්ෂව, ඡන්දෙ දීමට සුදානමින් සිටි පිරිස අවසානයේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බවද එම ජේ‍යෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

– mawbima

35,369 Viewers

13 Comments to “විශ්වාස භංගයේදී ශ්‍රී ලනිපය පාවා දුන් අටදෙනා හෙළිවෙයි…”

  1. Saman says:

    Ubala ape sallivalin pissu kelinne. ..api ta naya gevaganna bariva inne

  2. xz says:

    ……………..”සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් එම ජේ‍යෂ්ඨයා සඳහන් කෙළේය.”……………………………….

    සියඹලයාද?

    • mahsen says:

      This man is a lost guy. He is such a weak person. He is against namal . For that he is betraying party and the country.

  3. මාතලේ බණ්ඩා says:

    මොනව කිවිවත් රනිල් ගේම ගැහුවා. ඒකාබද්ධෙ සී සී කඩ උනා. මෛත්‍රීපාලගෙ ශ්‍රීලංකා එකත් තුනට බෙදුනා.දැන් මහින්ද ලොක්කා පන්සල් ගානෙ ගිහින් පොර ටෝක් දෙන්නෙ නැත්තෙ ඇයි? විශ්වාසභංගය රනිල්ට ආශිර්වාදයක් උනා. ඒකාබද්ධෙට භූමරැංගයක් උනා.

    • Aurora says:

      Due to the no confidence motion Ranil and Western gang lost there 2/3 majority in parliament. If fool like you cant understand the situations. Bot Yahapalana gang in deep trouble. And Weatern and Tamil diaspora separatist gang hang Ranil and traitors.

      • Nimal says:

        Wait and see the 2/3rd majority is still there. Persons like SB will sell their vote at the correct time!

    • Kamal says:

      රනිල්ට මේ වගේ ගේම් හොඳට පුළුවන්. මිනිස්සුන්ගෙ චන්ද ගන්න තමා බැරි.

    • gaya says:

      තුම්පනේ බණ්ඩා

  4. Baathalemanda, Tho, you, nee, remember and mind, thoge, your unga Raaa nil Alaya is an idiot. Otherwise it (he) would not have behave in this manner.

  5. Yasantha says:

    මාතලෙන් කෙල්ලෝ ගත්තට ගොං බණ්ඩලා ගන්නේ නැහැ බං!

    • මාතලේ බණ්ඩා says:

      බැසිල්ගෙයි, ගෝඨාභයගෙයි ආරවුල ලිහාගන්න කියාපල්ල.නැත්නමි රනිල මොන උප්පරවැටිටියක් හරි ගහනවා. මහින්දගෙ වයස 70 පැනල, ඌ නාකිය.නාමලය පිස්ස.කාලගෝල ඩලස් ගොනා.මහින්දානන්ද,රෝහිත ඇඩිරස් නැහැ.

  6. Saradiel says:

    මුන් අට දෙනාම දොන් ජුවන් පරම්පරාවෙන් එන අය ගමට එනවිට කොසු පාර දෙමු

  7. පිට කොන්ද නැති හිවල්ලු says:

    මහාජන අධිකරණය ඉදිරියේ තොපට දඬුවම් දෙන දිනය එනතුරු අපි උපෙක්ඛාවෙන් බලාසිටිමු. කොසු මිටි ඉදල් සුදාම්කර ගෙන ඇත. දේශපාලන මාපිලුන්.

Main News