වීරවංශ හිරේ දමා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න සූදානම්..

February 17, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
වීරවංශ හිරේ දමා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න සූදානම්..

විමල් වීරවංශ මහතා නිදහස් ගැනීමේ ජාතික සටන පමණක් නොව ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරයද අද ආනුරාධපුරයේදී ආරම්භ කරනු ලැබූ බව ‘විමල් වීරවංශ නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ’ කැදවුම්කරු, ජානිපෙ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(16) අනුරාධපුර නගරයේදී පැවැති ජාතික විරෝධතා ව්‍යාපාරය අවසානයේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර මහතා මෙසේද සදහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායක, විමල් වීරවංශ මහතා හිරේ දමලා අදට දින 40ක් වෙනවා. ‘වීරවංශ හිරේ දාලා මේ රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හදනවානම් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ’ කියන පණිවිඩය මේ රූකඩ ආණ්ඩුවට ලබා දෙන්නයි අපේ මේ ජාතික විරෝධතාවය පැවැත්වූයේ, ආණ්ඩු විරෝධී සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වුණු විමල් වීරවංශ හිරේ දාලා අනෙකුත් නායකයන් බිය වැද්දවීමට මේ ආණ්ඩුව හිතනවානම් අපි කියනවා, ‘මහත්වරුනි, නුඹලාට වැරදිලා කියලා’

මහරගමින් – කළුතරට, කළුතරන්- කටුනායකට, කටුනායකින්- නුවරඑළියට, නුවරඑළියෙන් – බත්තරමුල්ලට අපි ආවේ ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’ කියන සටනත් සමගින්. ඒ සටන දිනෙන් දින බලවත් වෙනවා. අද(16) අපි අනුරාධපුර නගරයේ අරඹුනු ලැබුවේ ජාතික විරෝධතා ව්‍යාපාරයක්. මේ ජාතික විරෝධතා ව්‍යාපාරය අපි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට පුරා ගෙන යන්න සූදානම් වෙනවා. මේ සටන නතර කරන්නේ විමල් වීරවංශයන් නිදහස්කර ගෙන පමණක් නෙවෛයි මේ පරගැති පාලනයෙන් මේ රට නිදහස් කරගෙනයි.

මෙම ජාතික විරෝධතා ව්‍යාපාරය පෙළපාලියකින් හා විරෝධතා රැලියකින් සමන්විත වූ අතර අනුරාධපුරය නගරය පුරා, කළුකොඩි ඔසවා තිබිණි. මෙම ජාතික විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් සභාවේ සභාපති, ටී.එම්.ආර්. සිරිපාල, ඇතුළු මහජන නියෝජතියන් රැසක් එක්ව සිටියහ. එසේම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු පක්ෂයේ නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

5,843 Viewers

8 Comments to “වීරවංශ හිරේ දමා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න සූදානම්..”

  1. ExUNPer says:

    If the law is applied unfairly, biasedly, and violating the constitution, then the masses have the right to break the law !
    Am I right ?
    Please educate me.

  2. ruwan says:

    අනේ බොරු නම් දාන්න එපා එතන හිටපු මහ සෙනගක් නෑ. බස් ස්ටෑන්ඩ් එකේ 4.30 ට විතඑ ඕක තිබ්බෙ. මමත් දැක්ක. ඹ්නනම් රැස්වෘීමට 150ක් ඉන්න ඇති. ඒ තරම් වත් හිටියෙ නෑ

    • බන්ඩයියා says:

      අාප්පය වගේම උඹත් පච කෙලින ඒකෙක්. ලේ කොල පාට උඹල වගේ ලොල්න්ට වැඩි අායුෂ නැහැ.

    • Wijebahu says:

      He has misused 140 vehicles, so He should be answerable and punished according to that.

      • Champa says:

        මේකට මොකොටද දේශපාලනය ගාවා ගන්නේ?

        ජාතික ව්‍යාපාරයක් කියන්නේ දේශපාලනයෙන් තොර ව්‍යාපාරයක්.

        විමල් කතා කලේ එක පක්ෂයක්, එක කොට්ඨාශයක් වෙනුවෙන් නෙමෙයි. මුළු රටම වෙනුවෙන්.

        මිනිස්සු විමල්ට ආදරය කරන්නේ, ගරු කරන්නේ දේශපාලන භේදයෙන් තොරව. ශ්‍රී ලංකා කාරයෝ විතරක් නෙමෙයි, UNP, JVP සාමාජිකයොත්, පක්ෂයකට අයිති නැති ස්වාධීන ජනතාවත් එක වගේම කියනවා විමල්ට කරපු දේ වැරදියි කියලා

        විමල් වෙනුවෙන් පාරට එන්න ඕනේ රටම, ජාති භේද, පාට පක්ෂ, පන්ති භේද නැතුව. මිනිස්සුන්ට ආරාධනා කරන්න ඕනේ එහෙම.

        විමල්ව නිදහස් කරගන්න එකයි, රට නිදහස් කරගන්න එකයි, එකක් නෙමෙයි දෙකක්.

        රට නිදහස් කරගන්න ගොඩ නඟන්න ඕනේ පුළුල් ජනතා බලවේගයක්. ඒකට හේතු හුඟක් තියෙනවා. අනිත් එක විමල් වෙනුවෙන් පාරට එන හැමෝම රට නිදහස් කරගන්නත් එයි කියලා කියන්න තියෙන සාක්කිය මොකක්ද? අළුත් ආණ්ඩු පිහිටුවනවා කියන එක විමල් නිදහස් කර ගැනීමේ සටනට අදාළ නැහැ. එතකොට වෙන්නේ විමල් ඇතුලේ ඉන්න කාලේ වැඩිවෙන එක. දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් හිරේ දුක් විඳින විමල්ව පාවිච්චි කරන එක හෙලා දකිනවා.

        ප්‍රමුඛත්වය දෙන්න ඕනේ විමල්ව නිදහස් කරගන්න එකට. බොරු චෝදනාවක් නිසා විමල් හිරේ දුක් විඳිනවා. ඉස්සෙල්ල විමල්ව නිදහස් කරන්න කියන එකයි වැදගත්.

      • Champa says:

        Wijebahu

        Alright. Follow the proper way ACCORDING TO THE RULE OF LAW of this country, not according to the TEMPLE TREES LAW, not according to the DOCTORATE-LOSS PRIME MINISTER’S JUNGLE LAW.

        If the coward government can prove the allegation, why should they influence the Police, FCID and the Judiciary???

        Tell them to dismantle the FCID and go through proper channels to file cases, IF THEY DARE, instead of bending the law and the Police and the Judges according their orders to hunt political opponents based on baseless allegations.

Main News