ශ්‍රි පාද සිත ගගුල දක්වා දක්වා අනවසර ඉදි කිරිම් ඉවතට.. CCTV සවි කිරීමට පියවර..

December 1, 2018 at 2:06 am | lanka C news
ශ්‍රි පාද සිත ගගුල දක්වා දක්වා අනවසර ඉදි කිරිම් ඉවතට.. CCTV සවි කිරීමට පියවර..

2018-2019 ශ්‍රිපාද වන්දනා වාරයේදි නල්ලත්න්නියේ සිට සිත ගගුල දක්වා ඉදි කර තිබෙන අනවසර වෙළදසැල් කඩා ඉවත් කිරිමට තිරණයක් ගෙන තිබෙනවා.

2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධව නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා (29) නල්ලතන්නිය ග්‍රාම සේවක කාර්යයාල රැස්විම් ශාලාවේදි පැවති විශේෂ රැස්ව්ම් ශාලාවේ පැවත් විශේෂ සාකච්ඡාවේදි මෙම තිරණය ගනු ලැබුවා.

එම මාර්ගයේ අනුමැතියකින් ‍තොරව සහ අවිධිමත් ලෙස වෙළදසැල් ඉදි කර තිබුම සම්බන්ධයෙන් එම රැසවිම්ට සහභාගි පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් මෙම රැස්විමේදි කරුණු ඉදිරිපත් කිරිමෙන් පසු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ පලාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගයේ සිමාව සලකුණු කිරිමෙන් අනතුරුව පොලිසියද සහයෝගය ඇතිව එම වෙළදසැල් කඩා ඉවත් කිරිමට කටයුතු කරන බවයි .

එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ පොදු ස්ථාන ආරක්ෂා කරගැනිම හා පරිසරයට කැලි කසල හා ප්ලාස්ටික් අපද්‍රව්‍යය බැහැර කරන අය නිතියේ රැහනට කොටු කර ගැනිම පිණිස මස්කෙලිය ප්‍රාදේශිය සභාවෙන් තොරාගත් ස්ථාන කිහිපයකම සි.සි.ටි.වි කැමරා පද්ධතියක් සවි කිරිමටද මෙම රැස්විමේදි තිරණය කරනු ලැබුවා.

එළඹෙන ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍යය නල්තන්නිය ශ්‍රි පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර එම ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍යය එසේ එකතු කරන ලද ඝන අපද්‍රව්‍යය විශේෂ යන්ත්‍රයක් මගින් අසුරා නල්ලතන්නිය වෙත රැගෙන විත් එවා කොළඹට ප්‍රවහනය කර ප්‍රතිචක්‍රිකරණය කිරිමට ව්‍යාපෘතියක් අරම්භ කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

මෙවර ශ්‍රි පාද වන්දවා සමයේදි හැටන් මර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කර තිබෙනවා.

2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ, විශේෂ පෙරහැරවල් තුනක් මගින් පැල්මඩුල්ල බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර රජ මාවත ඔස්සේත්, තවත් පෙරහැරක් රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් නල්ලතන්නිය මාර්ග ඔස්සේත් දෙසැම්බර් මස 21 වෙනි දින ශ්‍රි පාද මළුව දක්වා වඩම්මවා 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාද විහාරස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,173 Viewers