ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ ජාවාරමක්.. හා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්..

December 15, 2017 at 6:30 am | lanka C news
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ ජාවාරමක්.. හා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්..

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ අලි පැටවුන් අල්ලා ඔවුන් මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රබල සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එමෙන්ම පසුගිය සති කිහිපය තුළ දළ ඇතුන් ගණනාවක් මරා දමනු ලැබුවේ නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් දැයි සැකයක් මතු වී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඒ බව සඳහන් කළේ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් සිව් දෙනෙකු පසුගිය සති කිහිපය තුළ ඝාතනයට ලක්වීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡාවකට එක්වෙමිනි.

“කවදාවත් මෙහෙම වෙලා නෑ මේ රටේ, මේ කුරුණෑගල අවට. මේක සූක්ෂම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ද කියල දැන් රහස් පොලිසිය පරීක්ෂණ කරනවා,” අමාත්‍යවරයා කියා සිටියේය.

දළ පූට්ටුවා ඇතුළු ඇතුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා තිබූ අතර, තවත් ඇතෙකුට වස දී මරා දමා තිබුණි.

“මේ එක පිට එකක් කළේ -මම මේක කැබිනට් මණ්ඩලේත් ප්‍රකාශ කළා – නඩු තිබෙන අය ඉන්නවා නීතිවිරෝධී අලි තබාගැනීම ගැන. ඒ අතර මතයක් ඇතිකරන්න උත්සාහ කරනවා, කැලේ ඉන්න සත්තු මේ වගේ මැරෙනවා, ඒ නිසා මේ විදියට තියාගත්තම සත්තු ආරක්ෂා වෙනවා කියල.”

එවැනි “කුමන්ත්‍රණයක්” තිබුණ ද නීති විරෝධී අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ වනජීවී අමාත්‍යවරයා කියා සිටියේ එම පරීක්ෂණ සහ නඩු විභාග කඩිනම් කිරීමට කටයුතු කරන බවට අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල භාරගත් බවය.

අධිකරණ ක්‍රියාදාමය අවසාන වන තුරු එසේ අත්අඩංගුවට ගෙන තිබෙන අලි 42 දෙදෙනෙකු රැක බලාගැනීම සිය අමාත්‍යංශයට “ලොකු බරක්” වී තිබෙන බවත් ඔහු පැවසීය.

“අලි 42 දෙදෙනෙක්ට අපි වගකියන්න ඕන. ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මම කිව්වා මේකේ තීන්දුවක් ඉක්මනින් ඕන කියල. අධිකරණ ඇමතිතුමිය ඒක භාරගත්ත.”

එපමණක් නොව, නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා බෝට්ටුවලින් මැද පෙරදිග වැනි රටවලට පැටවීමේ උත්සාහයක් පිළිබඳව බරපතළ සැකයක් මතු වී තිබෙන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සඳහන් කළේය.

ගතව ගිය මාස කිහිපය තුළ උඩවලවේ වන රක්ෂිතයේ, හම්බන්තොට ගෝනගල්ආර ප්‍රදේශයේදී, අඹේගමුව ප්‍රදේශයේදී සහ කතරගමදී එසේ නීති විරෝධී ලෙසින් අල්ලාගත් අලි පැටවුන් හමු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, එම පැටවුන් විදේශවලට විකිණීමේ ජාවාරාමක් පිළිබඳව පවතින සැකය ද විස්තර කළේය.

“අපට ආරංචියක් තියෙනව පසුගිය රජය වෙලාවෙත් මේ වගේ බෝට්ටුවලින් හම්බන්තොට දිහාවෙන් අලි පැටවු දෙන්නෙක් වගේ ගෙනියල තියෙනව කියල කතාවක්. ඒකට මට සාක්කි නෑ. එතකොට බේරුවලින් ගෙනිහින් තියෙනවා. මේ පැටවෙක් ඩොලර් ලක්ෂ පහකට වගේ මුදලකට දෙන්න පුළුවන්.”

නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක ද තමන් එල්ල කරන චෝදනාව සනාථ කළ බව පවසන වනජීවී කටයුතු භාර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මූලික පොලිස් විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳව ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමට බලාපොරොත්තු වන බවය.

දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වමින් සිටින බව පවසන අමාත්‍යවරයා, එහිදී තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.

“තරාතිරම් බලන්නේ නෑ, දේශපාලකයෝ කියල බලන්නේ නෑ, පූජ්‍ය පක්ෂය කියල බලන්නේ නෑ ආයෙත් නොකරන්න නීතිය ක්‍රියාත්මක කරාවි.”

පරීක්ෂණ සඳහා අවශ්‍යව සිටින ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක් අතුරුදහන්ව සිටින බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව මේ මොහොතේ කිසිවක් පැවසිය නොහැකි බවය.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පුරා වෙසෙන වන සතුන් සහ වන සම්පත ආරක්ෂා කිරීමට සිය අමාත්‍යංශයට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් පිළිබඳව අඟහරුවාදා (දෙසැම්බර් 12) කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලද බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව විවිධ ප්‍රදේශවල රඳවා සිටින ආරක්ෂක හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් නිසි සම්බන්ධීකරණයකින් ඒකාබද්ධ වැටලීම්, ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික සැලසුමක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම ඒකාබද්ධ වැඩපිළිවෙල මාසයක කාලයක් ඇතුළත ක්‍රියාවට නැගීම සිය බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා පැවසීය.

“ඒ එක්කම ජනාධිපතිතුමා ඊයේ අනුමත කළා, මහවැලි කළාපය තුළ ගම් කමිටු හදන්න. අපිට ජනතාවගේ සහභාගිත්වයත් අවශ්‍යයි.”

මේ අතර අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව ලබා දෙන දඬුවම් ඉහල නැංවීම සඳහා වන යෝජනාවලියක් පරිසර සංවිධාන විසින් වනජීවී අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.

එම නිර්දේශ සියල්ල තමන් අනුමත කරන බව වනජීවි කටයුතු භාර අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් බදාදා (දෙසැම්බර් 13) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සඳහන් කළේය.

“උදාහරණයක් විදියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යෝජනා කරලා තියෙනව මිනීමැරුම් චෝදනා ගේන්න කියල,” අමාත්‍ය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC සංදේශය

4,376 Viewers

11 Comments to “ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ ජාවාරමක්.. හා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්..”

  1. sarath says:

    විල්පත්තුව කපල සුද්ද කරලා අලි ,උරෝ ,මුවෝ ඔක්කොම රට පටවල ඉවරත් ඇති. ඉතාම සුළු සන්කයාවක් වන රටේ ඉන්න දේශපාලුවන්ට ගෑවිච්ච හොරු ටික නැතිකරලා දානකම් මේ රට ගොඩයනවා බොරු .අපි කොච්චර දඟලුවත් මුල් කුනුවෙලානම් ගහ මැරෙනවා ! වසර දෙදහස් ගණනක් මේ රට ,පරිසරය ආරක්ෂා කරගත්තු අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතුන උන් සල්ලි වලට වහවටිලා මේ රට විනාශ කරන එකට දෙවියෝ බලාගනිත්ව

    • Vasana says:

      තරාතිරම් බලන්නේ නැතුව , දේශපාලකයෝ කියල බලන්නේ නැතුව , පූජ්‍ය පක්ෂය කියල බලන්නේ නැතුව ආයෙත් නොකරන්න නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම දඩුවම දෙන්න …විශේෂයෙන්ම පරිසර බාර ඇමති … සිරිසේන ජනපතිට ..ඔහු මේ සියල්ලටම වගකිව යුතුයි .
      .අන්තවාදී මුස්ලිම් ඇමැතිලාගේ අවශ්‍යතාවයන් ඉටුකරමින්,මුස්ලිම් කොළණි ගොඩනගමින් ගස් කපමින් ඇතුන්ගේ දළ කපමින් .ජාතක සම්පත් විනාශකරමින් ,පුරාවස්තු විනාශකරමින් ,. විල්පත්තු වනරක්ෂිත ය විනාශකිරීමට බදියුදීන් අන්තවදියාට ඉඩදී බලා සිටීම පිලිබදව විශේෂයෙන්ම පරිසර බාර ඇමති සිරිසේන ජනපති ට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි

  2. MAAMA says:

    මේ සත්තු ටික පන්සල් වල හිටියා නම් අදටත් ආරක්ෂිතයි.. කැලේ ඉද්දි තමයි ඔක්කොම අනතුරු.

    • OLU says:

      හම්බ අත්තවාදී ඇමතිලාට වෙළදකටයුතු බාරයි කෑළා කපන්න කොලනි හදන්න ..මැදපෙරදිග ඉස්ලාම් ජාතිකයන්ට අවශ්‍ය ලෙස පරිසරය සකස්කරන්න සිරිසේන පබයගේ අවසර තියනවනේ ..
      අහෝ මේ රටේ මහජාතිය ට තමන්ගේ රටේ ජාතික වස්තු පරිසරය රැක ගන්නවත් අවශ්‍ය තාවයක් නැද්ද ?
      විල්පත්තුව ගැන කොතරම් පෙත්සම් ලිව්වත් ඒ ගැන කරුණු මේ නිවට පාලකයන්ට ලිව්වත් කිසිම පලක් තාම සිදුවී නැහැ ..
      සිංහල කොල්ලනේ කෙල්ලනේ ඇස් ඇරපියව් ..නිවට දේශද්‍රෝහී දේශපාලුවන්ට අපේ ජාතික සම්පත් .අලි ඇතුන් සතුන් ගස් කොළන් විනාශ කිරීමට ඉඩ නොතබව් …බලා සිටීමට කාලයක් නැහැ ..ජඩපාලනය අපේ රට විකුණගෙන තමන්ගේ මඩිය තර කර ගන්නවා …විල්පත්තුව ඇතුළු ජාතික වන උද්‍යාන වල අපේ රටේ අලිඇතුන් සතුන් ගේ සොහොන්බිම් කර විනාශ කිරීමට ඉඩ නොදෙව් ..අවදිවෙව්

    • CORBRA says:

      MAAMA
      මොකද්ද මේ කියන ගොන් කතා ?සතුන් ගේ වාසස්ථාන කැලේ …මෙතෙක් කල් කැලැ අලි ඇතුන් සතුන් ජිවත් වුයේ වන රක්ෂිතවල ..පන්සල් වල නොවේ

      මිනිස්සු ඒ සතුන්ගේ වාසස්ථාන වල පදිංචි නොවිය යුතුයි ..ඔවුන්ට නිදහසේ ජිවත් වීමට ඉඩ දිය යුතුයි ගස් කොළන් වනාන්තර නොකැපිය යුතුයි
      විල්පත්තුව විනාශකරමි න් ගොඩනගන ඉස්ලාම් කොළණි වහාම නතර කල යුතුයි
      අපේ රටේ සතුන් මැදපෙරදිගට විකිණීම වහාම නතර කරනු ..කාන්තාවන් වහල් වෙළදාමේ යොදා දැන් රටේ සිටින වටිනාම සතුන් විකුනන්න හදනවද ?
      ජනපති මොකද්ද මේ මුස්ලිම් අන්තවාදීන් සමග නටන නාඩගම ? උතුරේ ගිහින් කොටි නැටුම් ..දැන් හම්බ නැටුම් …
      ජනතාව නිහඩ මන්ද ? සිහලුනේ පක්ෂ බෙදා ආගම් බේද අතහැර අපේ මව් බිම රැක ගැනීමට වරෙව් ..බඩ ගැන සිතීමට පෙර රට ජාතිය ගැන සිතව්

  3. Niru says:

    3 years of Yahapalana has destroyed not only the elephants but
    Wilpattu
    Rice
    Coconut
    Vegetables
    Hambantota
    Mattala
    Farmers livelihood
    Foreign investment
    Law and order in the country
    Sri Lanka rupee
    and the Central Bank

    • love nature says:

      මේකද යහපාලනය ? දැන් මේ රටේ අලින්ටවත් නිදහසේ ජිවත් වීමට ඉඩක් නැහැ නේද ?
      යමපාලනයට සාපවේවා !!!

      තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් අංක 550 සෙම්බුකුලම ග්‍රාමසේවා වසමේ සෙම්බු කුලම කනත්ත ළඟදි වෙඩි වැදීමකින් ඇතින්නියක්‌ මියගොස්‌ ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.
      තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සතියක්‌ ඇතුළත් වාර්තා වූ දෙවැනි අලි මරණය මෙයයි.
      මියගිය ඇතින්නිය වයස අවු. 20, 22 ක්‌ ඇති වයසේ පසුවන බවත්, ඌට මාස 3 – 5 පමණ වයස පැටියකු ඇති බවත්, වනජීවී නිලධාරීහු පවසති. තුවක්‌කුවකින් තබන ලද වෙඩි උණ්‌ඩයක්‌ හදවත පසාරු කරගෙන ගොස්‌ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි පැමිණවීමෙන් සිදුවූ ක්‍ෂණික මරණයක්‌ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. මේ අනුව කිසියම් පුද්ගලයකු 11 දා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් ඇතින්න පලවා හැරීමට නොව ඝාතනයට කිරීම සඳහාම ඇතින්න පිටුපසින් පැමිණ ඉදිරි පාදයේ බාහුවට පිටුපසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වනජීවි නිලධාරීහු පවසති.

  4. Kolitha says:

    Wahana ills asweyan yako….thopi karana yahapathak naha Rattata.. …

    • ගිරවා says:

      ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ ජාවාරම අපි හෙළා දකිමු වහාම එය නතර කලයුතුයි
      මුස්ලිම් කොලනි හදන්න දැන් අලිඇතුන් විනාශ කරනවා …සිරිසේන උන්නැහේ පරිසර බාර ඇමති නේද ? මේවා දකින්නේ ඇසෙන්නේ නැද්ද ?
      සිරිසේන ,කොළ රතු අලින්ගේ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකේ යන්න හදනවද ? මේ කරන ජාතික අපරාධ වලට ජඩ පාලනයට සාපවේවා !!!
      ජනපති සිරිසේන කරුණාකර ඉල්ලා අස්වන්න ..ඔබත් ඔබේ පාර්ලිමේන්තුවත් අපේ රටට කරන්නේ විනාශයක් ..අසරණ වනසතුන්ටත් කරන්නේ අපරාධයක් පරිසරය විනාශ කරමින් ..දැන්වත් විල්පත්තුව ඇතුළු වන රක්ෂිත සුරකින්න පියවර ගන්න …මුස්ලිම් ඇමැතිලාගේ ඇමති ධුර ඉවත්කරන්න ..
      අලි ඇතුන්,වන සතුන් ආරක්ෂා කිරීමට වත්මන් පාලකයන් වහාම පියවර ගන්න ලෙස අපි ඉල්ලමු .
      ..සතුන්ට පරිසරයට ආදරය කරන ජනතාව අපේ ජාතික වස්තුන් , ජාතික සම්පත් අලි ඇතුන් සතුන් ආරක්ෂා කිරීමට වහාම කටයුතු කලයුතුයි

  5. ගුරුළු says:

    යහපාලන ජනපති සිරිසේන මුස්ලිම් ජාතිකයන්ගේ රූකඩයක් වී ඇත ..අලි ඇතුන් ගැන කුමන කතාද ?මේ ජඩ පාලනය රට කෙරුවොත් මුළු සිංහල රටම මුස්ලිම් කොලනියක් වන දිනය වැඩි ඈතක නැහැ .
    .දැන්වත් මේ ආණ්ඩුව නෙරපා රට බේරාගනිව් මිනිසුනේ
    සිංහලයෙනි මෙලෙච්චේද කොටි LTTE ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරාගත් ඔබට මේ නිවට සිරිසේනගේ පාලනයෙන් රටේ බේරාගැනීමට නොහැකි මන්ද ? සිංහල දේශප්‍රේමියා පැරදුන ජාතියක් නොවේ ..සමගි වී එක්වෙයව්
    ලෝක තැපැල් දින 143 වන සැමරුම මේ මස 09 පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති අවස්ථාවේදී පන්සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත්වසිදු කර නොතිබුණු බව වාර්තා වේ.
    වැඩම කර සිටි සංඝයා වහන්සේලා මේ හේතුවෙන් මද වෙලාවක් එම ස්ථානයේ රැදී සිටීමෙන් අනතුරුව නික්ම ගොස් ඇත.
    මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් ඇමති එම්.එච්.ඒ හලීම්ගේ නියෝග පරිදි සංවිධානය කර තිබුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
    ඕනෑම උත්සවක් ආරම්භයේදී ආගමික වතාවත්වල යේදීම චිරාගත සම්ප්‍රදායක් වෙයි. රාජ්‍ය නායකය සහභාගී වන උත්සවවලදීද මෙතෙක් කලක් එම සම්ප්‍රදාය අනුගමනය කළේය. සෙත් පිරිත් සඡ්ඡායනය කිරීමද බොහෝ අවස්ථාවලදී සිදුවිය. “සංදියාවේ“ නාමයෙන් දැන් ඒවාට ඉඩ නැත.. “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම රජයේ වගකීමක්“ යැයි වදනක් නාමිකව හෝ ව්‍යවස්ථාවේ පවතිද්දී, රාජ්‍ය නායකයා ඉදිරියේදීම අන්තවාදීන්ගේ උවමනාවන් මෙලෙස ඉටුවෙනවානම්, වචන හරඹවලින්, යටි උගුල්වලින් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ නව ව්‍යවස්ථාවෙන් ඉවත් කළහොත් සිදුවන ටික හිතාගත හැකිය.. දැන්වත් සංහිදියා පරයන්ගේ ඇස ඇරේවා

  6. SARA says:

    බදියුදීන් .. වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ අලුත්ම වෙළද භාණ්ඩය අපේ අලි ඇතුන්ද ?බදියුදීන් එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා. අදත් ඒකම කරනවා”ඔහුට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?යහපාලනය කරපිටින් අපේ ජාතික සම්පත් විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදිය යුතුයි
    පාලක නිවටයන්ගේ සහයෝගයෙන් ලංකාවේ වයඹ දිග වෙරළ කලාපයේ පිහිටි විල්පත්තු වන රක්ෂිතය විනාශකරමින් ඇති දැවැන්ත මුස්ලිම් කොළණි කටාරයේ ඉස්ලාමිය වහබ්වාදී සංවිධාන වල මුලික ආධාරයෙන් බදියුදීන් ගොඩනගමින් සිටි ..වටිනා ගස් කපමින් ඒවා විකුනාගනිමින් මුළු වන රක්ෂිතයම විනාශ කරයි ..අසරණ වන සතුන්ට දැන් සිදුවන්නේ මෙලෙච්චේද මිනිසුන්ගෙන් වෙඩි කා මරණයට පත් වීමටයි ..දැන් ඇතුන් කීදෙනෙක් මරණයට පත්කර තිබුනාද ? දළ කපා ගනිමින් අසරණ ඇතුන් විනාශකිරීමට ඉඩ දී අපි බලා සිටිය යුතුද ? දැන් අලුත්ම ව්‍යාපාරය අලි ඇතුන් අරාබිකරයට විකිනිමද ?
    විල්පත්තුවේ අරාබි ආක්‍රමණයට ඉඩ දී අපි බලා සිටිය යුතුද ?වහබි වාදයේ විසකුරු සෙවණැලි වලින් විල්පත්තුව විනාශකර අපේ ජාතික සම්පතක් වූ අලිඇතුන් අරාබිකරයට විකිනීම ටඉඩ නොදිය යුතුයි …ස්වභාවික පරිසරය ..සතුන් ගස් කොළන් පුරාවස්තු රැකීමේ අරමුණින් සිංහල අපි දැන්වත් එක්වී කටයුතු කරමු

Main News