වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..

June 10, 2018 at 7:37 am | lanka C news
වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..

තම පුත් යශෝධ රංග බණ්ඩාර අතින් සිදු වූ රිය අනරතුර සම්බන්ධයෙන් මාධ්‍ය විසින් චිත‍්‍රපටයක් නිර්මාණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

බීමතින් රිය පැදවූයේ යයා මාධ්‍ය විසින් වාර්තා කලත් වොඩ්කා බෝතලයේ තිබුනේ බොන්න ගෙනගිය ඇල් වතුර යයි ඇමතිවරයා කියයි.

වාහනයේ තිබී හසු වූ කඩු පොලු වෙනත් පාර්ශවයක් විසින් තම පුතු ඇතුළු පිරිමට පහර දීමට ගෙන ආ ඒවා යයිද ඔහු කියයි.

කෙසේ වෙතත් පොලීසිය විසින් ඇමති පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බීමතින් රිය පැදවීම, කඩුවක් සන්තකවෙය් තබා ගැනීම, රාජ්‍ය දේපල අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

එමෙන්ම එම අනතුර සිදු වෙද්දී ඒ ආසන්නයේ කිසිම කලහකාරී සිදුවීහක් ගැව පොලීසිය වාර්තා නොකරයි.

19,575 Viewers

35 Comments to “වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..”

  1. නිහාල් says:

    වැඩි කතා එපා තමුන් ගේ පුතාගේ ක්‍රියාකාරකම් දැක්කම මතක් වෙන්නේ අර උදෙයි හුසේන් කියන සදාම් හුසේන්ගේ පුතා මිනිහත් මහා අපරාද කළා .තමුන් ගේ පුතා දැන් කි දෙනෙක්ව අබ්බගාත කලාද මිනිහෙක්කුත් මරුවා නේද ?දැන් මේ නිවාසයක් විනාස කරලා .එනිආ වැඩි කතා නැතිව අර කැඩුණු නිවාසය ඉතාම ඉහල මට්ටමට නැවත හදන්න වන්දි මුදල් දෙනවා නිකන් හෙට්ටු කරන්නේ නැතිව .ඒවගේම හරිනම් තමුන් මේ කට කියවල හරියන්නේ නෑ රාජ්‍ය වාහනයක් යුතු ලෙස තමුන්ගේ පුතා බාවිත කලානම් බටහිර රටක ඇමතිලා ඉල්ලා අස්වෙනවා .එනිසා තමුසෙත් දැන් ඉල්ලා අස්වෙනවා

    • Kamal says:

      රංග බණ්ඩාර කියන්නෙ පොලිසියෙ හිටපු එකෙක්…මිනිහ දන්නව බොරු නඩු හදන්නත් විත්තිවාචක හදවල වැරදි කරපු අය නිදහස් කර ගන්නත්…ලංකාවෙ නීතිය ඔහොම තමා…

      • Mahasona says:

        උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු. අනේ පව් ඇමති තාත්තා පුතා බේරගන්න කියන බොරු..
        කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.

  2. indunil says:

    puttalam booruwo kabnat ekata nusudusuya;………?

  3. nima says:

    After Jesus Christ I herd one person can convert water alcohol

  4. Samuvel says:

    ඇල් වතුර නොවේ යකෝ තිබ්බේ පිරිත් වතුර. පිරිතකට වැඩල එනගමන් ඒ ගෙදර උන්ට පිරිත් පැන් දෙන්න හැරෙවා, ගෙදර බිත්තියක වැදුනා ටිකක්, එච්චරයි. කොඩිගස් ගලවල ඒ පොලු තමයි වාහනේ දාගෙන ආවේ. නිකම් මේ සත්පුරුශයින්ට කතා හදන්න එපා.

    • නිශාන් says:

      පට්ට කතාව මචං මේක තමයි ඇත්ත සිද්දිය මුන් මේ වැදගත් ශාන්තුවරයන් වගේ මිනිසුන්ට මඩ ගහනවා

    • Ranjit says:

      Ado Samuel thoge bappada ranga bandara kiyana hothambuwa??? Thopila okkoma yanne apayata kiyana boruwalata.

    • SUNIMAL says:

      Samuvel
      පිරිත් වතුරින් කිසිවකුට අනතුරක් සිදු නොවේ ..මේ සිද්ධියට කුමකටද පිරිත් වතුර සම්බන්ද කරන්නේ ?
      අද අපේ රටේ බෞද්ධාමට විරුද්ධ අන්‍ය ආගමික පුද්ගලයන් විශාල පිරිසක් ඇත ..ඔබත් එවැන්නෙක් නේද ?
      නරුම ඇමතිලාගේ මෝඩ ප්‍රකාශවලට පහරදීමට බෞද්ධාගම යොදා ගන්න එපා ..එය අපේ බෞද්ධාගමට කරන අපහාසයක් .. නරකද පල්ලියේ ආශීර්වාද වතුර එයට යුදාගත්තොත් .

      • Samuvel says:

        සුනිමල් , ඔබට ස්තුතියි ,මම මගේ කනගාටුව ප්ර්කාශ කරමි, වැරැද්ද හයි ලයිග්ට් කිරීමට ගොස් වැරදියට උදාහරන දීම ගැන.

    • හින්බබා සියා says:

      Samuvel උබට වැරදිලා මක්කම සිට ගෙනාපු සම් -සම් වතුර ලු වොඩ්කා බෝතලේ තිබුනේ ..

  5. Mahasona says:

    Whitewashing his son. Shameless bastard. This ‘Puttalam Buruwa’ said there is nothing wrong in addressing Prabhakaran as Mr. Prabhakaran while people were addressing Hon. Karuna. This idiot does not have brain to understand that Prabhakaran died as a terrorist but Karuna renounced terrorism and helped the Government to eliminate Prabhakaran and LTTE.

    • Saradiel says:

      ඇමතිතුමෝ ,ඒ අසරණ මිනිසුන්ගේ ගෙය ඔබේ මුදල් වලින් නැවත සාදා දෙන්න ..පච කියලා වැඩක් නැහැ .
      .වරදක් කලොත් දඩුවම් විදීමට පුතාට ඉඩ දෙන්න
      කවුරු කලත් වරද වරදමයි ..ඇමතිගේ පුතා කියලා විශේෂත්වයක් නැහැ නිතිය කාටත් පොදුයි
      යශෝධ රංග බණ්ඩාර රියදුරු බලපත්‍රය වහාම තහනම් කලයුතුයි

  6. ජයමල් says:

    මුට තව කැබිනට් ඇමතිකමකුත් ඕනෙලු 😀

    • Asaranaya says:

      මේ පුත්තලම් බූරුවත් පොලිසියේ හිටිය එකෙක්, නීති නමලා කනපිටගස්වන උපන් උදවිය. ඒ හැපුනු වාහනෙ යසෝදව කව්ද අයෙක් වාඩිකරලා ඉන්ඳවලා, පව් බන්

      • ගිරවා says:

        මෛත්‍රි ලොක්කගේ දඩුවම අනුව , මඩුවලිගෙන් පුතාටත් තාත්තටත් පහර දිය යුතුයි ….හේතුව පුතා වැරදි කරද්දී තාත්තා පුතාව බේරගන්න කියන බොරුවලට
        අද ලංකාව පාලනය කරන ආණ්ඩුව යමපාලනයක් කියන්නේ කට කසනවට නොවේ

  7. Nim says:

    POLICE
    P — POLIATE NESS
    O –OBEDENT
    L –LOYALITY
    I — INTELEGENTS
    C –CARTESE
    E –EFENCENCY.
    MOHU POLICE YA INNDE LIYAPU
    SEYALUMA WARTHA NAWATHA SOYA
    BALA WARADE NAM NIWARADE KALAYUTHI

  8. appaya says:

    yamapaluwan kawadada athha kiwwe???

  9. Karu says:

    කොච්චර කීකෝරු දරුවෙක්ද? මහ රෑ තාත්ත වෙනුවෙන් රැස්වීමකට ගිහිල්ල ආව.බොන්න වතුර ටිකක් කාගෙද වොඩ්ක බෝතලේක දාගෙන ගියා. එතකොට මේන් ඇක්සිඩන්ට් වුණා විතරයි මිනිස්සු කඩු පොලු අරන් ආව ගහන්න. වෙච්ච දේ ඒව එතනම දාල ඒ මිනිස්සු පැනල ගියා. අනිත් එවුන් වගෙ නෙවෙයි. රත්තරන් දරුවා.
    (පොලීසියෙ වැඩ කළ රංගෙ බංඩාර දන්නවා හරියට කට උත්තරය ලියව ගන්න.ඔය ගෙයි අයිති අය වැරැදි කාරයන් නොවුණොත් පුදුමයි.)

  10. Wikramabahu says:

    eelanga chandayedi umbata ekapita eka weti weti inne harak cjandaye dee newatha pathkara ganie. umba baya nethiwa hitapan range bandara.

  11. Toma says:

    Ethakota puttalam booruwo umbe putha weri wune wathure beelada

  12. Thilan says:

    Range Bandara Amathi thumooo,,,, Salli nathnam Sujeewa Manthri thuma gawa 3 million tiyenawa,,poddak call ekak deela balanna..bari wena ekak nahe illa ganna…mee welawe hatiyata oya salli tika Toilet ekak hadanna wunath dei..a taramatama goda enna karamayak hoya hoya inne…

  13. රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා බොරු කියන්නේ නැහැ. says:

    අපේ රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා බොරු කියන්නේ නැහැ. කියන්නේ සම්පුර්ණ ඇත්ත. වාහනයේ තිබුනේ සිංහ කොඩියේ තිබුණු කඩුවයි. පොල්ල කොල්ලගේ වෙන්නැති. මොකද ඌ පිරිමියෙක් නේ. අම්මවත් දන්නේ නැහැ ඒ පොල්ල තිබුණු බව. බෝතලේ තිබුනේ වතුර. රෑ පටි වලදී ලංකාවේ බොන්නේ වතුර. නයිට් ක්ලුබ් යන කව්රුත් දන්නවා. එපා එන්න කතා හදන්න. කැබි එක එලවපුතා අපයෝජනය කලේ අර ගෙදර මිනිහගේ තාප්පය. ඒක රෑට රෑට මහපාරට පනිනවා. ඒ වගේ වෙලාවක පුතා වාහන පදවල තියෙනවා තාප්පේ උඩින් ගෙදරට.මේ පොලිස් කාරයෝ පත්තර කාරයෝ කථා පිටපත් ලියනවා. තාප්පේ ගල් කැබ් එකට පැනලා මගේ පුතා අවභාවිතා කරලා. අනේ මගේ කට….මුන් ඩ රට හදන්න පත් කල සත්තු ඇමතිවරු.

  14. සිංහල බන්ඩා says:

    රංග බන්ඩාරයා මැරවියා ගෙ තාත්තද බාප්පද කියන එකය් අද ජනතාව තේරැම් ගත යුත්තෙ

  15. මේ මහ බූරුවාට චන්දය දුන්නු බූරු
    පැටව් නෙර් ඔබට සතුටුයි ද දැන්..

  16. sarath says:

    Now it is bad for UNP. They get unnecessary blames every day. Sujeewa is in a hot soup. His explanation is made it worse and Range Bandara’s explanation is worse than the offence.

  17. Navodya says:

    Kohomada VOTCA botaleta hujja dala thinunanam. Anek minissu kadu polu genawanam okage hatara handi kadala katigala oya wahanetama dalla hujja dala ginitiyanna tibuna. Onaya narumayage kupadi piyage koi ganige putada oka.

  18. Asoka says:

    ඇ බන් හිඟන්නොත් මිනරල් වෝටර් බෝතල් නේ බොන්නේ. මුන් මෙච්චර සල්ලි කාරයෝ වෙලත් හිස් වොඩ්කා බෝතල් වල වතුර දාගෙනද ගමන් යන්නේ ?

  19. Good Advice says:

    This is ditta dhamma vedaniya karma. He tried to remove Ranil who helped him to come to this position, same thing happened to Sujiva Senasinghe both of them are traitors to Ranil

  20. vishnu says:

    පුත්තලම් බූරුවෙක් බූරුවො 62 ලක්ෂයකට
    කතා කරනව

  21. මාධ්යවේදියෙක් මෙසේ ප්‍රශ්න කරයි. තුමා පිළිතුරු දෙයි

    ප්‍ර: පුතා බීලා නෙවේද ඵ් අවස්ථාවෙ හිටියේ?
    පි: අනේ නෑ, ඵයා බොනවා තියා අරක්කු දැකලවත් නෑ.
    ප්‍ර: එයා මහ රෑ කොහේද ගියේ?
    පි: එයාට මාධ්ය ලේකම් හැටියට වැඩ වැඩි නිසා ඵ් හෝටලේ තිබුණ පාටිඵක මං වෙනුවෙන් ඕපන් කරලා ඉක්මනටම තව රාඡකාරීයකට යන්න ගිය ටිකටනේ ඔය අපරාධෙ උනේ.
    ප්‍ර: එතකොට වාහනේ ඇතුලේ කඩුවක්,විකට් කූරක්,වොඩ්කා බෝතලයක් තිබුණා නේද?
    පි: ඵයා ආණමඩුව ප්‍රදේශයේ ජනතාවගේ සුහදතාවය වර්ධනය කරීම උදෙසා ක්‍රිකට් තරඟයක් පවත්වන්න යොදාගෙන තිබුණා, මගේ අසරණ කොල්ල ලඟ එක විකට් කූරයි තිබුණේ,ඒ අසරණයට තව විකට් කූරු 5ක් අඩුවෙලා තිබුණේ,ඒක ගන්නවත් සල්ලි තිබුනේ නෑ ඌ ලඟ.අඩු විකට් කූරු පහ කැලෙන් කපාගන්න ඕනෑ නිසා කඩුවයි,මිම්ම ගන්න විකට් පොල්ලයි තමා ඒ වාහනේ ඇතුලේ තිබුනේ. එයා වේගෙන් එන්න ඇත්තෙත් ඔය රාජකාරිය ඉෂ්ඨ කරන්න වෙන්න ඇති කියලයි මම හිතන්නේ.හික්..හික්… හික්… මගේම පුතානේ. ඔයාලට ඔය සරල දේවත් තේරුම් ගන්න බැරිද.
    ප්‍ර: එතකොට අර වාහනේ තිබුණ වොඩ්කා බෝතලේ?
    පි: මම කලිනුත් කිව්වනේ,ඒකේ තිබුණේ වතුර කියලා හත් දෙයියණේ,මේ පලාතේ වකුගඩු අමාරුව තියෙන නිසා පුතා උණුකරල නිවාගෙන හොඳින් පෙරාගත්ත වතුර,වොඩ්කා බෝතලේට දමාගෙන ගියේ ක්‍රිකට් මැච් ගහන මහජනතාවට බොන්න දෙන්න.
    ප්‍ර: එතකොට අර අලාභානි වුන ගේ හදාගන්න ඒ අසරණ මිනිස්සුන්ට ඔබතුමා උදව්වක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
    පි: අනේ මන්ඳා මට හිතාගන්නවත් බෑ,වාහනෙත් රජයේ එකක් උනානේ,ගෙවල් අයිතිකාරය අපේ පක්ෂෙ කෙනෙක්ද කියල බලල තමයි තීරණය කරන්න වෙන්නේ. මීට ඉස්සර වෙලා පුතා අතින් වෙච්ච ඇක්සිඩන්ට් වලදිත් ඵයාලට සල්ලි දුන්නත් පුතාට තියෙන ආදරේට ගත්තෙම නෑ මං හිතන්නේ.මට හදිසි රැස්වීමකට යන්නත් තියෙනවා මම ගිහින් එන්නම් වෙන මොනවත් ප්‍රශ්න නෑනේ එහෙනම් මං ගියා……

    .

  22. ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපතිට අපේ උපහාරය.කාටවත් නොනැමී නීතිය අකුරට ඉටු කලාට.බය වෙන්න එපා කෑගැහුවට, තප්පුලෑවට. අකුරට වැඩ කලොත් ඡනතාව ඔබ සමගයි.නිර්භීතව රාඡකාරිය කිරීමට ඔබට අපගේ ආශිර්වාදය.

  23. හොඳ හොඳ දේවල් එළිවෙන ඡාමෙට කියනවලුනේ.හෝටලේදිත් බිල සම්බන්ධයෙන් කචල් එකක් දාගෙන, මැනේඡ්මන්ට් එකටත් පාට් එකක් දාලාලු ඇවිත් තියෙන්නේ.තව කැඩිච්ච විස්කි බෝතල් දෙකුත් වාහනේ තබුනා කියලා පුවත්පත් වලින් ටික ටික දැන් එළියට එන්නේ.තව බැනපන් ලොක්කා පත්තර වලට ,ටීවී චැනල් වලට පලු යන්න.එතකොට එයාලා හොඳ හොඳ විස්තර අපට ලබාදෙයි. හෝටලේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කලොත් ,අර තාත්තා කිව්ව ව්‍යාපාරික ප්‍රජාව සමග තිබුන සාකච්ඦාව පිළිබඳවත්, පුතා එතැනදි කල කී දේ පිළිබඳවත් පොලෝසියේ මහත්තුරැන්ට හොඳ සාක්‍ෂියක් ලබාගන්න පුලුවන් වේවි. ඵතකොට පොලිසිය කල පරීක්‍ෂණවල සත්‍යගරැකබව නිකම්ම ඔප්පු වෙයි. ඉතාම පහල මට්ටමේ ඉඳලා අමාරැවෙන් කන්දක් නැග්ගට පස්සේ හැදෙන මුල අමතක වීමේ රෝග ලක්‍ෂණයක ප්‍රථිඵලයක් තමා ඕක.දෙවියෝ බලන්න ගත්තම උඩ පැන පැන බලනව කියන්නේ ඕකනේ ගොයියෝ.

Leave a Comment

Main News