ශ්‍රීලනිප බල මණ්ඩලවලට පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට නොහැකිව තෑගි බෙදයි.. [Video]

December 5, 2016 at 4:07 am | lanka C news | ලංකා සී නිවුස්
ශ්‍රීලනිප බල මණ්ඩලවලට පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට නොහැකිව තෑගි බෙදයි.. [Video]

මේ දිනවල ලහි ලහියේ ශ්‍රීලනිප ආසන බල මණ්ඩල පිහිටුවීම ආරම්භ කොට ඇත.

නව පක්ෂය වන ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ දිවයින පුරා ගම් 14023 ආවරණය වන පරිදි පක්ෂ ශාඛා පිහිටුවීම ආරම්භ කිරිම නිසා කලබලයට පත්ව ඇති ආණ්ඩුවේ මැති ඇමතිකම් දරණ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පටන්ගෙන තිබේ.

එහෙත් ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ සහභාගිත්වය ඉතා පහළ මට්ටමක ඇති නිසා පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට සංවිධායකයින් විසින් අලුත් උපක්‍රමයක් යොදාගනී. එනම් ඊට සහභාගි වන අයට තෑගි බෝග ලබා දෙන බව කල් තියා ප්‍රචාරය කොට පාක්ෂිකයින් බල මණ්ඩල රැස්වීමට ගෙන්වා ගැනිමයි.

මේ ඒ සඳහා ඊයේ දොම්පේ ආසනය තුල සිදු වූ ආකාරය එහි ගිය පාක්ෂිකයින් විසින් විඩීයෝව ගතකොට ඇති ආකරයයි.

24,287 Viewers

6 Comments to “ශ්‍රීලනිප බල මණ්ඩලවලට පාක්ෂිකයින් ගෙන්වා ගැනිමට නොහැකිව තෑගි බෙදයි.. [Video]”

  1. ගොඩින් එපා මඩින් says:

    එදිනෙදා වියහියදම් පක්ෂෙයි රටයි කාපු සිරිසේනගෙන් පියවගන්න.
    තම දරු මුනුබුරන්ට ‘සුභ අනාගතයක්’ සඳහා නෙළුම් පොහොට්ටුවට චන්දෙ දෙන්න.

  2. අපි ඔය තෑගි දෙන්නේ අලුත් පක්සෙට බෑදෙන්න කියලා. හොදට මතක තියගන්න ස්‍රිලන්කා පොදුජන පෙරමුන. යන්න මහින්ද ජනාදිපති ලගට.

    • sunil perera says:

      ඔතන ඉන්න ඔය උපාලි ගුනරත්න ඇතුලු සියලු දෙනාටම කියන්න කැමතියි නිකම් කාලයත් මුදලුත් නාස්ති කරගන්නෙ නැතුව මල්පොහොට්ටුවට වැඩ කරන්න. හොරගොල්ලෙ ආච්චි පස්සෙ යන්න එපා.

  3. kamal says:

    තිස්ස දෙශපාලන පක්ෂ වලට සහයොගය දක්වන්නෙ මානසික රොගින් නැතිනම් අැත නැත දෘෂ්ටි තියෙන පෘථග්ජන අය ඒක හින්දා තිස්ස ඤාණසාර හිමියන්ට සහයොගය දක්වන්න

  4. somapala says:

    උපාලි ගුනරත්න අර ගෑනිට පන්දම අල්ලන් වැරදි පාර්ශවය වෙනුවෙන් මුදල් නාස්ති කරගන්නවා. මීලඟ පාර ඇපත් නැතිවෙන වැඩක්

  5. singha says:

    හරි මිනිස්සු නම් කල මෝඩකම්වලට හිත්වදින්නත් එක්ක තෑගිත් අරන් ලබන ගෙදර යවා පාර ගෙදරිනුත් පැන්නිය යුතුයි. මේවා ඡන්ද අල්ලස් නොවේද? 

Main News