වී කිලෝව 30 යි.. හාල් කිලෝව 100-140යි.. ඇමතිවරු 60ට සතොසේ සුනු සහල් කන බව කියයි..

March 15, 2018 at 6:49 pm | lanka C news
වී කිලෝව 30 යි.. හාල් කිලෝව 100-140යි.. ඇමතිවරු 60ට සතොසේ සුනු සහල් කන බව කියයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වී කිලෝව රුපියල් 30 යි! හාල් රුපියල් 100 යි 140 යි රජයේ ඇමතිවරු රුපියල් 60 ට සතොසේ සුනු සහල් කන බව කියයි.

ගොවීන් විසින් මහ කන්නයේ වී අස්වැන්න නෙලමින් සිටිද්දී මේ වනවිට සහල් මිල රුපියල් 100 සහ 140 කි. පාරිභෝගිකයාට සහල් ටිකක් මිලදීගත නොහැකි තරමට සහල් ගිනි ගණන්ය. පාලන මිලක් ඇත්තේ නාඩු සහල් සදහා පමණි. එම මිල රුපියල් 74 කි. පිටරටින් සහල් ආනයනනය කරද්දී සහ දේශීය සහල් අස්වැන්න වෙළද පොලට නිකුත් වෙද්දී සහල් මිල මෙතරම් ඉහල නම් තව මාස කිහිපයක් ගතවනවිට සහල් මිල තවත් ඉහල යෑම නැවැත්විය නොහැක.

රජය රුපියල් 500 කට පොහොර දෙන බවට පොරොන්දු වූවත් එම මුදල් ද ජනතාවගේ මුදල්ය එනම් බදු මුදල්ය.ජනතාවට අද සිදුව ඇත්තේ බදු වශයෙන් මුදල් ගෙවා වැඩි මිලකට  සහල් මිලදී ගැනීමටය.

වී කිලෝව රුපියල් 30 කට මිලදී ගෙන සහල් රුපියල් 100 ට 140 ට අලවි කරන විට ලාභය ලැබෙන්නේ කාටද? යන්න අපට ගැටලුවකි.

සාමාන්‍යයෙන් අප සුනු සහල් භාවිතා කලේ සතුන්ට කන්න දෙන්න වුවත් දැන් සුනු සහල් සතොසේ රුපියල් 60 කි. සමහර මැති ඇමතිවරුන් පවසන්නේ ජනතාවට ඒවා හොද බවය. ජනතාවට සුනු සහල් කන්න කියා පාර්ලිමේන්තුවේ  භෝජනාගාරයේ ඇත්තේ බාස්මති හෝ ඉස්තරම් සම්බා බත්ය. එවැනි ඇමතිවරුන් පාර්ලිමේන්තුවට යවන ජනතාවට කන්න දෙන්න අවශ්‍ය මොනවාද? යන්න අප කියන්නේ නැත.

අප රටේ සහල් මාෆියාව පිටුපස සිටින්නේ කව්ද? යන්න වහා හෙළිදරව් කළ යුතු අතර පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව අවධාරණය කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

8,005 Viewers

7 Comments to “වී කිලෝව 30 යි.. හාල් කිලෝව 100-140යි.. ඇමතිවරු 60ට සතොසේ සුනු සහල් කන බව කියයි..”

  1. Gadol says:

    මහජනතාව පත් කල මේ රජය පෙරලා දැමීමට මහජනතාව පෙල ගැසිය යුතුය කාලය දැන් හරි

  2. SUNIMAL says:

    කියනකොට එහෙමයි… කරනකොට මෙහෙමයි

    නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි” රනිල් සිරිසේන කියා සිටියේ

  3. David Milli-banda says:

    Banku mankolla iwarai…………..Aga matiya nidelle.
    Haal katha nehe…………………..

    Dan ithin face book pamanai.

    Muthurajawelath wikunala.

  4. Saradiel says:

    සිරිසේන මහ ජනතාවට දුන් බොරු පොරොන්දු සහ නරි වාදන් වලින් පොත් සීයක් වුවත් ලිවිය හැක….
    ජනතාවට විහළු සපයයි…..
    නැවත කුමක් කලත් සිරිසේන ජන හදවත් වලට ලංකල නොහැක….!

  5. john the baptice says:

    සිරිසේන ජනාතිපති ධුරයට ආවේ පොරොන්දු කිපෙයක් ප්‍රකාෂ කරලා. ජනතාව ඒවා පිලිගෙන, ඡන්දය දුන්නා, මේ හිමින් කතාකරන මිනිහාව විශ්වස්ස කරන්න පුළුවන් කියලා.

    සිරිසේන බලය ගත්තේ රට‍ වෙනස් කරනවා කියලා. වෙනස් කරනවා විතරක් නෙවෙයි, බොහෝම හොඳින් පාලනය කරලා, රට‍ දියුණු කරනවා කිව්වා. ඒකට “යහපාලනය” කියන නමකුත් දැම්මා. දැන් මොන යහපාලනයක්ද මේ මිනිහ හදලා තියෙන්න.

  6. Love nature says:

    2015 ජනවාරි 8 වෙනස තුළින් මේ රටේ ජනතාව සිරිසේන ජනාධිපති කළේත්, රනිල් අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් අප සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි.

  7. Gamaya says:

    Chande deepu minissu den deiyange hal kala wage inna eka thamai prasnaya

Main News