වෙල්ලමුල්ලිවයික්කාල් 18 වැනිදා යුද සැමරුමක්.. දැනටම කාකොටා ගනිති..

May 9, 2018 at 5:30 pm | lanka C news
වෙල්ලමුල්ලිවයික්කාල් 18 වැනිදා යුද සැමරුමක්.. දැනටම කාකොටා ගනිති..

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි මේ මස 18 වන දින සැමරීමට නියමිත 09 වන යුද සැමරුම දේශපාලනීක සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත.

මෙසේ ඉල්ලීම සිදු කොට ඇත්තේ පසුගියදා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ කාර්යාලයේදී මුල්ලි වයික්කාල් යුද සැමරුම සැමරීම සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීමකදී එම අවස්ථාවට යාපනය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් සහභාගී වී සිටි අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාවේදී මුල්ලි වයික්කාල් යුද සැමරුම් සැමරීමේ සියලු සංවිධාන කටයුතු උතුරු පලාත් සභාව මගින් සිදු කරන අතර සැමරුම සිදු කරන ආකාරය පිළිබඳ අධීක්ෂණය වෙනුවෙන් උතුරු පලාත් සභාවේ මැති ඇමති වරුන් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කරගෙන ඇත.

එහිදී අදාල කමිටුව විසින් මුල්ලි වයිකාල් සැමරුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වය පිළිබඳ විමසීමේදී සිසුන් පවසා ඇත්තේ යුද්දයෙන් මිය ගිය අයගේ අයිතිය ඇත්තේ පලාත් සභාවට පමණක් නොව තමන්ටද අයිතියක් ඇති බැවින් අදාල සැමරුම් දේශපාලනික වාසි වෙනුවෙන් සිදු නොකොට සාමාන්‍ය අයුරින් පැවත්වීම සිදු කල යුත් බවටයි.

එය ප්‍රතික්ෂේප කළ කමිටුව විසින් මුල්ලි වයික්කාල් සැමරුමේ සැරසිලි සංවිධානය විශ්වවිද්‍යාල සිසුන්ට භාර ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමද විශ්ව විද්‍යාල සිසුන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මුල්ලි වයික්කාල් සැමරුමේ ඉදිරි කටයුතු වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහභාගී නොකරගැනීමට පියවර ගෙන ඇතත් මුල්ලි වයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්්‍යාල සිසුන්ද සහභාගී වීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,923 Viewers

6 Comments to “වෙල්ලමුල්ලිවයික්කාල් 18 වැනිදා යුද සැමරුමක්.. දැනටම කාකොටා ගනිති..”

  1. lion says:

    වසලයන්ගේ රජයක් තිබෙන විට මේවා සිදුවෙනවා හෙළයේ රාවනා බලය මෙය පැරදවීමට ඉදිරියට එනු ඇත

    • Kamal says:

      රාවනා බලයට ඡන්ද දිනන්න බෑ බන්. බොදු බල සේනාවත් ලංකාවෙන්ම ගත්තෙ විසි දාහයි.

      • ජනිත් says:

        කොන්ද නැති පතෝල කරල් රජ උනාම .ධනය බලය නැතුව හිටපු හිඟන හැත්තට කියක් හරි ලැබුනාම උන්ට රට ජාතිය අමතක වෙන්ව ජඩයෝ රට පවල දෙනවා පාවල දෙනගමන් ජඩයෝ කියනවා මේ සහජීවනය කියල මේවගේ පතෝල ජඩයෝ නිසා ජාතියක් විනාශ වෙලා යනවා .මේ පතෝල නායක බල්ලන්ට හෙන ගහපන් උන්ගේ පවුල් පිටින් විනාස වෙයන්

  2. Nana says:

    JVP is commemorating “Mahaviru” Day. We are celebrating Indepemdence Day. Likewise relatives of LTTE like to remember their Loved ones, though they died by terrorism. Lets respect their feelings too. We should not be like frogs in the Well. or live in fear of LTTE forever. LTTE have done some good deeds also to Tamils . So its their right to remember.

  3. Nandasoma Suriyaarachchi says:

    පාණ්ඩු ආණ්ඩුවක් තියෙනතොට, කවුරු හරි රට ජාතිය වෙනුවෙන් පෙරට ආ යුතුයි…..!

    හමුදාවට තමයි මේව වළක්වන්න පුලුවන්…!!

Main News