ශ‍්‍රීලනිප සමළුවේදී වැඩිපුරම අත්පොලසන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි…

June 9, 2018 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප සමළුවේදී වැඩිපුරම අත්පොලසන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමේ තීරණයක සිටී නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරු දහසය දෙනා එක්වී ශ්‍රී ල.නි.පයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේදී ජාතික ආණ්ඩුවේ සම්මුතීන් අමු අමුවේ කඩා දැමූ යූ.ඇන්.පී.ය සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් තිබේද යන්න ශ්‍රී ල.නි.පයේ ඉතුරු වී සිටින 23 දෙනාගෙන් තමා අසන බවද හෙතෙම පැවැසීය.

මෙසේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ල.නි.ප.ය ඉවත් නොවී රැඳී සිටීමට තීරණය කර ඇත්නම් එය සිහි බුද්ධියෙන් ගත් තීන්දුවක්ද කියා ගැටලුවක් පැනනඟින බවද පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල.නි.ප මධ්‍යමකාරක සභාවේදීද ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලනිප සමස්ත ලංකා කාරක සභාවේදී වැඩිපුරම අත්පොළොසන් සහ ප්‍රතිචාර ලැබුණේ පක්ෂ නායකවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමේදී බවද මන්ත්‍රිවරයා සිහිපත් කළේය.

පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරවලට පිටුපා ජනතාවාදී නොවන තීන්දුවකට යෑමට ශ්‍රී ල.නි.ප.ය ක්‍රියාත්මක වන්නේ නම් ඒ ගැන තවත් වරක් සිතා බැලිය යුතු යැයිද ඔහු පැවැසුවේය.

මේ තරම් දුර පක්ෂයේ රැඳෙමින් හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකි තැන එළියට පැමිණි දහසයේ කණ්ඩායමේ ස්ථාවරය වන්නේ ශ්‍රී ල.නි.ප.ය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවිය යුතුම බවය. නැතිනම් ශ්‍රී ල.නි.ප.යේ අවසානයත් එයම විය හැකි බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.

– mawbima

15,413 Viewers

6 Comments to “ශ‍්‍රීලනිප සමළුවේදී වැඩිපුරම අත්පොලසන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි…”

  1. Palitha says:

    Dear Weerawansa,

    Align Your Party First Before Find Faults with Others……!!!

  2. Palitha says:

    Chandima Weerakkody is a හුලංබැහැපු පුස්නාම්බුවක්……!!!!

  3. ExUNPer says:

    To be honest…..
    You guys are only barking…
    There is no action….

  4. rambanda says:

    ඔහේල ඕකෙම එල්ලිලා ඉන්න. අපි පොහොට්ටුවට ගිහිල්ල බොහොම කල්, තඹේකට විෂ්වාස කරන්න බැරි වසලයෙක් එක්ක තවමත් සිටිනවා නම් වහාම මාණසික වෛද‍ය වරයෙක් ගෙන් උපදෙස් ගනිල්ලා

  5. Sandy says:

    lewakaawa athida?

  6. Gamarala says:

    Not for 16 cows.entire team has no place tha The grave.

Main News