ශ‍්‍රිලනිපයට එජාපයෙන් ටියුෂන් දෙන්න චන්ද්‍රිකා හැදු වැඩසටහන මෛත‍්‍රී කැන්සල් කරයි..

February 17, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිපයට එජාපයෙන් ටියුෂන් දෙන්න චන්ද්‍රිකා හැදු වැඩසටහන මෛත‍්‍රී කැන්සල් කරයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මේ සති අත්තයේ ශ‍්‍රීලනිප ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ වැඩමුළුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා තිබේ.

හිටපු ජනපතිනිය මෙම වැඩමුළුව සූදානම් කර තිබුනේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වන අතර ඊට ශ‍්‍රිලනිප ඇතැම් මන්ත‍්‍රින් විරෝධය පල කර තිබින.

මෙම වැඩමුළුවේදී මහ බැංකු අධිපතිවරයා විසින් ආර්ථික අර්බුදය ගැන හා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දේශන පැවැත්වීමට සූදානම් කර තිබින.

මේ අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ එජාප මන්ත්‍රීවරයකු විසින් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට උපදෙස් ලබා දීම එම මන්ත්‍රීවරුන් හෑල්ලු කිරීමක් සේ සැලකිය හැකි බවයි.

16,461 Viewers

5 Comments to “ශ‍්‍රිලනිපයට එජාපයෙන් ටියුෂන් දෙන්න චන්ද්‍රිකා හැදු වැඩසටහන මෛත‍්‍රී කැන්සල් කරයි..”

  1. pp says:

    ane oyalata thawa hallo wenda deyak ithoro wela thiyanawada hitan.

  2. Desapremiya says:

    බටකොළ ආච්චි ඔය අතරට කලවැද්දටත් කියල ඔතන දේශනයක් දෙන්න තිබුනානම් නියමයි. සියල්ල සර්ව සම්පුර්ණයි.

  3. Champa says:

    Exactly. Why should SLFP Parliamentarians, mostly senior and more experienced than UNP MPP, go for lectures on the Constitution, conducted by an NGO funded UNP MP who is instrumental to formulate it?

    The Central Bank Governor addressing the Parliamentarians about the economy is also hilarious. He should be in office working for a solution to overcome the economic crisis. He was appointed to the post to find solutions and bring the economy to the right track by taking remedial measures, not to go around addressing the people.

  4. jayamal says:

    ජනපති සිරිසේන මේ වතාවේ හරි. චන්ද්‍රිකා සමඟ එකතු වී පක්ශයත් රටත් දෙකම කෑවා දැන් හොඳටෝම ඇති. නව අරුතකින් නව එලියකින් රට සහ ජනතාව දෙස බලන්න දැන් කාලය ඇවිත්. නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවමින් රට කැබලි වලට කඩන බුදුසසුන වනසන ව්‍යවස්තාවට මේ රටේ දැන් ඉන්න ජනතා භාරකාරයා හැටියට ජනපති විරුද්ධවිය යුතුමයි. ජනතා බලය මුලුමනින්ම අහිමි වන දේශපානඥයකුට අත්වන ඛේදජනක ඉරණම එවිට ඔබට හිමිවන එකක් නැහැ.

  5. ඔය දේෂනාවට වැඩිය මලගිය ප්‍රාණකාරයෙකුගෙන් උපදෙස් ගත්තානම් හොඳය ඔය චොව්‍රර රැජිනගේ උපදෙස් අරගෙන මෛත්‍රී කිචවී ඇතිබව අපට පැහැදිලිය​?

Main News