ශ‍්‍රීලනිප නායකත්වය නැතුව මේ රටේ පෙරමුණු හදන්න බෑ..

July 11, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප නායකත්වය නැතුව මේ රටේ පෙරමුණු හදන්න බෑ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය තවත් වර්ධනය කිරීම සඳහා දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක බලමණ්ඩල පිහිටුවීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

දකුණු පළාතේ බද්දේගම, අක්මීමන, ඉම¥ව, ඇල්පිටිය, අම්බලන්ගොඩ යන ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙම බලමණ්ඩල පිහිටුවනු ලැබූ අතර නව කාර්ය මණ්ඩල පත්කිරීම්ලක‍්‍රියාකාරී සාමාජිකයින් පත්කිරීම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවා හා වැඩපිළිවෙල සකස් කලයුතු ආකාරය පිළිබඳ මෙහිදී පත්වූ නව නිලධාරීන් හා පැමිණ සිටි ජනතාව දැනුවත් කලහ.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැතුව මේ රටේ පෙරමුණු හදන්න බැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පොලවේ මුල් බැහැපු පක්ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධාර්ෂණික ප‍්‍රතිපත්තිමය හරය නැවත නාග සිටුවිය යුතු කාලය ඇවිත් තියෙනවා. ඉස්සර කලේ පක්ෂයක් මාරු කරලා වෙනත් පක්ෂයකට ගියා නම් කුජීතයි නන්නත්තාරයි පරාදයි.

දැන් එතින් යනවා එනවා උඩ පිලූම් යට පිලූම්. ගබෝස් ලෙන්එකේ එහෙට ගියත් එකයි මෙහාට ගෙයත් එකයි. යු එන් පි යට ඇති පිළිකාව ගජ මුතුරෝ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිකාව පවුල් වාදය. ඒ කලේ යු එන් පි කියන්නේ උන්ගේ නැදෑයන්ගේ පක්ෂය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් උන්ගේ නැදෑයන්ගේ පක්ෂය බවට පත් වෙලා.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූජී ආරියතිලක මහතා, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතා ඇතුලූ දේශපාලන නායකයින් රැසක් සහභාගි වී සිටියහ.

– වජිර කොඩිතුවක්කු

13,042 Viewers

11 Comments to “ශ‍්‍රීලනිප නායකත්වය නැතුව මේ රටේ පෙරමුණු හදන්න බෑ..”

  1. Asaranaya says:

    පිස්සෝ රැලක් ඔල්මාදයෙන් පිස්සු නටති,
    දිය රත්වෙනතුරු කකුලුවෝ දිය කෙලියේපිස්සෝ රැලක් ඔල්මාදයෙන් පිස්සු නටති,
    දිය රත්වෙනතුරු කකුලුවෝ දිය කෙලියේ

    • රටවැසියා says:

      රෙජි මාමා සුරංගනා කතා කියනවද. දැන් එන්නේ දේශපාලකයෝ මිනිස්සුන්ගේ බලේට පරදින කාලේ. දැක්කනේ ඇමරිකාවේ වුනු දේ.

  2. බන්ඩා says:

    පලාත් සභා චන්ද‌ෙ ලඟ ලඟ එනවලු. බලමු ර‌ෙ‌ජියල පියස‌ේනල ශාන්ල ග‌ෙ ගෑවිච්ච කී දනෙකුට පලාත් සභා මංත්‍රි ධූරයක් වත් දිනා ගන්න පුලුවන්ද කියල. සිරා ග‌ෙ ශ්‍රිලනිප ඉවර‌ෙටම ඉවරය් කියල මුන්ට න‌ොවැට‌ෙ‌න හැටි.

  3. Ranjan says:

    Bloody fool. You did not see at the last Local Council elections. What happened to SLFP. No-where

  4. Ranjan says:

    ඉස්සර කලේ පක්ෂයක් මාරු කරලා වෙනත් පක්ෂයකට ගියා නම් කුජීතයි නන්නත්තාරයි පරාදයි. Now what happened at the Local elections. Who lost. You SLFP fellows. Only 7%.

  5. Saradiel says:

    මුන් ඔක්කොම පිං ගොනා ඇමතිලා ගමට යන්න බැරි අය

  6. Samuvel says:

    උඹගේ සමකාලීන කලුතර අපි පොඩ්ඩක් හරි උඹට ගරු කලේ යාපනේ සන්හිඳියාව හදන්න රජය අසමත් වෙද්දී උඹ පොඩ්ඩක් හරි යතාර්තවාදීව ඒකට උත්සාහ කල නිසා. ඒත් මේ කතාව නිසා උඹ නිකම් සවුත්තු වෙනව නේද යකෝ. කට තමයි හොඳට නරකට.

  7. Nim says:

    MONA MODA KATHA WAK DA?

  8. buruputha says:

    Ane yako slfp eke inne nayakayekda? Inne pambayekne. Ithin thopita puluvanda sandana hadanna. Hadapiyavu Maranadara Sandanayak.

  9. හරකෙක් කියන කතා says:

    පිල් මාරු කල හරකෙක් කියන කතා තෝ හිතුවද අපිත් තණකොළ කාලා පුන්නකු බොනවා කියල? දෙන්නම්කො තොටත්.කතිරේ ඔලුවටම ගහල. දැන් එනවා දකුණට කෙලින්න.වල මීමා.

  10. සිරිල් මල්ලී says:

    සෙනගත් හිටියද. නැත්නම් මුන් ටික විතරයි ද?

Main News