වෙන රටවල් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී ලංකාව ව්‍යාපාරිකයන් සමග සමරයි..

March 14, 2018 at 8:40 am | lanka C news
වෙන රටවල් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී ලංකාව ව්‍යාපාරිකයන් සමග සමරයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා බේරා දෙන්න! ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී ලංකාව පාරිභෝගික දිනය ව්‍යාපාරිකයන් සමග සමරයි!

මාර්තු 15 දිනට  ලෝක පාරිභෝගික දිනය යෙදන අතර ලෝකයේ වෙනත් රටවල් විසින් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග  සමරද්දී  පාරිභෝගික කටයුතු අධිකාරිය මෙවර ලෝක පාරිභෝගික දිනය එක්සත් ජාතීන්ගේ සංධානයේ අනුබද්ධ ආයතනයක අනුග්‍රහයෙන්  කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී මෙරට කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව සමග  සැමරීමට කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායකය.

මේවනවිට රිෂාර්ඩ් බදුර්දීන් ඇමතිවරයාගේ හෙන්චයියන් විසින්  මෙහයවන පාරිභෝගික කටයුතු අධිකාරීකාරිය තුළ නිසි සුදුසුකම් නොමැති පූර්ණ කාලීන සමාජිකයෙක් සේවය කරන අතර ඔහු විසින් පාරිභෝගික අධිකාරියේ කාර් රථයක් ගෙනගොස් අනතුරකට භාජනය කර තිබුණි.ඒ පිලිබදව අප විසින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කලද නිසි පරීක්ෂණයක් තවම සිදුකර නොමැත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරීන් ටාජ් සමුද්‍රා හෝටලයේ දින දෙකක් පැවැත්වෙන පාරිභෝගික සැමරුමට සහභාගීවන අතර ඔවුන් සහභාගී කරවීමේ මුඛ්‍ය අරමුණ වන්නේ මෙරට ව්‍යාපාරිකයන් හා  ඔවුන් අතර වන මිත්‍රත්වය වර්ධනය කරමින් එම ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරියට පාරිභෝගිකයන් විසින් කරණු ලබන පැමිණිලි හා ව්‍යාපාරිකයන්ට එරෙහිව සිදුකරන වැටලීම් අඩාල කිරීමය.

පාරිභෝගික අධිකාරිය මගින් මෙතෙක් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සදහා හදුන්වා දුන් නීති මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර ආරක්‍ෂිත හිස්වැසුම් නීතිය, සහල් සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා වන පාලන මිල , ආපනශාලා සදහා වන ප්‍රමිති , සෑම වෙලදසැලක් එදිරිපිට තරාදියක් තිබීම අනිවාර්ය කිරීමේ නීතිය ඒ අතර වේ.

මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය විශාල දූෂණ හා වංචා සිදුවන ස්ථානයක් බවට පත්වී ඇතුවා පමණක් නොව පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන තැනැක් බවට පත්ව ඇති නිසා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස අප සංවිධානය ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

8,690 Viewers

2 Comments to “වෙන රටවල් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී ලංකාව ව්‍යාපාරිකයන් සමග සමරයි..”

  1. ලහිරු says:

    තම ඇමතිකම පාවිච්චි කරමින් නිරතුරුව සවුදි අරාබිය ,කටාරය ,කුවේටය ,ඩුබායි වැනි රටවල සංචාරය කරන ඇමතියා කවුද ?ඔහු එසේ යන්නේ ඇයි?

  2. දුප්පතා says:

    මොකට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවද මන්දා? ඔච්චර දූෂණ වෙනවනම් සමාජ ජාලා වෙබ් අඩවි වල පල කරන්න පුළුවන් .මැති ඇමතිලාගේ කෙරුවාව හැමෝටම දැන ගන්න ..එහෙමත් නැත්තන් නඩු දාන්න පුළුවන් .කරුණු හරියට නොකියා දූෂණ වෙනවා කිව්වට මොනවා කරන්නද?

Main News