ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන යෝජනා නෑ.. අද මධ්‍ය කාරක සභාවේදී පෙරලි නෑ… 16 පිලත් යයි..

May 17, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන යෝජනා නෑ.. අද මධ්‍ය කාරක සභාවේදී පෙරලි නෑ… 16 පිලත් යයි..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (17 වැනිදා) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගැනීම පිළිබඳව අවිනිශ්චිතතාවයක්‌ මතුව ඇත.

එම මධ්‍යම කාරක සභා රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 වැනිදා) පස්‌වරු 7.00 ට ජනපති නිල නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද පිළිබඳව එම මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණය කරන බව ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා මීට පෙර ප්‍රකාශ කර තිබුණත් කළ විමසීමකදී හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ එවැනි යෝජනාවක්‌ පිළිබඳව එහිදී කතා කරන්නේවත් නැති බවය.

එවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙන බවත් එහෙත් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නෙ නැති බවත් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මූලික කරගෙන මධ්‍යම කාරක සභා රැස්‌වීම අද පැවැත්වෙන බවත් ඒ මහතා කීය.

ආණ්‌ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමැති ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ ශ්‍රීලනිපය ආණ්‌ඩුවෙන් ඉවත් වීම පිළිබඳව අද තීරණයක්‌ ගන්නා බවයි.

අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ඒ පිළිබඳව තීරණයක්‌ ගන්නා බව ජනාධිපතිවරයා පසුගිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ප්‍රකාශ කළ බවත් ප්‍රතිපත්තියක්‌ තියාගෙන ශ්‍රිලනිපයට තවදුරටත් ආණ්‌ඩුවේ සිටීමට නොහැකි බවත් වීරක්‌කොඩි මහතා ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුවෙන් ඉවත් වූ හිටපු රාජ්‍ය ඇමැති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි යන යෝජනාව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් එවැනි යෝජනාවක්‌ සම්මත කර ගැනීමට කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව තමන් දන්නා පරිදි නම් තීරණයක්‌ ගෙන නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.

ආණ්‌ඩුවෙන් ශ්‍රීලනිප පාර්ශවය ඉවත් විය යුතු බවට යෝජනාවක්‌ ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගිය සතියේ භාරදී තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආණ්‌ඩුවෙන් ඉවත්වන්න ශ්‍රීලනිපයටත් තමන්ටවත් කිසිම අවශ්‍යතාවයක්‌ නැති බවයි.

කුෂාන් සුබසිංහ
– divaina

17,610 Viewers

8 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන යෝජනා නෑ.. අද මධ්‍ය කාරක සභාවේදී පෙරලි නෑ… 16 පිලත් යයි..”

  1. Silva CC says:

    මේ 16 කල්ලිය යටට අන්දලා ඉන්නේ මොනවාද කියල පොඩ්ඩක් පරීක්ෂා කරමුද…?

    ෂුවර් එකටම අලුත්ම මොස්තරේ මල් මල් හැඩ තියෙන ඉස්තරම් කාන්තා යට ඇඳුම්….!!!

  2. Samuvel says:

    දැන් මුන්ට හිතිල ඇති හිටපු විදියට දෙන දෙයක් කාල ඇමති කමේ හිටියනන් කියල. අපොයි වෙච්චි දෙයක්. මේ පුස්සෝ ටිකට මග හිටියොත් තෝ නහී . ගෙදර ගියොත් තෝ අඹුත් සමග නහී. ඉතින් මුන්ට තියෙන්නෙ දැන් මග ඉඳන් නහින එක තමයි.

  3. Sumith says:

    Mun okkoma patta kebarayo. JO mun ekka ganudenu ithama parissamin karanna wenawa.. Ona wela thiyenne pohottu chanda tika kadagena ayeth deth shakthimath karanna yannai. Ekek vishwasa karanna epa.

  4. ExUNPer says:

    Shameless Super idiots! Postponing and escaping seems to be their hobby.
    They do not care about principles, people, country !
    They care only about eating grass and how to become fat!
    Wonder how they live with so much of dishonesty, cheating, while being a burden to the country.

  5. සිංහල කොන්ග්‍රස් says:

    අද රටේ දේසපාලනය මොන තරම් අස්තාවරද කියන එක ජනාධිපති ප්‍රමුඛ ශ්‍රිලනිප අැම්බැට්ටයන් කියන කතා වගින් මොනවට පැහැදිලි වෙනවා

  6. Aba says:

    16 denama parana widiyata choka baila gahanawa wagei!
    Allthese16 are as usual trying as in last 3 years TRYING TO BLUFF SLFPERS IN PARTICULAR AND PEOPLE OF SRILANKA AS A WHOLE!

  7. JANA says:

    Every one has to be more careful about SUKARA BANDA DISANAYAKE. He is only second
    to RAVI K. as a THAKKADI POLITICO. It’s high time to get rid of politico’s like
    RVI K, SUKARA b.dissanayeke, Kunu DATH DOSTHARA RAJITHA, PAKE CHAMPIKA.

  8. mike says:

    Who is this Bitch, What is the right she has to comment on UNP leadership

Main News