වෙළදසැල් 03ක් මහ රාත‍්‍රියේ කඩයි..

August 9, 2018 at 2:16 am | lanka C news
වෙළදසැල් 03ක් මහ රාත‍්‍රියේ කඩයි..

නාඋල නගරයේ ව්‍යාපාරික ස්ථාන 03 බිද දේපල සොරාගත් පුද්ගලයින් සොය විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව නාඋල පොලිසිය කියයි.

07 රාත‍්‍රීයේ නාඋල මුස්ලිම් දේවස්තානය අසල පිහිටි කෘෂී රසාන ද්‍රව්‍යය අලවිසැල් දෙකක් හා එක් ආපන ශාලාවක් සොරුන් විසින් බිද දමා ඇතැයි පොලිසිය කියයි.

රාත‍්‍රීයේ වෙළදසැල් වසා දමා තිබිය දි කිසියම් පිරික් වෙළදසැල් වල ඉබි යතුරු කඩා වෙළදසැල් තුළට අතුළු වී තිබේ.

නාඋල පොලිසිය සදහන් කළේ බිද දැමු වෙළද සැල්වල සොරාගත් දෑ පිළිබදව ඊයේ දිනය වන විට (08) තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

අපරාධ සම්බන්ධයේ වු විද්‍යාත්මක ඒකකය (සොකෝ) මගින් ඇගිලි සලකුණු ලබා ගැනීම් සිදුකිරිමට ඇති හෙයින් වෙළදසැල් අභණ්තරය පරික්ෂා කිරිම ප‍්‍රමාද වන බව නාඋල පොලිසිය ස`දහන් කළේය.

මිට පෙර අවස්ථාවක දි ද මෙම ව්‍යාපාරික ස්ථාන සොරුන් විසින් බිද දමා තිබු අතර ඒ සම්බන්ධයෙන් ද පොලිස් පරික්ෂණ ක‍්‍රියාත්මකය.

නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන පවත්වති.

– ඉන්දික අරුණ කුමාර

608 Viewers
Main News