වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි.. විභාග පීඩනයෙන් දිවි තොරකර ගත්තේදැයි සැකයක්…

February 28, 2018 at 5:30 pm | lanka C news
වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි.. විභාග පීඩනයෙන් දිවි තොරකර ගත්තේදැයි සැකයක්…

යාපනය විශ්වවිද්‍යාලයේ ද්‍යෛ පීඨයේ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ තිබයදී හමු වූ බවට යාපනය පොලීසිය කියා සිටියේය.

26 හැවිරිදි එමානුවේල් රාමුවේල් නැමති මෙම වෛද්‍ය සිසුවා වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන අතරම යාපනය පලාලි මාර්ගයේ කන්දර්මඩම ප්‍රදේශයේ අදාල වෛද්‍ය සිසුවා තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර ඊයේ දින සිසුවා සරසවියට නොපැමිණීම හේතුවෙන් මිතුරන් විසින් සොයා බැලීමේදී අදාල සිසුවාගේ මළ සිරුර හමු වී ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත.

යාපනය පොලීසිය විසින් සිදු කරන ලද මූලක පරික්ෂණ වලදී සැක පල වී ඇත්තේ අදාල වෛද්‍ය සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටත් අවසන් විභාග පීඩනය හේතුවෙන් මෙසේ දිවි තොර කරගන්නට ඇති බවට සැක පල වන බවටත් සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය මහරෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.

මිය ගිය වෛද්‍ය සිසුවාගේ ස්ථීර පදිංචිය වව්නියාවේ අංක 33 පළමු පටුමග උක්කුලාන්කුලම් ප්‍රදේශයේ බවට අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,628 Viewers
Main News