ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද.. ආණ්ඩුවෙන් ඉවත් වන තුරු 16 කණ්ඩායම වර්ජනයේ..

September 20, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද.. ආණ්ඩුවෙන් ඉවත් වන තුරු 16 කණ්ඩායම වර්ජනයේ..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

මෙම හමුව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප කණ්ඩායම සහභාගී නොවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසන්නේ ශ‍්‍රීලනිපය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වනතුරු මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී නොවන බවයි.

තම කණ්ඩායම මධ්‍යම කාකර සභාවට සහභාගී නොවන බව ලිඛිතව දන්වා ඇති බවද ඔහු කියයි.

8,556 Viewers

3 Comments to “ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද.. ආණ්ඩුවෙන් ඉවත් වන තුරු 16 කණ්ඩායම වර්ජනයේ..”

  1. sunimal says:

    දැන් ශ‍්‍රීලනිප මරුවා සමග වාසේ

  2. ratawesiya says:

    obala siyaluma dena ratatama epa. harida kalakanni rata keewaa. koti ganan hamba karagatha ewum palayaaaaaaaaaaw

  3. පංච මහා බලවේගය says:

    ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ආදී කිහිප දෙනෙකු හැරුනු කොට, මුළු මහත් ශ්‍රීලනිපය ම එක හඬින් දරන මතය කි.

    දැනට කල් දමා ඇති ශ්‍රීලනිප සමුළුවේදී, ශ්‍රීලනිපය වහාම ආණ්ඩුවෙන් ඉවත් වී 2001 දී රනිල් අගමැති වූ අවස්ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග රනිල් ට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දුන් ආකාරයට, මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති අමාත්‍යාංශ ද ඇතුළුව දැනට ශ්‍රීලනිපයට ලබා ගෙන ඇති සියළු අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂයට බාර දිය යුතු බවට යෝජානාවක් සම්මත කර, ශ්‍රීලනිපය සිරිකොතේ අගුපිළට ඇද දැමීමේ සහ ශ්‍රීලනිපය රනිල් ගේ අනියම් භාර්යාවක් බවට පත් කිරීමේ මෛත්‍රීපාල සිරිසේන ගේ උපාය මාර්ගය පැරදවීමට ශ්‍රීලනිප සාමාජිකයන් සූදානම් බව රට ට පෙන්විය යුතු ය.

Main News