වෙල්ගම කට වහගනු.. ගෝටාට විරුද්දව තව වචනයක් කිවුවොත් පහර දෙනවා..- ගම්මන්පිල

October 23, 2018 at 10:40 am | lanka C news
වෙල්ගම කට වහගනු.. ගෝටාට විරුද්දව තව වචනයක් කිවුවොත් පහර දෙනවා..- ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කරන්නේ නම් ඉතිහාසයේ මෙල්ගම මහතා විසින් කළ කාර්යය අමතක කර පිළිතුරු දෙන්න සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

කුමාර වෙල්ගම මහතා ඒකාබද්ධ විපක්ෂයේ ගොඩනැගීම සඳහා විශාල මැදිහත්වීමක් කළ පුද්ගලයෙකු බවත් ඔහු මේ උත්සාහ කරන්නේ වතුර ඇදලා කළය බිඳින්නා වාගේ වැඩක් කිරීමට බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නගන චෝදනා නවත්වන්නැයි පක්ෂ නායකත්වයද අවවාද කර ඇති බවත් කී මන්ත‍්‍රීවරයා තව ටික දිනක් බලන්න ඉතිහාසයේ ඔහුගේ කාර්යය අමතක කරමින් ඒවාට පිළිතුරු දෙන්නට සූදානම් බවද කියා සිටියේය.

27,546 Viewers

15 Comments to “වෙල්ගම කට වහගනු.. ගෝටාට විරුද්දව තව වචනයක් කිවුවොත් පහර දෙනවා..- ගම්මන්පිල”

  1. Asaranaya says:

    ගල්වෙමයාට ගහලා අලින්ට ත් පාඩමක් දෙමු

    • Helaya says:

      We as patriotic citizens,let us hope that he would come back to the normal senses to accept democratically the wish of majority people in this Country.

      • Nalaka says:

        මනෝහොර වගේ මෙයත් කටින් බතල…පවුලම ඕස්ට්‍රේලියාවේ .. ඇමෙරිකන් ගෝඨාභයට කත් අදින්නෙ නිකන් නෙමේ….

  2. Rohana says:

    මෙයත් මේ ගල්ලෙන බින්ද කියලා ගිහිල්ල සල්ලි වලට ආපහු ආපු කෙනෙක්.

    • හෙල කරුමය says:

      ගම්මන්පිල ගල් ලෙන බින්දා කියලා කිව්වා කියලා ඔප්පු ක⁣ලොත් දේශපාලනයෙන් සමු ගන්නවා කිව්වානෙ. ඉතින් උඹ ගාව තිබෙන වීඩියෝ කෑල්ල කමෙන්ට් එකක් විධියට දාපන්කො.

      පචයා ගිය පැත්තේ නම් කොටින්ගේ සල්ලි බෙදුවා. ඒ පැත්තේ හිටියා නම් ගම්මන්පිලටත් සල්ලි ගන්න තිබ්බා

  3. Saman says:

    Welgama mathayo ohoma yann. Api obath samaga.

  4. Nuwan says:

    ගල්ලෙන බින්දා කිව්වේ චම්පිකනේ. උදය නෙමෙයි. ඒක දන්නෙත් නැද්ද?

  5. susi says:

    මු මොන ගොබ්බයෙක්ද වෙල්ගම එක්ක බැලුවම. එතුමා කියන දේ ගැන බුද්ධිමත්ව හිතුවොත් හොදයි.

  6. Sadu Banda says:

    There is a difference an opinion in our sky that regarding Presidential candidature proposed by various interest parties in 2019 Election including SLPP UNP SLFP and other .
    Dr Welgam having an interest of own capital .That is politics of our nation ?
    Gamapala has to be patience by himself.
    We are looking for great changes in next few years?

  7. Gayantha says:

    වෙල්ගමලා මහින්ද තනි නොකර හැමදාම හිටපු මනුස්සයෙක්.මෙයා වාසියට හිටන්ගාවට ගිහින් පරන කේස් අදී කියන බයට සහ පාටලිට වඩා පොරක් කියලා පෙන්නන්න ඔන නිසා නැවත මහින්ද ගාවට අවේ.

  8. මහින්දගෙ මල්ලි says:

    වෙල්ගමගේන් තොටත් රිටන් එක ඕන නම් පහර දීපන්

  9. ජයන්ත says:

    අපිට ඕන ගෝඨාභය. ඒක වෙනස් කරන්න වෙල්ගමයට බෑ. උදය බහුතර ජන මතය වෙනුවෙන් කතා කරන ඔබට ස්තුතියි.

  10. එක්නැලිගොඩ says:

    ගම්මනපිල විමල් කට්ටිට මහින්ද සුලග හැදුවේ නැත්නම් වල්ගමය රගයි මෙහෙම. අනේ පල පල යන්න. අපි ගෝඨාභයට

  11. ආතක්පාතක් නැතිව ඉඳලා ඇවිල්ලා දැන් මුං තමයි අප්පොච්චිගෙ අයිතිකාරයො වෙලා ඉන්නෙ. මංත්‍රිකාලෙ ඉඳලා හිටපු උං අප්පොච්චිටත් අමතක වෙලා. ගෙම්බන්පිලයත් අර හරකෙක් ඉස්සරහ පිම්බෙන්න ගිහින් පුපුරල මැරුණු ගෙම්බා ව⁣ගේ. ගෙම්බන්පිල උ⁣ගෙ තත්ත්වය නොදැනයි අනික් අයට විරයාවෙන්න අභියෝග කරන්නෙ.

  12. ඇත්ත කතා කරන කොල්ලෙක් says:

    අනේ ගම්මන්පිල මහත්තයෝ ඔයාලා කිරි බොන කාලෙ වෙල්ගමලා දේශපාලනයට ආවෙ.ඒ මනුස්සයා වැරදි ඇති.ඒත් ඒ මනුස්සයා කියන දේත් විමසලා බලන්න.නිකන් බොරුවට පිම්බෙන්න හදලා තියෙන තැනත් නැති කරගන්න හදන්න එපා.ඔයාලා මහින්ද මහත්තයගෙ පිහිටෙන් දේශපාලනය කරන්නෙ.ඡන්ද ටික කඩා ගන්නෙ.ඒත් වෙල්ගම කියන්නෙ දකුණේ දේශපාලනයෙ පතාක යෝධයෙක්.ඇත්ත වශයෙන්ම බැලුවොත් වත්මන් ශ්‍රි ලාංකික දේශපාලනයේ ජනප්‍රියම මෙන්ම කීර්තිමත්ම දේශපාලකයා මහින්ද රාජපක්ෂ මැතිදුන් බවට කිසිදු තර්කයක් නෑ.ඒත් වෙල්ගම වගේ මිනිස්සුත් එක්ක හැප්පෙන්න ඔයා පොඩි වැඩියි ගම්මන්පිල මහත්තයෝ…..

Main News