ශ්‍රී ලංකාවට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාවක්‌..?

October 20, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාවට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාවක්‌..?

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක්‌ නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ මියෑන්ගොන් අභ්‍යවකාශ යානාවක්‌ බවට සැක පහළ වී ඇත.

මෙම අභ්‍යවකාශ යානාව තම පාලනයෙන් මිදී ඇති බවත් එය 2017 ඔක්‌තෝබර් සහ 2018 අප්‍රේල් පෘථිවියට කඩා වැටෙන බවත් චීන අභ්‍යවකාශ බලධාරීන් එක්‌සත්ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණි.

ටොන් 8 ක්‌ බරැති මෙම අභ්‍යවකාශ යානාව පෘථිවියට එනවිට එහි කිලෝ 100 ක්‌වූ කැබලි බවට පත්වන බවද වාර්තා වී ඇත.

මෙයට පෙර ඇමෙරිකානු නාසා ආයතනය යෑවූ ටොන් 70 ක්‌ බර ස්‌කයිලැබ් අභ්‍යවකාශ යානාව ඔස්‌ටේ්‍රලියාවට ද රුසියාව උඩුගුවනට යෑවූ කොස්‌මෝස්‌ යානාව ඇµaගනිස්‌ථානයට ද කඩා වැටී තිබේ.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාව බවට චීනය මෙතෙක්‌ තහවුරු කර නැති අතර එය උල්කාපාතයක්‌ බවට ද වාර්තා වේ.

– Divaina

23,977 Viewers

6 Comments to “ශ්‍රී ලංකාවට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාවක්‌..?”

  1. Kassapa says:

    Ara mahindawath kapu buuru puthage supreme sat da danneth nai. Moko ekata wuna deyak nai ne.

  2. ColomboSam says:

    Why dont someone get a professional opinion about this extra terrestrial matter from Sri Lankas first, foremost and only Deep Space, Satellite, Space Station, Space Science and Rocket Scientist Mr. Rocket Rohitha?? Maybe he tried to land his Rocket in Hambantota Airport 😀

  3. indraratha says:

    කිම් ජොන්ග් අන් ගැහුවා මුන් අපිට බබා පෙන්නනවා

    • දහං says:

      සිරිසේන මහත්තයාව අවතක්සේරු කරන්න එපා.

      උන්ගේ (කොරියානුවන්ගේ) මිසයිලය වැරදුනා. දැන් සිරිසේන මහත්තයගෙ වාරය. කල්පනා කරලා බලන්න දැන් කවුද බයවෙලා ඉන්නේ කියලා.

  4. Report says:

    මේකේ තියෙනවා විස්තරය. හැබැයි තාම මේක කඩා වැටුන කියල කොහෙවත් කියල නැහැ

    https://www.nightskynews.com/space/chinese-space-station/

  5. මාමණ්ඩියා says:

    අභ්‍යවකාස තාක්සනය ගැන පරතෙරටම දත් අපේ මහින්ද මහතාගේ කණිටු පුත් තනතුරේ තැන්පත් රොහිත රාජපක්ශ පුතුගෙන් මේ ගැන අවශ්‍ය තාක්ෂණික හා පසුබිම් වූ සත්‍යය සිදුවීම දැන ගන්න කවුරුත් උනන්දු වන්නේ නැත්තේ ඇයි ?

Main News