වී ගොවිතැන නවත්තලා කුඹුරුවලට ‘සෝලා පැනල් ’

April 10, 2018 at 6:07 am | lanka C news
වී ගොවිතැන නවත්තලා කුඹුරුවලට ‘සෝලා පැනල් ’

කන්තලේදී පැවති ජන හමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුවට තිබෙන්නේ පරාභවයේ ගමනක්. දැන් බලන්න, මේ අය තමන්ගේ ‘ලන්සි පැපොල්’ ප්‍රතිපත්තිය අනුව වී ගොවිතැන නවත්තලා දැන් කුඹුරුවල ‘සෝලා පැනල් ’ ගහන්න හදනවා. ඒ වගේම මහ ලොකු ජයග්‍රහණයක් විදිහට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දුන්නා. දැන් ඒක අවුල් ජාලාවක් වෙලා. ජවිපෙට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හදපු මේ ඡන්ද ක්‍රමය නිසා ඇප කැන්සල් වුණු අපේක්ෂකයන් පවා මන්ත්‍රීවරු වෙනවා. ඡන්ද සීයටත් මන්ත්‍රී ධුර ලැබෙනවා. කොට්ඨාස සියල්ල දිනුවත් බෝනස් මන්ත්‍රී ධුර දෙක නැහැ. කොට්ඨාස සියල්ල පැරදුණත් සියල්ල දිනූ කණ්ඩායමක් හා සමාන මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සමානුපාතිකව ලැබෙනවා.

‘රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක්’

දැන් රාජ්‍ය පරිපාලන ඇමති මේ වගේ ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ජනාධිපතිවරයාත් දැන් අදාළ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවාලු. එදා මනාප ක්‍රමය යටතේ මන්ත්‍රීකම ගන්නයි මුදල් වියදම් කළේ. කොට්ඨාස ක්‍රමය යටතේ මනාපවලට වියදම් නොකර දිනුවත් සභාපතිකම ගන්න දැන් සල්ලි විසි කරන්න වෙලා තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ දී දැකපු බල්ටි දැන් ප්‍රාදේශීය සභාව ඇතුළෙත් දැකගන්න පුළුවන්. පළාත් පාලන ආයතන තුළ ස්ථාවර පාලනයක් ගෙන යාම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේක අද රටට උවමනා මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා.

‘ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් වෙනම රජයක්’

ඒ වගේම අද ‘අතුරුදහන් කිරීම කියන යුද අපරාධය හෙවත් මානව අපරාධය ශ්‍රි ලංකා ආරක්ෂක හමුදාවන් විසින් සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ ආණ්ඩුව බටහිර බලවතුන්ට හදා දී අවසන්. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවලා, අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අපේ රටේ නීතියට ඇතුළත් කරලා ආණ්ඩුව ඒ ද්‍රෝහීකම සිදු කරලා ඉවරයි. යම් රටක යම් ජන කොට්ඨාසයක් මානව අපරාධයකට ගොදුරු වී ඇත්නම් ඒ ජන කොට්ඨාසයට වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉල්ලා සිටින්න පුළුවන්. දැන් මේ හදන්නේ ‘අතුරුදහන් කිරීම‘ යන මානව අපරාධයට අපේ රණවිරුවන් පිරිසක් හිරේ දමලා, වරදකරුවන් කරලා ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් හදා ගන්න.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

13,572 Viewers

5 Comments to “වී ගොවිතැන නවත්තලා කුඹුරුවලට ‘සෝලා පැනල් ’”

  1. emma says:

    ඒ වගේම මහ ලොකු ජයග්‍රහණයක් විදිහට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දුන්නා. දැන් ඒක අවුල් ජාලාවක් වෙලා

    Mewata 225ma wagakiyanna one….. Uda balan inna newei yawala thiyenne …!

  2. Love nature says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  3. sinha le says:

    සිංහලයන් නිදාගෙන සිටිය යුතු නැත .. රට ජාතිය ආගම ගිලගැනීමට සැරසෙන වෘකයන්ට එරෙහිව නැගිසිටිය යුතු කාලය දැන් පැමිණ ඇත . එසේ නොවුනහොත් මතු දිනක ඔබේ දරුවාට සිදුවන්නේ ලංකාව තුලම සුළු ජාතිකයෙකු වී වෙනත් ගෝත්‍රික අදහස් ඇති ජාතියකට බැලමෙහෙවර කිරීමටය … මේ සිතන්නට කාලයයි .

  4. lion says:

    ජනවාරි අට වෙනිද මුන්ගේ අලි/කොටි කුමන්තුනයට රැවටිලා මහින්දට රිදවන්න ගිහින් මෝඩ සිංහලයෝ පැරදුනා,..ඒකේ පුථිඵල දැන් අපිට ඇස් දෙකට පේන්නම තියෙනව නේද?

  5. lion says:

    තමන් ඉපදුන රට වෙනුවෙන්,මේ රට බේරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල නායකත්වය දුන්
    මහින්ද/ගෝඨාභය මැතිතුමන්ල ඇතුලු දිවිනොතකා සටන් වැදුන සියලුම වීර රනවිරැවන්, මේ ඊලාම් වාදීන්ට සහ උන්ගේ දේශපාලනික වාසි වලින් යැපෙන මේ වහල් කොටි ආන්ඩුවෙන් බේරා ගැනීමට මුල අමතක නොකල ශ්‍රී ලාංකිකයිනි, මේ අවදිවන්න කාලයයි.

Main News