ශ‍්‍රි ලංකා තේ ජපානය ප‍්‍රතික්‍ෂෙප කරයි.. යුරෝපා රටවල්ද ප‍්‍රතික්‍ෂෙප කිරීමේ දැඩි අවදානමක්..

April 28, 2018 at 10:00 am | lanka C news
ශ‍්‍රි ලංකා තේ ජපානය ප‍්‍රතික්‍ෂෙප කරයි.. යුරෝපා රටවල්ද ප‍්‍රතික්‍ෂෙප කිරීමේ දැඩි අවදානමක්..

ශ්‍රී ලංකාවෙන් නැව් ගත කරන ලද තේ කිලෝ මිලියනක පමණ ප්‍රමාණයක් ජපානය විසින් ප්‍රතික්ෂේප කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියා සිටී.

දැනට තහනමට ලක්කර ඇති එම්.සී.පී.ඒ. නැමති රසායනය ප්‍රමාණය ඉක්මවා එම තේ තොගයෙහි අඩංගු වී ඇතැයි කියමින් ජපානය ඒවා ප්‍රතික්ෂේප කර තිබෙන අතර එහි පාඩුව රුපියල් කෝටි සියයකට වැඩි බව සභාපති ලුසිල් විජේවර්ධන මහතා පවසයි.

තේ වගාවේ වල් නාශකයක් ලෙස මෙරට භාවිතයට ගත් ග්ලයිෆොසේට් තහනම් කළ පසු ඒ සඳහා විකල්පයක් ලෙස එම්.සී.පී.ඒ. භාවිතා කරන හෙයින් මෙම අර්බුදය ඇති වී තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

මෙරට දී ජපානය ප්‍රතික්ෂේප කිරීම බරපතළ ගැටලුවක් බවත් ඉදිරියේදී යුරෝපා රටවලින් පවා ශ්‍රී ලංකා තේ ප්‍රතික්ෂේප වීමේ දැඩි අවදානමක් තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා තවත් වසර දෙකක පමණ කාලයකට වත් ග්ලයිෆොසේට් භාවිතා කිරීමට අවසර ලබා දෙන්නේ නම් එ්වා වගකීමෙන් භාවිතා කරන බවට සහතික විය හැකි යැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ වල් නාශක අතර අඩුම අහිතකර රසායනිකයන් අඩංගු වන්නේ ග්ලයිපොසේට් වල බවයි.

8,832 Viewers

3 Comments to “ශ‍්‍රි ලංකා තේ ජපානය ප‍්‍රතික්‍ෂෙප කරයි.. යුරෝපා රටවල්ද ප‍්‍රතික්‍ෂෙප කිරීමේ දැඩි අවදානමක්..”

  1. අමෙර් says:

    රතන හිමිට සන්තෝශ ඇති. ඔය සාධු හැමදාම කළේ ඕකයි.

  2. Ranasinghe says:

    1ST We have to find out the facts is correct or not

  3. Love nature says:

    Tea is a fertilizer.

    The tea leaves, once brewed can be used as an addition to either compost or the soil around a plant and that’s good for them.

Main News