ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය රන් අකුරින් ලියැවෙයි.. හිටපු අගවිනිසුරු පුරවැසියෙකු ලෙස විනාඩි 45ක් අති ප‍්‍රබල තර්ක ගෙනේ..

October 9, 2017 at 9:37 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය රන් අකුරින් ලියැවෙයි.. හිටපු අගවිනිසුරු පුරවැසියෙකු ලෙස විනාඩි 45ක් අති ප‍්‍රබල තර්ක ගෙනේ..

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිමෙන් පසුව අද එම නඩුව සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට හා ඒ සම්බන්ධව විරෝධය දැක්විමට අදාළ පෙත්සම්කරුවන් හා ඊට අදාළ පාර්ශවයන් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය කැදවා තිබුනි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකු හමුවේ කැදවු අවස්ථාවේදි රජය නිතීපතිවරයා වෙනුවෙන් අතිරේක නීතීපති සංජය රාජරත්නම් විසින් පෙත්සම සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කල අතර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම කරුණු අනුව මෙම පෙත්සම නොසලකා නිශ්ප්‍රභා කරන ලෙසයි.

එමෙන්ම එයට සහයෝගය දක්වමින් දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාගේ පෙත්සමට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරිමට උත්සහ ගත්තත් ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල එයට අවස්ථාවක් නොදි පුරවැසියෙකු ලෙස සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාට නීතිපතිවරයා ගෙනහැර දැක්වු කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව දුනි.

එහිදි ඉතා පැහැදිලිව තීතිපතිවරයා වෙනුවෙන් ගෙන ආ තර්කවලට විනාඩි 45 ක් පමණ වාචිකව පිලිතුරු දීමේ ඓතිහාසික අවස්ථාව ඒ අනුව හිටපු අගවිනිසුරුවයාට හිමිවිය. කිහිප අවස්ථාවක්ම ඔහුගේ කරුණු ඉදිරිපත් කිරිම හමුවේ දැඩිසේ බාධා කිරිමට දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් උත්සහ ගත් අතර විනිසුරුවන්ගේ අවවාද හමුවේ සමාව අයැද ඔහු නිශ්ශබ්ද විය.

අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ පි සුමන්තිරන්ට ද විනාඩි 5 ක කරුණු ඉදිරිපත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබදුන් අතර ඔහුගේ තර්කය වූයේ “2003 වර්ෂයේදි අගවිනිසුරු සරත් එන් සිල්වා විනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මුදල් පනතක් පාර්ලිමේන්තුවේ අනුමත කරගත් අවස්ථාවක ඊට බැංකු පනතට සම්බන්ධව සංශෝධනයන් එකතු කිරිමක් කර තිබු බවත්, ඒ සම්බන්ධව මෙවෙනි මූලික අයිතිවාසිකම් නඩුවකදි ම ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන්ගේ තීරණය වූයේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වීමෙන් පසුව කථානායකවරයා සහතික කල පසු එය නීතියක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට එයට මැදිහත් වීමට නොහැකිය යන්න” ය.

එහෙත් එහිදි කරුණු දක්වමින් සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කලේ තමා ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතිය හා පරමාධිපත්‍යය සම්බන්ධ කරුණක් බැවින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එය නීතියක් බව තමා පිලිගත්තත් පසුගිය දා පලාත් සභා මැතිවරණය සම්බන්ධ සම්මත කරගත් පනත සම්පූර්ණයෙන්ම ජනතාවට ගැසට් කොට ඉදිරිපත් කල කෙටුම්පතට පරිභාර එකක් බවයි. එමෙන්ම මෙම හේතුව නිසා උතුරු මැද, සබරගමුව, හා නැගෙනහිර නිසියාකාරව පැවත්වීමට නියමිතව තිබු පලාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් ගොස් ඇති බවයි. එම නිසා එම අවස්ථාවේදි තිබු වලංගු නිතිය අනුව නිසියාකාරව මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර දෙන ලෙසත් අවශ්‍යනම් අනාගතයේදි මෙසේ සම්මත කරගන්නා නිතී අනුව ඡන්දය පැවත්වුවාට ගැටලුවක් නොමැති බවයි.

මෙම කරුණු සලකා බැලු ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වෙනිදා නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කලේ ය.

56,081 Viewers

24 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය රන් අකුරින් ලියැවෙයි.. හිටපු අගවිනිසුරු පුරවැසියෙකු ලෙස විනාඩි 45ක් අති ප‍්‍රබල තර්ක ගෙනේ..”

  1. ඇත්ත says:

    පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 4 (ඉ) ව්‍යවස්ථාවට ඇතුළු කර ජනතා පරමාධිපත්‍ය පළාත් සභා වලට ලබා දීමේ අර්ධ ෆෙඩරල් වාදීන්ගේ උත්සාහය පරාජය කළ යුතුය.

    • keerthi says:

      චන්ද්‍රිකාගේ පැකේජ් එකේත් 4ඉ ව්‍යවස්ථාවේ පළාත් සභාවලට පරමාධිපත්‍ය ඡන්ද බලය දීලා තියෙනවා….දෙමළ ජාතික සංදානේ සුමන්තිරන් හදන්නේ මේ සත්‍ය එළිදරව්වීම වළක්වන්නයි…ජනතාව වහාම චන්ද්‍රිකාගේ පැකේජ් එකේත් 4ඉ ව්‍යවස්ථාව කියව ගනිමු..

  2. saman says:

    අනේ ඔය ලොක්කගේ තර්ක.

    • sira says:

      ඒ කියන්නෙ උඹ ගාව තියනව ඊට වඩා ප්‍රබල තර්ක​?අනේ සමන් උඹ කවුද බං?

      • Somapala says:

        Ane siro..ridila wage

        • CORBRA says:

          සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුතුමාට අපේ උත්තමාචාරය ..ප්‍රණාමය
          අපේ රට ජාතිය වෙනුවෙන් ඔබතුමා සිදුකල /සිදු කරන උතුම් සේවය අපි අගය කරමු

        • රාජපති says:

          Owu, owu, sirage hitha hondhatoma ridhila Co-operative election results ahala, dhekala.
          Hadhissiyenma pawulath ekka Thiripathi giye eka hindhayi

    • Open mind says:

      ඇයි උඹ ඊටත් වඩා උගතෙක්ද?
      නැත්නම් උඹ සුමන්දිරන්ගෙ රෙදි අපුල්ලන එකාද?

    • Fyhg says:

      Umbata nam tharkayak ne wage..

      Thappulanawa wage saddayak thamai ehenne..

    • wijebahu says:

      Moo avilla hitapu agavinisora. moo Mahindawa sunami wanchawen galawagatha kiyala rata purama kiya kiya giya thakkadiya. dan mooge mole kachal.

      • kamalsiri kuruwita says:

        ඔය පහු ගිය මගුල් නෙවෙයි බං, මුන් මේ දැන් රටට කරන්න යන විනාසය බලපන්. ජාතකේ හොඳ නම් ඔලුවක් මොලයක් කියල දෙයක් තියේ නම් රටට වෙන්නයන කොටින්ට ඕන වෙනසේ මුල් පියවරනේද මුන් මේ බලෙන් ජනතාව මත පටවන්න හදන්නේ.

        • maraya says:

          dan mooge ‘wijebahuge ‘ mole kachal…..
          .Muslim Fanatic wijebahu is a tiger supporter

          • Asoka says:

            wijebahu නම ආරූඩ කර ගත්තට ඌ අර සිංහල කොටිය; නට් කේස් වික්‍රමබාහු කරුණාරත්න.
            මූ කොටින්ට කඩේ ගිහින්ල මිනිස්සුන්ගෙන් කීප සැරයක් ගුටි කෑව.
            ඒත් ලැජ්ජ නෑ. අර ගම් ඌර ඇදෙන්නෙම කසල
            ගොඩටයි කිව්ව වගේ මූ ඇදෙන්නෙම ඊලම් අශූචි
            ගොඩට.

  3. NARAYANA says:

    We thank you for former CJ Hon. Sarath N. Silva. This is the country which has speaker who doughter got punished by the god for his durty work and officers who got motor cars from vehicle importers supporting to their FR caees. How can they be work for people of this country. OBTA PIN AGAVINISURU MATHIDUNI

  4. Raawanaa says:

    A person who helped for helping hambanthota

  5. yasmin says:

    පස්සේ කියන්න එපා, මට සමවන්න​. මට සමාවන්න​. මහින්ද හොරෙක් කියලා

  6. Sirisena Yatawara says:

    People sovereignty is right to vote is above privileges of Speaks of the Parliament >
    While by TNA member of Parliamentary political are anti-establishment outfit did not confidence of right to votes? That is why LTTE back TNA in court house?

    • සිරිබිරිස් says:

      සිංහලෙන් ගහල Google Translation එකට දාල ගත්තත් මීට වඩා හොඳ ඉංග්‍රීසියෙන් එනව. දන්න සිංහලෙන් ලියපංකො කියවන මිනිස්සුන්ට වද නොදී.

  7. Sirisena Yatawara says:

    In my view that MP of TNA Sumanthrain of TNA anti-Establishment political party has as lawyer no knowledge of reading history of law had been grown and developed in England?
    Look at and read 1628 Petition of Right by an act of Parliament petition of common consent of against King of England . Same right has been rise by ex-Chief Justice in supreme Court recently?
    MP TNA is read books of Guns not that Rule of Law that has not in study in his book of Law?
    Petition of Right is fundamental pillar of Democracy of Justice?

  8. රාහුල කොලුවා says:

    ඡනතාවගේ පරමාධිපත්‍ය රැක ගැනීම පිනිස ඔබතුමා ගන්නා උත්සාහයට අපේ ගෞරවය…

    • deesa premiya says:

      mee aanduwa kara kiayan deewal walata sahaya pala wanne kaagenda? ridenne kaatada? kiyana eken terenawa mee aanduwa kaage uwamanaawan pirimahanawada kiyala? sarath mahaththayoo lankaawatama konda pana thiyena eka minihai hitiyee ratee minissu wenuwen kathaa karanna oba seestai sinhala jaathiye sri vibuuthiya raka ganna obata pin…..

  9. Ruckshan Perera says:

    ලංකාවේ අදිකරනයට කෙලවපු , තීරණ ඔක්කොම දේශපානය කරපු , මානසික ලෙඩෙක් වෙච්ච , එකෙක් මොන තර්ක ගෙනාවත් වැඩක් නැ .

  10. පුරවැසියා says:

    අතීතයේදී වැරදි කරන්න ඇති. නමුත් අද මේකරන්නේ රට ජාතිය බේරාගැනීමේ උත්සාහයක් නේද? ඇයි හොද දෙයක් කලහමත් ඒ දිහි වැරදියට බලන්නේ?

Leave a Comment

Main News