වේගය පාලනය කරගන්න බැරිවුනු සැප බස් රථය මෝටර් රථයක් හා ලොරියක හැපේ.. කුඩු පට්ටම්..[Photo]

September 12, 2017 at 5:30 pm | lanka C news
වේගය පාලනය කරගන්න බැරිවුනු සැප බස් රථය මෝටර් රථයක් හා ලොරියක හැපේ.. කුඩු පට්ටම්..[Photo]

කිලිනොච්චිය,උමයාලපුරම් ප‍්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ අධි සුඛෝපභොගී බස් රථයක් මෝටර් රථයක හා කැන්ටර් රථයක ගැටීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වි ඇති අතර කිසිවෙකුටත් හානි නොවී ඇති බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවේය.

යාපනය සිට කොළඹ බලා ධාවනය වු අධි සුඛෝපභෝගි බස් රථය රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබු කාර් රථයේ හා රථයේ ගැටී ඇති බවට පොලීසිය තොරතුරු අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ හා ලොරි රථයේ කිසිවෙකු නොසිට ඔවුන් පිටත රැඳී සිටීම නිසාවෙන් ජිවිත හානි කිසිවක් සිදුවි නොමැති අතර, අනතුරින් කාර් රථය සම්පූර්ණයෙන් විනාශ වි ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

බස් රථයේ අධික වේගය අනතුරට හේතු වි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,169 Viewers

One Comment to “වේගය පාලනය කරගන්න බැරිවුනු සැප බස් රථය මෝටර් රථයක් හා ලොරියක හැපේ.. කුඩු පට්ටම්..[Photo]”

  1. daham says:

    papadam papadam papadam

Leave a Comment

Main News