වෙළඳසැල් 32 කට නඩු වෙළෙන්ඳන් 103 කට දැඩි අවවාද…

April 30, 2018 at 5:30 pm | lanka C news
වෙළඳසැල් 32 කට නඩු වෙළෙන්ඳන් 103 කට දැඩි අවවාද…

වවුනියාව නගරයේ වෙළඳසැල් සියල්ලම පරීක්ෂා කළ සෞඛ්‍ය නිලධාරීන් වෙළෙඳසැල් 32 කට විරුද්ධව නඩු පැවරීමට වව්නියාව දිස්ත්‍රීක් සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මෙම වෙළෙඳසැල් 32 අතර ආපන ශාලා 19 ක්, සිල්ලර වෙළඳසැල් 06 ක්, ෆාමසි 04 ක් හා සුපිරි වෙළඳසැල් 03 ක් ඇති බවට වවුනියාව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  ඒ.එස්.ලවන් මහතා පැවසීය.

මහජන සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමට ආහාර  පිළියෙල කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, ආහාර ගබඩා කිරීමේදී නරක් වූ ආහාර වර්ග සමග සෙසු ආහාර ගබඩා කිරීම යන චෝදනා යටතේ මෙම වෙළෙඳසැල් 32 ට නඩු පවරා තිබේ.

මේ වෙළෙද සැල් 32 අතරින් එක් වෙළෙද සැලක් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය නිසාත්,එම වෙළෙඳසැලට එරෙහිව පැමිණිලි කීපයක්ම ලැබී ඇති නිසාත් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත එම වෙළෙඳසැලට සීල් තැබූ බවද වෛද්‍ය ලවන් මහතා සඳහන් කළේය.

දින පහක් තිස්සේ කළ මෙම පරීක්ෂා කිරීම් වලදී අපිළිවෙලකට ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,විවෘත ස්ථානවල ආහාර ගබඩා කිරීම වැනි දේ සිදුකළ වෙළෙන්දන් 103 කට දැඩි අවවාද කළ බවත් මීළඟ පරීක්ෂාවකදී ඔවුන් එම වරදවල් තවදුරටත් කරගෙන යන්නේ නම් ඔවුන්ට එරෙහිවද නඩු පවරණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩි දුරටත් පැවසිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,789 Viewers
Main News