වෛද්‍ය සහ හෙද ස්ථාන මාරුවීම් සදහා උතුරු නැගෙනහිර ලේඛණය අහෝසියි..

September 4, 2017 at 2:14 am | lanka C news
වෛද්‍ය සහ හෙද ස්ථාන මාරුවීම් සදහා උතුරු නැගෙනහිර ලේඛණය අහෝසියි..

අම්පාර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරිම සහ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ දී සිදු කෙරිනි.

ඉන් පසු අම්පාර මහ රෝහලේ ගැටලු සාකචිඡා කිරීමේ හමුවක් ද පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පකාශ කළේ වෛද්‍ය සහ හෙද ස්ථාන මාරුවීම් සදහා මෙතෙක් සකස් කළ ලේඛණය අහෝසි කර දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ලේඛණයක් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි. එහිදී ස්ථාන මාරුවීම් ලබන වෛද්‍යවරයා හෝ හෙද හෙදියන් වසර 04 කාලයක් එකම රෝහලක සේවය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දුෂ්කර පළාත්වල ජනතාවට සියලු සෞඛ්‍ය සේවකයින් කැපවීමෙන් යුතුව රාජකාරී කළ යුතු බවත් එය ජනතා කාර්යයක් විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. අම්පාර මහ රෝහලේ මානව සම්පත් ගැටලුව විසදීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්, රෝහල් සංවර්ධනය කිරීමට සහයෝගය ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

– ප‍්‍රසන්න අධිකාරී

3,097 Viewers
Main News