ශ‍්‍රීලනිපයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරේ.. කලින් කියූ ලොකු සීන් කිසිවක් මධ්‍යම කාරක සභාවේදී නෑ..

May 18, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරේ.. කලින් කියූ ලොකු සීන් කිසිවක් මධ්‍යම කාරක සභාවේදී නෑ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේදී ජනාධිපති නිල නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වින.

එහිදී තීරණය වී ඇත්තේ ශ‍්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට පෙර තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමටයි.

එම තාවකාලික නිලධාරී මණ්ඩලය ජුනි මස 03 වන දා පත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

කෙසේ වෙතත් ශ‍්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් එහිදී තීරණයක් ගෙන නැති අතර ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගැනීමට තීන්දු කර ඇතත් ඒ කවදාදැය් තීරණය කර නැත.

මේ අතර වාර්තා වන්නේ ජාතික ආණ්ඩුවේ ඉන්නේද ඉවත් වන්නේද යන තීරණය ගැනීම මධ්‍යම කාරක සභාවේදී නොව සමස්ථ ලංකා විධායක සභාවේදී සිදු කිරීමේ සූදානමක් ඇති බවයි.

වාර්තා වන ආකාරයට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට සමස්ත ලංකා විධායක සභාව තුල ඇත්තේ ඉතා සුළු බලයකි.

23,050 Viewers

5 Comments to “ශ‍්‍රීලනිපයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරේ.. කලින් කියූ ලොකු සීන් කිසිවක් මධ්‍යම කාරක සභාවේදී නෑ..”

  1. මුන්ට පිස්සු බං says:

    අවුරුදු පහ ගතවෙනකම් – රනිල් ගේ අඩි පාරේ සුටන් යනවා වලක්වන්න කාටවත් බැහැ. අන්තිමට කුම්බලා මාළු ගද විතරයි ඉතිරි වෙන්නේ. me කාලේදී මහා ජාතිය බලු වෙලා කටු උර උරා ඉදිවී. ලොක්කන්ගේ ලොක්කියන්ගේ කක්කුස්සි වලට ලක්ෂ 57 මදි වෙව්වී. රත්තරන් අශ්වයෝ වෙනුවට රත්තර කිකිලියෝ රත්තරන් කක්කා දමාවි අනේ මගේ පස්ස පැත්ත….ඌඉ….ඌඉ…

  2. ExUNPer says:

    ඒ දවස්වල මහදැනමුත්ත ගොන් වැඩ කලේ එයාගෙ මොලෙන් !
    මේ දවස්වල මහදනමුත්ත සහ ගොබ්බයො සෙට් එකම වැඩ කරන්නෙ ඩයස්පෝරා මොලෙන් !
    පහත් පාපකාරී බූරු රැල ඕන දෙයක් කරගනිල්ලා !
    හැබැයි අපේ රට විනාස නොකර !

  3. sarath says:

    This 16 will never leave MS. They are on the fence but their Amude is well tide to the fence.

  4. රාහුල් කොලුවා says:

    2019 දී ඇන ගත්තට පස්සේ තමයි නියම සිහිය එන්නේ මොකක්ද අපිට මේ වුනේ කියලා… එතකං ඉන්නේ අවසිහියෙන්…ඔහොම යන තරමට හොඳයි…

  5. Rupa says:

    කමක් නෑ. තාවකාලිකවනේ. ඔය පක්ශයත් 2015 යූ එන් පී එකේ පිහිටෙන් ජනපති කම ගත් දා සිටන් ඉඳල තාවකාලික තමයි.

Leave a Comment

Main News