විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්‍රෝකර්ලා නිසා මිල නග්ගයි..

December 24, 2016 at 11:20 am | lanka C news
විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්‍රෝකර්ලා නිසා මිල නග්ගයි..

රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 (පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු අතරේ  මුදා හැරිමටයි.

මෙය කන වැටුනු පිටකොටුවේ ජවාරම්කාරයින්  කඩි මුඩියේ ලංකාට හදිසි අවස්ථාවක දි සහල ආනයනය කරන රටවල් වෙත දන්වා ඇත්තේ ලංකාවේ විශාල සහල් හිඟයක් ඉදිරි මාසයේදී ඇති වෙමින් පවතින බවත් හැකි තරම් දුරට සහල් තොග  විශේෂයෙන්ම තම්බාපු සහල් Parboiled Rice 10% broken රැස් කර තබා ගන්නා ලෙසත්ය.

එමෙන්ම රජයේ ඉහළින් මෙම ඇණවුම් ලබා ගන්නා බැවින් ඔහුනට මෙට්‍රික් ටොන් එක්කට ඩොලර් 55 ක් පමණ ගෙවිය යුතු බවයි. ඒ අනුව සහල් ලංකාවට ආනයනය කරන ඉන්දීයාව බංග්ලාදේශය සහ පකිස්තානය යන රටවල ඉන්න තැරව්කරුවන් මගින් මේ වනවිට අවශ්‍ය සම්බන්ධිකරණය සිදු කොට ඇත. ඉන්දියාවේ සහ බංගලිදේශයේ  මේ වනවිට ඩොලර් 350 කට පමණ  තම්බාපු සහල් මෙට්‍රික් ටොන් එකක්  අලෙවිකරන  අතර එය ලංකාවේන් ඇණවුම් ලැබුණ විගස ටොන් එක ඇමරිකානු ඩොලර් 450 කට පමණ මිල වැඩි  කිරීමට අදාළ තැරව්කරුවන සහල් ආනයන සැපයුම්කරුවන් එකඟ කරවා ගෙන් ඇත.

මේ අනුව රජය ලක් සතොස හරහා සහල් ආනයනය කලොත් සෑම මෙට්‍රික් ටොන් එකකින්ම කොමිස් ලබාදීමට අවශ්‍ය කටයුතු මෙන්ම එසේ නොමැතිව පුද්ගලික අංශය හරහා තොරාගත් ජාවාරම් කරුවන් හරහා පමණක් ආනයනය කරන්නේ නම් එම තොගය අනුව විශාල මුදලක් අදාළ බලධාරීන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ දිනවල දිවා රෑ නොබලා ලහි ලහියේ සිදු වන බව දැනගන්නට ලැබි ඇත.

එමෙන්ම සහල් ආනයනයට සම්බන්ධ එක්තරා අමාත්‍යාංශයක ඉහළම බලවතා හමුවී එක් ජවාරම් කාරයකුගේ බොකර්වරයෙකු  ප්‍රකාශ කර ඇත්තේ මේ සහල් මිල පාලනය කිරීමට සහල් පිටරටින් ගෙන්වන්න ගත්ත තීරණය ඉතා වැදගත්, හැකිනම් කිලෝවට තිබෙන ආනයනය බද්ද වන රුපියල් 50 ඉවත් කර දෙන්නේ නම්  කිසිම කරදරයක් නැතිව ඔබතුමාගේ දේශපාලන කටයුතුවලට මුලු ජීවිත කාලයටම අවශ්‍ය මුදල් අපි එකපාර ගෙවන්නම් කියාය.

7,439 Viewers

3 Comments to “විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්‍රෝකර්ලා නිසා මිල නග්ගයි..”

  1. ගම්බාරේ says:

    රටේ අස්වැන්න විනාශ වී පොහොර සහනාධාර නැතිව ඉන්න අහිංසක ගොවියෝ හාමතේ ඉන්දෙද්දී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවාදින්ට වැහි නැති හෙන වැදිය යුතුයි.

  2. පොලොන්නරුව ජයසිංහ says:

    මාස් කන්නයේ වසර එක හමාරක් මේ වන විට ගෙවී ගොස් ඇතත් අද වන තෙක් වී ගොවීන් සදහා පොහොර සහනාධාරය හෝ මුදල ලබාදී නැති බව ගොවි සංවිධාන චෝදනා කරති.

    පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඞී.එන්.එම් ජයතිලක මහතා පවසන්නේ මේ වන විට කන්නය පසුවී මාස එකහමාරක් ගත වී තිබුණද පොහොර සහනාධාරය ඒ වෙනුවෙට දෙන බව කියන මුදල් මෙන්ම ජලයද ලැබී නැති බවයි.

    අඩුම තරමේ මෙම මතිය තුලදී පොහොර දැමීමට නොහැකි වුවහොත් කුඹුරු වැඩ අවසන් වූ පසු මඩ පොහොර යොදා

  3. daham says:

    me aanduwa wadiyenma bath pradhaana aahaara wela hatiyata ganna sinhala janathaawata drohee aanduwak bawayi. wee govithanata kala vinnahiyenda pennum kale.
    me aanduwa aapu daa patanma janathaawata saha ratata kala eka yahapath deyak kawuruhari puluwannam pennala denna.

    deyyane aurudu 2 kata mechchara vinaashayak kalaa nam ithiri avurudu gananath mun hitiyoth janathaawa marilama yaavine. rate gannama deyak nathiwa yaavine.

    desapaalana bedayakin thorawa hama denaama munta viruddhawa nagee sitiya yuthuyi vahaama.

Main News