ශ‍්‍රි ලංකාවට මහ අවමානයක්.. 2019 ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

July 12, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රි ලංකාවට මහ අවමානයක්.. 2019 ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

සිම්බාවේ සමග පැවති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග පැවති ප‍්‍රසාද ලකුණු 05ක් අඩු කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදිය යුතු තත්වයකට පත්වීමේ අවදානම් තත්වයකට පත්ව සිටී.

මීලග ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන්ම තරග වැදීමට නම් එළැඹෙන සැප්තැම්බර් 30 වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 08 දෙනා ඇතුලත සිටිය යුතුය.

ප‍්‍රසාද ලකුණු 88ක් ගෙන තවමත් 08 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින බටහිර ඉන්දීය කොදෙවු පිල ප‍්‍රසාද ලකුණු 78ක් ගෙන සිටී.

සැප්තැම්බර් 30ට පෙර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිත අතර කොදෙවු පිලද එංගලන්තය සමග තරගාවලියටකට සහභාගී වෙයි.

මේ තත්වය මත ඉන්දීය තරගාවලිය තුල දැවැන්ත ජයග‍්‍රමණයක් වාර්තා කිරීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදීමේ අවමානයකටද මුහුණ දීමට සිදුවෙයි.

යම් හෙයකින් එම සුදුසුකම් ලැබීමේ වටයේදී සිම්බාවේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල් සමග තරග ජයගත නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලියට තකරග වැදීමේ අවස්ථාව අහිමි වනු ඇත.

දැනට එක්දින ශ්‍රේණිගත කිරීම මෙතනින්

18,553 Viewers

4 Comments to “ශ‍්‍රි ලංකාවට මහ අවමානයක්.. 2019 ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක්..”

  1. asaranaya says:

    හඩුපාලන ගොයියන්ගේ දේවශාපය.කිරිකැට් ලෝලයන්වු අපටත් මුන්ගේ ශාපය වැදීලා,
    මහින්ද ද, කිරිකැට් මන්ඩලේ සබාපති, නිකම්ම ඒ ගිනුමට දාන්න පුලුවන්, මෝදර මෝය කට වගෙ

  2. kushan says:

    ජනාධිපති තුමනි ෆයිනල් මැච් එක බලන්න එන්න එපා කියපු යූඇන්පී අවලමුන්ට දැන් සනීපද?

  3. silva says:

    hapooi rilawta giya cricket

  4. රටට හිතවත් says:

    ලංකාවෙ ක්‍රිකට් ගොඩ ගන්න නම්, මුලින්ම පාසල් ක්‍රිකට් මුලින්ම වෙනස් කල යුතුයි! එතන තියෙන්නේ නිකම්ම නිකං “සංග්‍රාමයක්” විතරයි. ආදර සංග්‍රාම, ලේ සංග්‍රාම, උඩ රට, පහතරට, මැද රට, අර රට, මේ රට…..ආදී මෙකී නොකී ඔක්කොම සංග්‍රාම! හැබැයි වැඩේ කියන්නේ, මේ ඔක්කොම සංග්‍රාම තියෙන්නේ එක්කෝ ක්‍රීඩා ගාරේ! එහෙම නැත්නම් මහ පාරේ, බස් ස්ටෑන්ඩ් එකේ!! පිටිය මැද කිසිම සංග්‍රාමයක් නෑ!! පිටිය මැද එක කට්ටියක් බොලේ එවනවා! අනික් කට්ටිය ඔය බෝලෙට තට්ටු දදා හවස් වෙනකං කාලේ ගත කරනවා! දවස් දෙකම ඔහොම තමයි! අන්තිමට සැවොම “සතුටින්” විසිර ගියෝය! ඕකද ක්‍රිකට් කියන්නේ! ඔහොම කරලා කවද ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සුදුසුකම් තියෙන, තත්වයෙන් උසස් ක්‍රීඩකයෙක් හදන්නන්ද! පිස්සු!!!

Main News