වේලාවට වැඩේ දීලා එන්න, මෛත්‍රී – මහින්ද ගැන ගම්මන්පිලගෙන් අන්දෝලනාත්මක කතාවක්

November 7, 2018 at 6:27 am | lanka C news
වේලාවට වැඩේ දීලා එන්න, මෛත්‍රී – මහින්ද ගැන ගම්මන්පිලගෙන් අන්දෝලනාත්මක කතාවක්

‘රට රකින ජන මහිමය’ ජන රැළියේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ජනතා පරමාධිපත්‍යයේ සංකේතය වන පාර්ලිමේන්තුව ගාවට අපි ආවේ මේ රටේ සැබෑ උරුමක්කාරයන් වන මේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ කියන එක මුළු ලෝකයටම හඬගා කියන්නයි. රනිල් මහත්තයෝ ඇමරිකාව ඔබත් එක්ක ඇති. යුරෝපය ඔබත් එක්ක ඇති. මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි කන්දරාව ඔබත් එක්ක ඇති. NGO කුක්කෝ ටික ඔබත් එක්ක ඇති. ටයි කෝට් දාන කුරුඳු වත්තේ මහත්වරු ටික ඔබත් එක්ක ඇති. හැබැයි මේ රටේ අහිංසක ජනතාව ඉන්නේ මෛත්‍රී මහින්ද සුසංයෝගය සමගයි කියලා තමයි මේ ජනතාව හඬගා කියන්නේ. මිත්‍රවරුනි ජනාධිපතිවරණයට අවුරුද්දක් තිබියදී තමයි ඔක්තෝබර් විප්ලවේ සිද්ධ වුණේ. තව අවුරුද්දක් මේ ආණ්ඩුව ගියානම් අපේ ආදරණීය මව්බිම කෑලි නමයකට කඩන පෙඩරල් ව්‍යවස්ථාව සම්මත වෙනවා. අපේ රටේ තියෙන වටිනාම සම්පත් ටික වරාය ගුවන්තොටුපොළ නොරටුන්ට තුට්ටු දෙකට කුණුකොල්ලෙට විකුණලා දානවා. ඒ වගේම විදේශීය රටවල්වලින් පගාව අරගෙන නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරලා අපේ රටේ කුඩා කර්මාන්ත ටික කුඩුපට්ටම් කරලා දානවා. රණවිරුවන්ට මහ සඟරුවනට හිරගෙදර තමන්ගේ ජීවිතය කරගන්න වෙනවා.

මේ වගේ තීරණාත්මක මොහොතක ඒ ඔක්තෝබර් මාසේ 26 වැනිදායි ජනාධිපතිතුමන් එක පෑන් පහරකින් මව්බිමේ ඉරණමත් ජාතියේ ඉතිහාසයත් වෙනස් කලේ. මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවට වෙනත් කෙනෙක් එදා 2015 ජනාධිපති වුනානම් රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය රාජිත සේනාරත්න වැනි වෙනත් කෙනෙක් ජනාධිපති වුනානම් මේ අවුරුද්දත් මෙහෙම යනවා. අපේ රට විනාශ වෙනවා බලමින් හූල්ල හූල්ල තවත් අවුරුද්දක් බලාගෙන ඉන්නයි අපිට වෙන්නේ. මේ විප්ලවය සිදු වුණාට පස්සේ අපේ හාමුදුරුවනේ, මගේ හිතට ඇතිවෙච්ච අදහසක් තමුන්නාන්සේලාට කියන්ඩ අවශ්‍යයි. මට දැන් සැකයක් තියෙනවා 2014 වසරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සතුරු පිලේ ජනාධිපති අපේක්ෂකයා වුණේ මහින්ද මහත්තයත් එක්ක කතා කරලා ද කියලා. මොකද එතුමා එදා ගියේ නැත්තං අද මේ විප්ලවය කරන්න වෙන්නෙත් නෑ. අපි හැමෝටම රට කනවා රට විනාශ කරනවා බලමින් හුල්ල හුල්ල තමයි ජීවත් වෙන්න වෙන්නෙ. දෙන්න කතා උනාද දන්නෙ නෑ, යන්න, ඉන්න, වෙලාවට වැඩේ දීලා එන්න, කියලා. ඒ ගමනයි අද සම්පූර්ණ වෙලා තියෙන්නේ.

ග්‍රීක ඉතිහාසයේ ට්‍රෝජන් අශ්වයා කරපු දේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් කරලා තියෙන්නේ. ට්‍රෝජන් අශ්වයා එනකොට ආදරෙන් පිලිගත්තලු. හැබැයි වෙලාවට වැඩේ දීලා රටේ පැත්තෙ හිටගන්නට ඒ ‍ට්‍රෝජන් අශ්වයා උපක්‍රමයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපේ ඉතිහාසයේ වීර කැප්පෙටිපොල කළේත් මේ වගේ කාර්යයක්. වීර කැප්පෙටිපොළට සුද්දගෙ පිල අතහැරලා සුද්දට එරෙහිව රටේ දේශප්‍රේමී අරගලයට එකතු වෙන්න හිත හදාගන්න වසර තුනක් ගියා. අපේ ජනාධිපතිතුමාත් හරියටම වසර තුනකින් මවුබිමේ නිදහස් අරගලය වෙනුවෙන් මව්බිමේ දේශප්‍රේමී ජනතාව සමඟ හිටගන්න ඒ ඓතිහාසික තීරණය ගත්තා. එදා කැප්පෙටිපොළ සුද්දගෙ හමුදාව මට එපා සුද්දගේ තුවක්කු මට එපා කියලා ඒවා හරවලා යවපු හින්දා අපේ නිදහස් සටන පැරදුනා. මෙදා පොටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් එන්නේ රනිල් පිලෙන් විශාල පිරිසක් මේ පැත්තට අරගෙනයි.

ඒ නිසා මේ පෘතුගීසිකාරයා රනිල් වික්‍රමසිංහගෙන් අපේ ආදරණීය මව්බිම බේරගන්න අපේ කඳවුරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ වීරෝධාර මන්ත්‍රීවරු සියලු දෙනාම උණුසුම් අත්පොළසන් නාදයකින් අපි පිළිගන්වා කියලා කියන්න කැමතියි.

මිත්‍රවරුනි ජනාධිපතිතුමන් ගත්තේ දුෂ්කර තීන්දුවක් එකපැත්තකින් තමන්ට ජනාධිපති ධූරය ලබා දුන්න පක්ෂය. අනෙක් පැත්තෙන් තමන්ට ජීවය දුන් ආදරණීය මව්බිම. තමන්ගේ බර දරා සිටින ආදරණීය මව්බිම. තමන්ව පෝෂණය කරන ආදරණීය මව්බිම. උදව් කල පක්ෂයද ආදරණීය මව් බිමද කියලා තෝරා ගැනීමේදී ජනාධිපතිතුමන් ආදරණීය මව්බිම තෝරාගැනීම ගැන අපි සතුටු වෙනවා. අද ඇමරිකාව හඬා වැටෙනවා යුරෝපය ලතෝනි දෙනවා. කොටියා ගොරවනවා. ඒ අයගේ සිහින සියල්ල බිඳ වැටිලා ඉවරයි. දැන් මිත්‍රවරුනි රට කඩන පෙඩරල් ව්‍යවස්ථාව ඉවරයි. රටේ සම්පත් නොරටුන්ට විකුනපු කාලේ ඉවරයි. අපේ රණවිරුවන් හිරේ ලැග්ග යුගය ඉවරයි. බුදුදහමට අපහාස කළ යුගය ඉවරයි. ජාතියේ පැතුම් ඉටුකරන නව යුගය දැන් ආරම්භ වෙලා තියෙනවා.

එදා 1948 පෙබරවාරි 4 අපි ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුනා නම් 2018 ඔක්තෝබර් මස 26 වැනිදා පෘතුගීසිකාරයා ගෙන් අපි නිදහස ලැබුවා කියලා සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

62,706 Viewers

13 Comments to “වේලාවට වැඩේ දීලා එන්න, මෛත්‍රී – මහින්ද ගැන ගම්මන්පිලගෙන් අන්දෝලනාත්මක කතාවක්”

  1. Nalaka says:

    පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපති ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇති බව දැනගත් වහාම අරලිය මැදුරේ ඇත්තෝ, එංගලන්තය සහ ඇමෙරිකාව ගොලු වී ඇත.

    • Kamal says:

      පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතාවගේ මතය ලබා ගැනීමට ජනමතවිචාරණයක් කැදවන්න එපා…!
      ජනවරම ලැබුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න ම වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවීමට ලැබෙන ජනවරමට එරෙහිව අධිකරණය ට යන්නත් බෑ. එක්තරා නීති විශාරදයෙක් ජනාධිපති ට කියයි.

      • Amda says:

        කෙලින්ම මහ මැතිවරණයකට යමු.

        මේ වෙලාවෙ සමනල්ලුන්ට ඇපත් නැතිවෙනව.

  2. peedithaya says:

    mama onna hadisiyema kiwwath BADU TAX ADU KARANNE LABANA AWURUDDE INDALA ME MOHOTHEMA NOWE onna kiwwe ekak wenne wena ekak.
    bentara gangen ehane?? ane ahibsaka minissu kabalen lipata

  3. Prasanna says:

    එහෙම වෙන්නෙ නෑ. යූ එන් පී ජනදිපති කෙනෙක් ආවානම් ජාතික ආන්ඩු නෑ. තුනෙන් දෙක නෑ. විපක්ශ නායක සම්බන්දන් වෙන්නේ නෑ, ව්‍යවස්ථාව එනේ නෑ. දේශිය සමපත් විකුනන්න හිතන්න වත් වත්නෑ. මේ හෙන හතම වැදුනේ මෛත්‍රී ජනපති වුන නිසයි. කරපු වැරද්ද අන්තිම මොහෙතෙ කරපු දේ මහා ලොකු දෙයක් කියන්න එපා.

    • අපි නොදන්න සමනල්ලු says:

      මොනවද ඔයි මේ කියවන්නේ යූ ඇන්පී ජනාධිපතියෙක් ආව නම් විකුණන්නේ නෑ ? රට නෙමෙයි එහෙනං රටේ මිනිස්සුත් විකුණලයි ඔය සමනලයා පස්ස බලන්නේ. හොඳ වෙලාවට මයිත්‍රී ජනපති වෙලා හිටියේ

  4. ExUNPer says:

    Great speech !
    Anyone who loves the motherland, irrespective of the party, would admire this speech.
    Thank you Hon Udaya Gammanpila.

  5. CHAMINDA -SADA STF says:

    ELA KATHAWA UDAYA! THANKS AND WE ARE PROUD OF YOU. LETS GET TOGETHER BEAT ALL & DEVELOP OUR MOTHERLAND

  6. එක්නැලිගොඩ says:

    ස්තුතියි විමල් උදය වාසු සුසංයෝගයට. ඔබලා රට පැත්තේ හිට ගත්තා. අවසානයේ ජනපති පවා නුඹලා හරි බව පිළිගත්තා. සටන් කරන හැටි ජනතාව මෙහෙයවන හැටි මෙයාලගෙන් ඉගෙන ගන්න.

  7. Nishantha says:

    Heartfelt speach.

  8. Manoj says:

    “මට දැන් සැකයක් තියෙනවා 2014 වසරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සතුරු පිලේ ජනාධිපති අපේක්ෂකයා වුණේ මහින්ද මහත්තයත් එක්ක කතා කරලා ද කියලා. මොකද එතුමා එදා ගියේ නැත්තං අද මේ විප්ලවය කරන්න වෙන්නෙත් නෑ. අපි හැමෝටම රට කනවා රට විනාශ කරනවා බලමින් හුල්ල හුල්ල තමයි ජීවත් වෙන්න වෙන්නෙ. දෙන්න කතා උනාද දන්නෙ නෑ, යන්න, ඉන්න, වෙලාවට වැඩේ දීලා එන්න, කියලා”

    LAWYER kenek wunahama mewage GON POINTS nodi hitiyoth neda hoda ??? Eda මෛත්‍රීපාල සිරිසේන kada gena giya eken thamai modayoooo me okkoma awul wune. Neththam මහින්ද මහත්තය thamai 2015 PRESIDENTIAL ELECTION eka dinala ayeth PRESIDENT wenne. Me සිරිසේන thamai medden penala deela rata kala demme.

    Ethakota 2015 PRESIDENTIAL ELECTION eka paradinna da මහින්ද මහත්තය “යන්න, ඉන්න, වෙලාවට වැඩේ දීලා එන්න” kiyala kiyanne ???? GON MATI katha nokiya uba AUSTRALIA gihin karapu DIGITAL ELCtRONIC Degree eken wedak ganna balapan. GODA PERAKADORU katha kiyala මහින්ද මහත්තයge nama kanne nethuwa !!!!

    • kate says:

      Manoj, really you are telling what I thought. If Sirisena did not do that dirty game, MR win 2015 presidential election. Is Gammanpila mad? This is the first time I saw he is telling this type of mad stories.
      Anyway he is a strong pillar to us. He, Wimal, Bandula etc. did a great job.

    • Deesa says:

      ඔබගේ කාතාවට එකඟයි .උදය මොනවා කියවනවද මන්දා..හි හි හි

Main News