ශ්‍රීලනිපයට හෝ එජාපයට පැහැදිලි බහුතරයක් නෑ.. රට අස්ථාවරත්වයේ උපරිමයට.. එකම විසදුමයි..

February 19, 2018 at 10:40 am | lanka C news
ශ්‍රීලනිපයට හෝ එජාපයට පැහැදිලි බහුතරයක් නෑ.. රට අස්ථාවරත්වයේ උපරිමයට.. එකම විසදුමයි..

මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ දි අති විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනාගැනීමට සමත් විය, එමෙන්ම එම මැතිවරණයේ දි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රිලනිප පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ නිසා රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බූදයට එකම විසදුම වහාම මහා මැතිවරණයකට යෑම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බව “නිව්ස් ඉන් ඒසියා” ඊයේ රාත්‍රියේ 18 වෙනිදා වාර්තා කොට ඇත.

එම පුවතේ වැඩිදුරටත් වාර්තා කොට ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු නායකත්වය දෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහිකිරීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහයෝගය බලාපොරොත්තුවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව එසේ ශ්‍රිලනිප ආණ්ඩුවක් සෑදිමට අවශ්‍ය සහයෝගය යම් කාලයක් සඳහා ලබාදීමට එකඟ වූ අතර එම ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර නොගැනිමට ද පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කල බවයි.

එමෙන්ම ශ්‍රිලනිප ආණ්ඩුවක් සෑදිමට පොදු විපක්ෂයේ සහයෝගය දුන්නත් එය පවතින දේශපාලන අර්බූදයට විසඳුමක් නොවන බව තමා විශ්වාස කරන්නේ එය පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් සහිත ආණ්ඩුවක් නොවන නිසාත් දැනට රටේ ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම් ඉවත් කිරිමට අවශ්‍ය දේශපාලන ස්ථාවරය ඒ හරහා ගොඩනැගිමට නොහැකි බැවිනි.

එමෙන්ම ශ්‍රිලනිප වර්තමානයේ මන්ත්‍රීවරු 96 දෙනෙකු සිටින අතර ආණ්ඩුව පිහිටුවීමට තවත් මන්ත්‍රී ධූර 17 අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 106 ක් තිබෙන අතර ඔහුනට සරල බහුතරයක් සහිතව ආණ්ඩුවක් සෑදිමට තවත් මන්ත්‍රීවරු 7 දෙනෙකු අවශ්‍ය බවත් මේ වනවිට පොදු විපක්ෂයේ සහයෝගය ශ්‍රිලනිප ලබාදීමට එකඟ වී ඇති බැවින් ජනාධිපතිවරයා සහ ශ්‍රිලනිප කණ්ඩායමේ වගකීම ඉතිරි මන්ත්‍රීවරුන් සොයාගැනීම යයි හිටපු අමාත්‍යවරයා එම පුවත් සේවයට පවසා ඇත.

එමෙන්ම මෙම අවස්ථාවේදි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ජාතික ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බවයි. මෙයින් පැහැදිලි වනුයේද ආණ්ඩුවේ අභ්‍යන්තරයේ ඇති ගැටලු තත්ත්වය නිසා තව දුරටත් රට අස්ථාවර වන බවයි. එමෙන්ම මෙම අවස්ථාවේ ආණ්ඩුව ජනතාවගේ තීරණයට කන් දී රටේ ස්ථාවරත්වය ඇතිකිරීමට අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට වහාම මහා මැතිවරණයක් කැදවිමට මෙම ආණ්ඩුව වග බලා ගත යුතුය, එසේ නොවුන හොත් ඩොලර්යේ අගය ඉහළ ගොස් රුපියල බාල්දු වී රටට එන විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම අඩු වනු ඇති බැව් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

“ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යනු පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් පක්ෂයක් වුවද, ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිටුපසින් අපි ගියේ නැහ ඔහුන් අප වෙත පැමිණි ශ්‍රිලනිප ට අපගේ සහාය දෙන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය එසේ නම් ජාතික ආණ්ඩුව තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යා හැක්කේ කෙසේද? ශ්‍රිලනිප හෝ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් කිරීමට අවශ්‍ය බහුතරයක්වත් නැහ, ඒ ජනතාවට වෙනසක් අවශ්‍යයි යයි”ඔහු අවධාරනය කලේ ය.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින්

51,576 Viewers

8 Comments to “ශ්‍රීලනිපයට හෝ එජාපයට පැහැදිලි බහුතරයක් නෑ.. රට අස්ථාවරත්වයේ උපරිමයට.. එකම විසදුමයි..”

  1. Trumph says:

    මොන විදියට හරි රජය සක්‍රිය කරල බැසිල් මහෙන්ද්‍රන් ජොනි රත්තරං මහිපාල අලුත්ගම ඇතුළු හොර නඩයට අනිවාර්යයෙන්ම ජම්පර් ඇන්දවිය යුතුය.
    මහජනතාව ගෙන් හොරා කෑ මුදල් යලි ලබා ගත යුතුය.
    ඩෙසි ආචිචිටද සමානව සැලකිය යුතු ය.

  2. Nalaka says:

    ආණ්ඩුවකට සහය දක්වන්නට යාමෙන් එකක් කඩතොලු මකන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉදුරුවේ ආචාරියාට වූ නස්පැත්තිය ඒකාබද්ධ විපක්ෂය ට…..
    කොහොමද හංස මොලේ….

    • Boo says:

      යන එන මං නැතුව අමාරැවෙ වැටෙන එකත් යුඇන්පී සමලිංගික පොන්සි පක්සයට ලොකු දෙයක් වෙලා දැන්. අර මිදි පොකුර කඩා ගන්න බැරි වුනු නරි වගේ වෙලා උන්. තමන් වලේ වැටිලා ඉන්න ගමන් අර අපූරැවට දිනල ඉන්න ඒකාබද්ධෙ අමාරැවෙ වැටිලලු ! සම ලිංගිකයින්ගෙ මොලෙත් අබලන් වෙලා වගේ.

  3. Nim says:

    ME RATA “RA NIL ” GAY HO
    ” MY 3 ” GA PAMANAK NOWA
    ” ME RATA APATH RATA “

  4. බන්ඩා says:

    One need not be a political scientist to understand that Sri Lanka is facing a political crisis. Leave out validity of the unity government, legalities of 19A or PM can be sacked or not, Sri Lanka President is an Executive President. He need not be a puppet of anybody. The Executive President is empowered with immense power by our constitution. Hence, President Sirisena must take a political decision and set a government in motion and pull the country out of the current mess.

  5. Manel says:

    Absolutely correct. Honesty of SLFP leader is questionable. Same time UNP can not run the govt by just UNPers. ‘Bud’ party has rightly offered their support to the SLFP led govt. to suppress a UNP govt. Important thing is, they are still not going to be a part of the govt. As Basil said, best thisng is to have a general election. 2nd best is to have temporary Govt led by SLFP for a short time.

  6. Manel says:

    Absolutely correct. Honesty of SLFP leader is questionable. Same time UNP can not run the govt by just UNPers. ‘Bud’ party has rightly offered their support to the SLFP led govt. to suppress a UNP govt. Important thing is, they are still not going to be a part of the govt. As Basil said, best thing is to have a general election. 2nd best is to have temporary Govt led by SLFP for a short time.However, no one should believe MY3.

  7. Aussie says:

    Sripal of Sirasa is the ideal political expert to reorganize the UNP. Hope UNP will get his expertise to reorganize the party. Good luck sripal Wanniarachchi.

Main News