ශ‍්‍රීලනිපයත් එක්ක අපි මේ කරන්නේ ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක්..

January 7, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපයත් එක්ක අපි මේ කරන්නේ ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක්..

වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා පත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බවත් ඔහුට කලට වෙලාවට ගොවීන්ට පොහොර ටිකවක් බෙදා දීමට බැරි බවත් රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර කියයි.

ඔහුට එදා පොහොර වවුචරය බෙදා දෙන්නට බැරි සේම නියගයෙන් කන්න තුනකට පසුත් පොහොට ටික දී ගන්නට බැරිව ඇති බවද ඔහු සදහන් කරයි.

කෘෂිකර්ම ඇමතිවරයා ශ‍්‍රීලනිපයෙන් වුවත් චෝදනාව එන්නේ අගමැති රනිල් ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට බවටත් ඇමතිවරයා කියයි.

කරුවලගස්වැවදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග එක්ව එක්සත් ජාතික පක්‍ෂය මේ කරන්නේ ආණ්ඩුවක් නොවන පාණ්ඩුවක් යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

4,274 Viewers

2 Comments to “ශ‍්‍රීලනිපයත් එක්ක අපි මේ කරන්නේ ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක්..”

  1. බන්ඩා says:

    ගන්ජ දුමියා බෙදුවෙ සබීතට විතරය් මහ බැංකුව මහ දවල් හොරා කාපු උන්ට කෘෂිකර්ම අමාතයන්සය බාර දුන්න නම් රටේ සමනල්ලු ඹක්කොටම වී ටික නොමිලේම බෙදනවා සහතිකය්.

  2. Herman says:

    Forest paaluwa

Main News