ශ්‍රී ලංකාව ආසියාවේ ඉහලම ආර්ථික වර්ධනයක් ඇති රටක් යයි එදා IMF කිවුවා – අජිත් නිවඞ් කබ්රාල්..

February 19, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
ශ්‍රී ලංකාව ආසියාවේ ඉහලම ආර්ථික වර්ධනයක් ඇති රටක් යයි එදා IMF කිවුවා – අජිත් නිවඞ් කබ්රාල්..

‘තමන්ගේ පෞද්ගලික විශ්වසනීයභාවයද දැඩි ලෙස පලුදු වී ඇති සමහර ඇමතිවරුන් අප රටේ ආර්ථිකය යහපත් යයි කොපමණ උදම් ඇනුවත්, මෙම අයහපත් ආර්ථික තත්ත්වය සහ අසුබවාදී ව්‍යාපාර මතය නොවෙනස්වනු ඇත. එම නිසා, ඔවුන් දැන් කළ යුත්තේ අසත්‍ය ප්‍ර‍කාශන ලබාදීමවත්, ලාබාල “නිදහසට කරුණු” ඉදිරිපත් කිරීමවත්, පසුගිය පාලනතන්ත්‍ර‍ට වෛරීව සහ ඊර්ෂියාකාරීව චෝදනා නැගීමවත් නොවේ. එවැනි බොළද ක්‍රියාවලියන් තුළින්, තම පාලනයේ දුර්වලතාවයන් හෝ නොහැකියාව තව දුරටත් වසන් කරගත නොහැක.
එසේ නම්, වර්තමාන පාලනතන්ත්‍ර‍ය දැන් කළ යුත්තේ පවතින අයහපත් තත්ත්වය ප්‍රායෝගිකව හදුනාගෙන, සිදුවන්නට යන දැවැන්ත විනාශය අවම කර ගැනීමට දියත් කලයුතු සියලු ක්‍රියාමාර්ග දියත් කිරීමය. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද අප රටේ ආර්ථිකය භාජනය කොට ඇති මේ “අංග සම්පූර්ණ කුණාටුව” (perfect storm) මුලු රටම වෙලාගනිමින්, අප රට විශාල විනාශයකට ගොදුරු වීම නැවැත්විය නොහැක’ යයි හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව කරුණු දක්වමින් පැවසීය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ප්‍ර‍කාශය

2015.01.08 වන දින තමන් “යහපාලන” රජයක් පිහිටුවද්දී, ශ්‍රී ලංකා ආර්ථිකය “දැඩි සත්කාර ඒකකයක” පැවති බවද, තමන් විසින් පසුගිය වසර දෙක තුළදී එම අසාධ්‍ය ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවද, සමහර මැති ඇමතිවරු මෑතකදී ප්‍ර‍කාශ කොට ඇත. එහෙයින්, සියලු ශ්‍රී ලාංකිකයන්ට එම ප්‍ර‍කාශන වල සත්‍යභාවය තේරුම් ගැනීමට හැකිවන පරිදි, එදා සහ අද පැවති සාර්ව ආර්ථික සාධක වල විග්‍ර‍යක් (2015 ජනවාරියෙන් පසු මහ බැංකු සහ අනිකුත් නිල දත්ත පදනම් කොටගෙන) පහත දක්වා ඇත.

සාර්ව ආර්ථික සාධක

ආර්ථික වර්ධනය

2014 දෙසැම්බර් (එදා) 2010 සිට 2014 දක්වා වසර 5 තුළදී සාමාන්‍ය වර්ධනය වසරකට 6.8% ක් වු අතර, ආයෝජන පරිසරය ස්ථාවර සහ සතුටුදායක වුනි. 2014.07.29 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය මෑත කාලයේදී ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ඉහලම වර්ධනයක් ඇති රටක් යයිද ප්‍ර‍කාශ කොට තිබුණි.

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී වර්ධන වේගය පසුබෑමට ලක් වෙමින් 4.8% දක්වා අඩුවූ අතර, 2016 දී 4% ට අඩු අගයකට වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආයෝජනය අඩාල වී ඇති අතර, නව රැකියා බිහිවීමද අවම වී ඇත. කෘෂිකර්මය සහ සන්නිවේදන ක්ෂත්‍ර‍ය අවදානම් තත්ත්වයක පවතී.

දළ දේශීය නිශ්පාදිතය (ද.දේ.නි)

2014 දෙසැම්බර් (එදා) 2005 දී ඇ.ඩො. බිලියන 24 ක පැවති ශ්‍රී ලංකාවේ ද.දේ.නි. 2014 වන විට 233% කින් වැඩිවී ඇ.ඩො. බිලියන 80 ක් බවට පත්වුනි. 2014 මැයි මාසයේදී ෆිච් ශ්‍රේණිගත ආයතනය ශ්‍රී ලංකාව කලාපයේ මාර්ග සහ වරායන් වැනි යටිතල පහසුකම් සමග සුභවාදීව සන්සන්දනය කළ හැකි විශාල පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති සමස්ත සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් වී ඇති රටක් බව පැවසීය.

2016 දෙසැම්බර් (අද) 2015 දී ද.දේ.නි. සුලු වශයෙන් ඇ.ඩො. බිලියන 82.3 දක්වා වැඩි වූ අතර, 2016 දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය වුනි. ඒ අනුව, 2016 අග වන විට ආර්ථිකය ඇ.ඩො. බිලියන 84 දක්වා පමණ වර්ධනය වි ඇතැයි ඇස්තමේන්තු කල හැකිය.

ශ්‍රී ලංකා රුපියල සහ විදේශ සංචිත

2014 දෙසැම්බර් (එදා) 2006 සිට 2017 දක්වා කාලය තුළ වසරකට 2.8% පමණ සාමාන්‍ය අවප්‍ර‍මාණයක් වාර්තා කරමින් රුපියලේ අගය 2014 වසර අග වන විට ඇ.ඩො. ට සාපේක්ෂව රු.131/- බවට පත් වුනි. විදේශ සංචිතය 2005 අග වන විට තිබූ ඇ.ඩො. මිලියන 2,735 සිට 300% ක වර්ධනයක් වාර්තා කරමින්, 2014 අග වන විට ඇ.ඩො. මිලියන 8,208 දක්වා වැඩිවී තිබුණි. එම සංචිත ප්‍ර‍මාණය, කෙටි කාලීන විදේශ ණය පියවීම සදහා 125% ක ආවරණයක් ලබා දෙමින්, සතුටුදායක මට්ටමක පැවතුනි.

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර දෙක තුළදී, වසරකට 7% ක සාමාන්‍ය අවප්‍ර‍මාණයක් සළකුණු කරමින්, ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රු.150 දක්වා පහත වැටුනි. තවද, 26% ක සංකෝචනයක් වාර්තා කරමින්, 2016 අගවන විට විදේශ සංචිත ඇ.ඩො. මිලියන 6,063 දක්වා පහත වැටුණි. ඊට අමතරව, විදේශ සංචිතය කෙටි කාලීන විදේශ ණය පියවීම සදහා 75% ක ප්‍ර‍මාණයක් පමණක් ප්‍ර‍මාණවත් වු නිසා, 2016 වසර අග වන විට ආර්ථිකය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.

විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.)

2014 දෙසැම්බර් (එදා) 2006 සිට, වි.සෘ.ආග වර්ධනය වන ප්‍ර‍ණතාවයක් දක්වමින්, 2014 අග වන විට, 2005 දී තිබූ ඇ.ඩො. මිලියන 287 සිට ඇ.ඩො. 1,635 දක්වා වැඩි විය. එම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහලතම අගය වුනි. තවද, 2014 අග වන විට විදේශීය ආයෝජන වලින් දියත් කිරීමට නියමිත වූ ව්‍යාපෘති රාශියක්ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන තිබුණි.

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී වි.සෘ.ආග ප්‍ර‍මාණය පසුබෑමකට ලක්වෙමින් ඇ.ඩො. මිලියන 1,161 දක්වා අඩු වුනි. 2016 දී තව දුරටත් දැවැන්ත ලෙස කඩා වැටෙමින්, ඇ.ඩො. මිලියන 450 පමණ වාර්තා වුණි. මෙම අගය, මීට පෙර වසර 11 දී වාර්තාවූ අඩුම අගයය. තවද, ඉදිරි අනාගතයේදී වි.සෘ.ආ අඩුවීමේ ප්‍ර‍වණතාවයක් බලාපොරොත්තු වන්නට සාධක රාශියක් ඇත.

කොළඹ කොටස් වෙළදපොළ (කො.කො.වෙ.)

2014 දෙසැම්බර් (එදා) 2014 අග වන විට කො.කො.වෙ. ක්‍ර‍මක්‍ර‍මයෙන් වර්ධනය වෙමින්, කොටස් මිල දර්ශකය 7,299 දක්වා වැඩි වී තිබුණි. තවද, සමස්ත සමාගම් වල වෙළද ප්‍රාග්ධනය රු.බිලියන 3,100 වශයෙන් වාර්තා වුනි. සාමාන්‍ය දෛනික පිරිවැටුම 2014 වසරේදී රු.මිලියන 1,414 ක් වුනි.

2016 දෙසැම්බර් (අද) කො.කො.වෙ. ක්‍ර‍මයෙන් පිරිහීමෙන් 2016 වසර අග වන විට කොටස් මිල දර්ශකය 6,288 දක්වා අඩුවුනි. සමාගම් වල සමස්ත වෙළද ප්‍රාග්ධනයද රු.බිලියන 2,700 දක්වා අඩුවුනි. 2015 වසරේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1,059 දක්වා අඩුවූ අතර, 2016 දී තවදුරටත් අඩුවෙමින් රු. මිලියන 737 දක්වා පහත වැටුනි. මේ ආකාරයට 2016 දී 2014 දී අගය මෙන් අඩකට පමණ අගයකට කඩා වැටී ඇත.

උද්ධමනය

2014 දෙසැම්බර් (එදා) 2014 වසරෙන් අවසන්වූ වසර 6 තිස්සේම ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩු උද්ධමනයක වැඩිම කාලයක් පවත්වා ගැනීමේ වාර්තාවක් බිහි කරමින් උද්ධමනය මැදි තනි ඉලක්කම්වල පිහිටා තිබුනි. විශේෂයෙන්ම 2014 වසරේදී සාමාන්‍ය උද්ධමනය 3.3% ක්වූ අතර, උද්ධමනය ඉදිරියේදීත් පහත අගයක පැවැත්වේ යයි යන විශ්වාසය ව්‍යාපාර ප්‍ර‍ජාව තුළ ගොඩනැගී තිබුණි.

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී ලෝක තෙල් මිල විශාල ලෙස පහල වැටුණු නිසා, උද්ධමනය 0.9% ක අගයකට අඩු වුවද, 2016 දී උද්ධමනය 4.5% දක්වා විඩි වුනි. එමෙන්ම, නව බදු පැනවීම් සහ රුපියලේ අගයේ දැවැන්ත කඩා වැටීම ඔස්සේ, අනාගතයේදී උද්ධමනය සීග්‍ර‍ලෙස වැඩිවේ යයි ඇස්තමේන්තු කළ හැක.
රාජ්‍ය ණය
2014 දෙසැම්බර් (එදා) ද.දේ.නි. ට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍ර‍මාණය, 2002 දී වාර්තා වූ 106% සහ 2005 දී වාර්තා වූ 91% සිට සැළකිය යුතු ආකාරයකට අඩුවෙමින්, 2014 වසරේදී 71% ලෙස වාර්තා වුනි. එමෙන්ම, රටේ පවතින පොලී අනුපාතයන්ද ක්‍රමක්‍ර‍මයෙන් අඩුවීම නිසා, ණය හසුරුවීමේ පිරිවැය අඩු වෙමින් පැවතුනි. 2014 අග වන විට, රාජ්‍ය ණය ප්‍ර‍මාණය රු. බි. 7,391 ක් වශයෙන් වාර්තා වූ අතර, එම අගය 2014 අග වන විට තිබූ රු. බි. 4,590 සිට රු. බි. 2,801 කින් වැඩිවීමක් පෙන්වීය. එහෙත්, එම වැඩිවීමට සාපේක්ෂව වරායන්, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, වාරි මාර්ග, කාපට් මාර්ග, අධිවේගී මාර්ග සහ පාසැල් ඇතුලු යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ඉදිකරන ලද අතර, උතුර සහ නැගෙනහිර පළාත් වල දැවැන්ත සංවර්ධනයක්ද දියත් කරන ලදී.

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී රජයේ ණය ගැනීම් ප්‍ර‍මාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම සීග්‍ර‍ ඉහල යාමක් සිදුවුනි. ඒ අනුව, ද.දේ.නි. ට සාපේක්ෂව ණය ප්‍ර‍මාණය 76% දක්වා තියුණු ලෙස විඩිවූ අතර, 2016 වසර අග වන විට එම අනුපාතය 82% ක පමණ මට්ටමකට වැඩිවේ යැයි විශ්ලේෂකයින් ඇස්තමේන්තු කර ඇත. ඒ ආකාරයට, 2016.09.30 න් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍ර‍මාණය රු.බි. 7,391 සිට රු.බි. 9,402 දක්වා කිසිදා සිදු නොවු ආකාරයට රු.බි. 2,011 කින් වැඩිවී ඇත. එහෙත්, එම විශාල මුදලට සාපේක්ෂව, සැළකිය යුතු දෘෂ්‍යමාන සංවර්ධනයක් බිම් මට්ටමේ නොතිබීම කනස්සල්ලට කරැණකි. ඒ අතර, මුදල් ඇමතිවරයා 2017 ජනවාරි මාසයේ පවසා ඇත්තේ රට දැන් මහා ණය උගුලක සිරවී ඇති බවය.

පොළී අනුපාතය

2014 දෙසැම්බර් (එදා) රටේ පොලී අනුපාතයන්, අඩුවීමේ ප්‍ර‍ණතාවයකට යටත්ව, ෙඅඩු සහ ස්ථාවර මට්ටමක පැවතුනි. මාස 3 සිට වසර 30 දක්වා නිකුත් කරන ලද සියලු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල පොලී අනුපාතය 5.7% සිට 9.3% පරතරය තුළ පැවතුනි. එම නිසා, රජයේ පොලී පිරිවැය සෑහෙන මට්ටමකට අඩුවූ අතර, වෙළද ව්‍යාපාර වල පොලී පිරිවැයද සැළකිය යුතු මට්ටමකට අඩු වුනි.

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී රටේ පොලී අනුපාතයන් ක්‍ර‍මක්‍ර‍මයෙන් ඉහල යමින් ව්‍යාපාර අවදානම වැඩි වූ අතර, මූල්‍ය කේෂ්ත්‍ර‍ය ඇතුලු සියලු කේෂ්ත්‍ර‍ වල දිගු කාලීන පැවැත්මට යම් බලපෑමක් එල්ලවන ලදි. 2014 අග පැවතුනු පොළි අනුපාතයන් සමග සන්සන්දනය කරන විට, 2016 දී පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල පොළි අනුපාතයන් සියල්ලන්ම පාහේ ද්විතීය ඉලක්කම් වල පවතින අතර, ඒවා පැවති අනුපාතයන් හා සසදන විට 60% කින් පමණ වැඩිවි ඇත.

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන

2014 දෙසැම්බර් (එදා) 2014 අග වන විට භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 3 ක පමණ සතුටුදායක මට්ටමක පැවතුනි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුතු වලින්, 11.4% ක පමණ ඉහළ අගයක් වුනි.

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන ක්‍ර‍මක්‍ර‍මයෙන් රටින් බැහැරවීම නිසා, බාහිර අංශය දැඩි පීඩාවකට පත්වී ඇත. 2016 අග වන විට විදේශ ආයෝජන, ඇ.ඩො. බිලියන 1.6 පමණක් වාර්තා කිරීමෙන් ගම්‍ය වන්නේ ඇ.ඩො. බිලියන 1.4 ක් (හෝ 47% ක ප්‍ර‍මාණයක්), මේ වන විටත් රටින් පිට වී ඇති බවය. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුතු වලින් 5.5% ක පමණ අගයකි. එනම්, 2014 මට්ටමින් හරි අඩකටත් වඩා අඩුය.
අය වැය පරතරය
2014 දෙසැම්බර් (එදා) ක්‍ර‍මක්‍ර‍මයෙන් අඩු වන ප්‍ර‍ණතාවයක් වාර්තා කරමින් අය වැය පරතරය 2014 වන විට 5.7% දක්වා අඩුවී තිබුණි. 2014 ජූලි මස ජා.මූ.අග පවසා සිටියේ අය වැය පරතරය අඩුවීමේ ප්‍ර‍යත්නය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් සමස්ත අය වැය පරතරය, රජය අඩු කරගෙන ඇති බවය.

2016 දෙසැම්බර් (අද) 2015 දී අය වැය පරතරය 7.4% දක්වා තියුණු ලෙස වැඩි වෙමින් සමස්ත ආර්ථිකයම දැඩි අවිනිශ්චිතභාවයකටද, කැළඹීමකටද ලක් කරන ලදි. 2016 වසරේදීද, මෙම පරතරය 6% දක්වා පමණ වැඩිවීමේ ප්‍ර‍ණතාවයක් දක්නට ඇත. මේ පිළිබදව ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක්ම තමන්ගේ දැඩි කනස්සල්ල ප්‍ර‍කාශ කොට ඇත.
වෙළද ශේෂය සහ බාහිර අංශය

2014 දෙසැම්බර් (එදා) වෙළද ශේෂය සුලු වශයෙන් වැඩි වුවද, විදේශ ප්‍රේශණ, සංචාරක කේෂ්ත්‍ර‍ය, තෙරතුරු තාක්ෂණ ඉපැයිම් සහ මූල්‍ය අංශයට මුදල් ගලා ඒම හරහා එහි අයහපත් බලපෑම ආර්ථිකයට නොදැනුනි. ඒ අනුව, 2014 වසරේදි, ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැනි විශාලතම ධනාත්මක විදේශ ගිණුම් ශේෂය (surplus) වන ඇ.ඩො. මිලියන 1,369, ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලදී.
2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී අපනයන සැළකිය යුතු ආකාරයකට අඩු වූ නිසා වෙළද ශේෂය තව දුරටත් අයහපත් අතට යොමු වුනි. තවද, විදේශ ප්‍රේශණ වල වැඩි වීමක් නොතිබීමෙන්ද, මූල්‍ය කේෂ්ත්‍ර‍ට විදේශ මුදල් ගලා ඒම් අඩු වීම හේතුවෙන්ද, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘණාත්මක විදේශ ගෙවුම් ශේෂය (deficit) වන ඇ.ඩො. 1,489, 2015 වසරේදී වාර්තා කරන ලදි. එමෙන්ම, 2016 වසරේදිද විදේශ ගෙවුම් ශේෂය සෘණාත්මක එකක් වනු ඇතැයි විශ්ලේෂකයෝ ඇස්තමේන්තු කොට ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම

2014 දෙසැම්බර් (එදා) ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය වූයේ “ධනාත්මක” දැක්මක් සහිත BB- ශ්‍රේණියයි. ඒ අතරම, 2014 වසරේදී මෙම ශ්‍රේණිය තව දුරට ඉහල නැංවීම පිණිස, ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රේණිගත ආයතන සමග සාකච්ඡා ආරම්භ කොට තිබුනි.

2016 දෙසැම්බර් (අද) 2016 වසරේදී, ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B+ දක්වා පහත හෙලන ලද අතර, ආර්ථිකයේ දැක්මද “සෘණාත්මක” ලෙස වර්ගීකරණය කරන ලදි. තවද, බැදුම්කර වංචා ඇතුලු තවත් දුර්වලතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම තව දුරටත් පහත හෙලිය හැකියයි බොහෝ දෙනෙකුගේ වර්තමාන විශ්වාසයයි.

ඉහත පෙන්වා දි ඇති කරුණු අනුව, පැහැදිළිවම පෙනී යන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර දෙක තුළදි ඉතා අයහපත් ලෙස කළමණාකරණය වීම තුළින්, අද වන විට දැවැන්ත අර්බුධයකට මුහුණපා සිටින බවය. මේ බව සනාථ කරමින් බ්ලූම්බර්ග් ආයතනය විසින් පසුගිය සතියේදී නිකුත් කරන ලද “ගෝලීය අවදානම්” වාර්තාව අනුව, ශ්‍රී ලංකාව අධි ආයෝජන අවධානම් ඇති රටක් ලෙස හදුන්වන ලදී. එම වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට, රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 67 වැනි මට්ටම වන අතර, එම මට්ටම මෑතකදී ආර්ථික අර්බුධ වලට මුහුණ දුන් ග්‍රීසියටත් වඩා මට්ටම් 20 කින් පසු පසින් පිහිටීම කණගාටුදායක කරුණකි. තවද, “ව්‍යාපාර කිරිමේ පහසුකම් දර්ශකය” (Ease of Doing Business Index) සහ “දූෂණය පිළිබද මතය” (Corruption Perception Index) දර්ශකය අනුව, ශ්‍රී ලංකාවේ මට්ටම සැළකිය යුතු ලෙස අයහපත් දිශාවකට වැටී ඇති බවද වාර්තා වි ඇත.

තත්ත්වය මෙසේ තිබියදී, තමන්ගේ පෞද්ගලික විශ්වසනීයභාවයද දැඩි ලෙස පලුදු වී ඇති සමහර ඇමතිවරුන් අප රටේ ආර්ථිකය යහපත් යයි කොපමණ උදම් ඇනුවත්, මෙම අයහපත් ආර්ථික තත්ත්වය සහ අසුබවාදී ව්‍යාපාර මතය නොවෙනස්වනු ඇත. එම නිසා, ඔවුන් දැන් කළ යුත්තේ අසත්‍ය ප්‍ර‍කාශන ලබාදීමවත්, ලාබාල “නිදහසට කරුණු” ඉදිරිපත් කිරීමවත්, පසුගිය පාලනතන්ත්‍ර‍ට වෛරීව සහ ඊර්ෂියාකාරීව චෝදනා නැගීමවත් නොවේ. එවැනි බොළද ක්‍රියාවලියන් තුළින්, තම පාලනයේ දුර්වලතාවයන් හෝ නොහැකියාව තව දුරටත් වසන් කරගත නොහැක. එසේ නම්, වර්තමාන පාලනතන්ත්‍ර‍ය දැන් කළ යුත්තේ පවතින අයහපත් තත්ත්වය ප්‍රායෝගිකව හදුනාගෙන, සිදුවන්නට යන දැවැන්ත විනාශය අවම කර ගැනීමට දියත් කලයුතු සියලු ක්‍රියාමාර්ග දියත් කිරීමය. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද අප රටේ ආර්ථිකය භාජනය කොට ඇති මේ “අංග සම්පූර්ණ කුණාටුව” (perfect storm) මුලු රටම වෙලාගනිමින්, අප රට විශාල විනාශයකට ගොදුරු වීම නැවැත්විය නොහැක.

– Ajith Nivard Cabraal FB

11,700 Viewers

7 Comments to “ශ්‍රී ලංකාව ආසියාවේ ඉහලම ආර්ථික වර්ධනයක් ඇති රටක් යයි එදා IMF කිවුවා – අජිත් නිවඞ් කබ්රාල්..”

  1. kumara says:

    These should be present more user friendly way. graphs table (two columns fro MR and MS eras.

  2. Perera says:

    හොරා කාල කාල තව බොරු පලන හැටි. යකෝ තොපි හොරා කාපු සල්ලි ටික දීපිය, අපි කරලා පෙන්නන්න.

  3. Bobby Pereira says:

    Yes Mr. Cabraal,
    You did a great job with MR at the helm. Sad, the Sri Lankan fools did not appreciate you all. Now they are paying the price. Good for them.

  4. Nawoda says:

    Pererala wage modayo dethun denek hitiyanam hondai sankya lekana balalada kathakaranne? Modakamada ehema nathnam lajjawada ehemath nathnam kapatikamada?

  5. Fernando says:

    Now he can tell whatever he wants. They are one who responsible for this situation. Government should reacquire the public wealth from these people

Main News