ශ්‍රීලනිප සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට…

January 13, 2018 at 8:02 am | lanka C news
ශ්‍රීලනිප  සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට…

කොළොන්නාව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන ලද සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

මෙහිදී කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීන් වන සුදත් සේනක” චින්තක මුතුකුමාරණ යන මහත්වරුන් සමග මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක” මංජුලා හේරත් යන මහත්ම මහත්මීන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහදවලආරච්චි මහතා ද ඇතුලුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් කොළොන්නාවේ සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් සිදු කරන වැඩපිළිවෙල සම්බන්ධව පැහැදීමකට පත්ව සිටින නිසා මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කල බව මොවුන් වැඩිදුරටත් පවසන ලදී.

– මිනුර රශාන්ත

13,835 Viewers

7 Comments to “ශ්‍රීලනිප සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට…”

  1. salili walatada – mole tiyana minihek ahamati hesirena akaraya dakanam ekathu weda? – horun wate nuthana horu

  2. Sunil says:

    පොහොට්ටුව එන්න එන්නම මැලවිලා යනවනේ

  3. Hora says:

    U N P යට යන එවුන්ට දෙයියංගෙම පිහිටයි ..

  4. Hora says:

    හු අන් පියට යන එවුන්ට දෙයියන්ගේම පිහිටයි

  5. Rohitha says:

    baenkuwe bindala eka mahindapita patawanta tharam bayanaethi agamaeti kenekge nayakathwaya dena paksayata yanta hithennta aethi.

  6. GA says:

    Malavilla balamu chandeta

  7. ලිච්ඡවි says:

    කුඩු වලට සම්බන්ධ එවුන්.

Leave a Comment

Main News