ශිෂ්‍ය බටයෝ 1875 දෙනෙක් විසිර යති…

July 30, 2018 at 2:05 am | lanka C news
ශිෂ්‍ය බටයෝ 1875 දෙනෙක් විසිර යති…

රන්ටැඹේ ජාතික ශීෂ්‍ය බට බලකායේ පුහුණුව ලද බලකා හතරක විසිරයාමේ පෙළපාලිය හා උත්සවය රංටැඹේ පුහුණු පාසලේ දි ඉකුත්දා පැවැත්විනි.

දිවයිනේ පාසල් රැසක ශිෂ්‍යභට කණ්ඩායම් 25 කට අයත් සාමාජිකයෝ 1875 ක් විසිරයාමේ පෙළපාලියට සහභාගී වුහ.

යාපනය,කිලිනොච්චි,ත‍්‍රිකුණාමලය,මාතලේ ඇතුළු පාසල් 25 කට අයත් පාසල් දරුවන් සදහා සතියක නේවසික ක‍්‍රියාකාරකම් මෙන්ම අවිසරඹ,පාසරඹ,ශාරික අභ්‍යාස,භුමි උපක‍්‍රම මේනම අවි පුහුණුව වැනි හමුදා විෂ්‍යන්ට අතිරේකව පුද්ගල සංවර්ධන සහ චරිත සංවර්ධන ඇතුළු ගුණාත්මක විෂ්‍යන් රැසක් යටතේ පුහුණුව ලබාදීම පාසාල් දරුවන්ට හිමිවිය.

විසිරයාමේ දී සරඹ සංදර්ශන වලින් රංටැබේ පුහුණු පාසල විචිත‍්‍රවත් කරමින් පාසල් දරුවන් සිය දස්කම් දැක්වූහ.

සුව්ශේෂි විෂය භාහිර කි‍්‍රියාකාරකම් ලෙස ක‍්‍රීයාත්මක ජාතික ශිෂ්‍ය බට පුහුණුව මගින් වසරකට ශිෂ්‍ය ශිෂ්‍යාවියන් ශීෂ්‍ය බට සිසු සිසුවියන් ලෙස හතලිස් දහසකට අධික පිරිසක් පුහුණුව ලබා රංටැඹේ පුහුණු පාසලින් පිටව යති.

– ඉන්දික අරුණ කුමාර

1,868 Viewers
Main News